X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


වසර 25 කදී මාධ්‍යවේදීන් දහසකගේ ජීවිත අහිවිවෙලා

මාධ්‍ය මර්දනය යනු බොහෝ රටවලින් ඇසෙන හුරුපුරුදු වචනයකි.තම වෘත්තීය ආරම්භ කළ දින සිට එය හොදින් මතකේ තබාගත යුතු වචනයක් වන්නේ බොහෝවිට මාධ්‍ය ජීවිතය තුල එවන් සිද්ධීන් වලට මුහුණ දෙන්නට සිදු වන නිසාය.

ආණ්ඩු විරෝධී,මත්කුඩු සහ ජාවාරම් විරෝධී මාධ්‍යවේදීන් හට බොහෝවිට එය අත්විදින්නට සිදු වෙයි.බිය වැද්දීම්,මරණ තර්ජන,පැහැරගැනීම් වැනි සිද්ධීන් නිතරම අපට ලොව පුරා සුලබව ඇසෙන්නට ලැබෙයි.

පහුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාවේද එවන් සිද්ධීන් වාර්තා විය. කෙටියෙන්ම කිවහොත් පසුගිය කාලයේ මාධ්‍ය මර්දනය සුදුවෑන් සංස්කෘතිය ලෙස ද හැඳින් විය හැකිය. ඒ බොහෝ දෙනකුට හිරි හැර කරන්නට හෝ පැහැර ගැනීමට ආවේ සුදුවෑන් වලින් බැවිණි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සදහා වූ කමිටුව විසින් සිදුකරන ලද සමීක්ෂණයක තොරතුරු අනුව 1992 සිට ලොව පුරා මාධ්‍යවේදීන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වී තිබේ. ඉන් 71%ක් ම ඝාතනය කර තිබීම විශේෂත්වයකි.

2015 වසරේ ලෝකයේ මාධ්‍යව්දින් 199කු සිරගත කොට තිබෙන අතර මෙම වසරේ මේ වනතෙක් මාධ්‍යවේදීන් 10 දෙදෙනකුට තම ජිවිත අහිමි වී ඇතැයි එම කමිටුව සඳහන් කරයි.

මාධ්‍යවේදීන් සදහා අනතුරුදයකම රටවල් පිළිබද කළ සමීක්ෂණයක දී එම කමිටුව මෙම තොරතුරු අනාවරණය කොට තිබේ.

එමෙන්ම 2010 වසරේ සිට මාධ්‍යවේදීන්  රටින් පිටුහල් කරන ලද සිද්ධීන් 452ක් වාර්තා විය. ඉන් බොහොමයක් වාර්තා වන්නේ මැදපෙරදිග සහ අප්‍රිකාව දෙසිනි.

මාධ්‍යවේදීන්ට අනතුරුදායක රටවල් අතර 1992 සිට 2011 දක්වා කාලයේ සිදුවීම් වලට අනුව ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේ සිටියි.ශ්‍රී ලංකාවේ 1992 සිට 2011 දක්වා කාලය තුල මාධ්‍යවේදීන් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි එම කමිටුව සඳහන් කරයි. තවද තහවුරු නොකළ මරණ සංඛ්‍යාව හයකි.

ඉන් 63%ක් දේශපාලන පලිගැනීම් ලෙස සිදු කල ඝාතන බව එම කමිටුවේ අදහසයි.මෙම ඝාතන සහ ජිවිතක්ෂයට පත්වීම් අතුරින් වැඩි ප්‍රතිශතයක මරණ වාර්තා වන්නේ 2004-2009 දක්වා කාලයේ දී ය. ජිවිතක්ෂයට පත්වූ අයගෙන් බොහොමයක් පුවත්පත් මාධ්‍යවේදීන් වන අතර ජිවිතක්ෂයට පත් වුවන් අතරින් 84%ක් පිරිමි මාධ්‍යවේදීහු වෙති.

1999 සිට 2009 දක්වා තහවුරු කරන ලද ජ්විතක්ෂයට පත් වූ මාධ්‍යවේදීන්ගේ නාමලේකනය ඔවුන් එළි දක්වා තිබේ. එල්ටීටීඊයට සම්බන්ධ බව කියන මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ද එම ලැයිස්තුවේ වෙති.(මාධ්‍යවේදියාගේ නම,සේවය කළල මාධ්‍ය ආයතනය,මියගිය දිනය සහ ස්ථානය පිලිවෙලින් දැක්වේ)

ශෝබා(ඕලිව්වෙච්චි)- මැයි 18 හෝ 19, 2009, මුල්ලිවයික්කාල් හි දී

පුන්යමුර්ති සත්‍යමුර්ති(නිදහස් මාධ්යවේදී) - පෙබරවාරි 12, 2009, මුලතිව් දිස්ත්‍රික්කයෙදී

ලසන්ත වික්රමතුංග(ද සන්ඩේ ලීඩර්) - ජනවාරි 8, 2009, කොළඹ

රශ්මි මොහොමඩ්(සිරස ටීවී) - ඔක්තෝබර් 6, 2008, අනුරාධපුර දී

පරානිරුපසිංහම් දේවකුමාර් (නිවුස් ෆස්ට්) - මැයි 28, 2008, යාපනයේදී

සුරේෂ් ලින්බියෝ(කොටි හඬ) - නොවැම්බර් 27, 2007, කිලිනොච්චියේදී

ටී තර්මලිංගම්(කොටි හඬ)- නොවැම්බර් 27, 2007, කිලිනොච්චියේදී

ඉසයිවිසී චෙම්පියාන්(කොටි හඬ) - නොවැම්බර් 27, 2007, කිලිනොච්චියේදී

සෙල්වරාජා රාජිවර්ජම්(උදයන්)- අප්‍රේල් 29, 2007, යාපනයේදී

සුභාෂ් චන්ද්‍රබෝස්(නිලාම්) - අප්රේල් 16, 2007, වව්නියාවේදී

සුබ්රමනියම් සුගිතරාජාහ්(සුඩාර් ඔලි) - ජනවාරි 24, 2006, ත්රිකුණාමලයේදී

රේලංගි සෙල්වරාජා(ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව)- අගෝස්තු 12, 2005, කොළඹ දී

ධර්මරත්නම් සිවරාම් (අයිලන්ට්, ඩේලි මිරර්)-අප්රේල් 29, 2005, කොළඹ දී

ලංකා ජයසුන්දර(විජය ප්රකාශන) - දෙසැම්බර් 11, 2004, කොළඹ දී

බල නඩරාජා අයියර්(තිනමුරසු හා තිනකරන්)- අගෝස්තු මස 16, 2004, කොළඹ දී

අයිඅතුරයි නඩේසන්(වීරකේසරී)-  මැයි 31, 2004, මඩකලපුවේදී 

මිල්වාගනම් නිර්මලරාජන්(බීබීසී, වීරකේසරී,රාවය) - ඔක්තෝබර් 19, 2000, යාපනයේදී 

අනුර ප්‍රියන්ත(ස්වාධීන රූපවාහිනී සේවය)- දෙසැම්බර් 18, 1999 කොළඹ දී

ඉන්දික පතිනිවාසන් (මහරාජා) - දෙසැම්බර් 18, 1999 කොළඹ දී

1999 සිට 2009 දක්වා ජීවිතක්ෂයට පත්වූ බවට තහවුරු නොවූ සැක සහිත නාමලේඛණයක් ද ඔවුන් එළි දක්වා තිබේ.  (මාධ්‍යවේදියාගේ නම,සේවය කල මාධ්‍ය ආයතනය,මියගිය දිනය සහ ස්ථානය පිලිවෙලින් දැක්වේ)

සහදේවන් නිලක්ෂන් (චාලරම්) - අගෝස්තු 1, 2007, යාපනයේදී

සින්නතම්බි සිවමහරාජා(නමතු ඊලනාඩු) - අගෝස්තු 20, 2006, යාපනයේදී

සම්පත් ලක්මාල්(සත්දින) - ජූලි 1, 2006, කොළඹ දී

වස්තියන් ඇන්තනි මරියදාස්(නිදහස් මාධ්යවේදී) - දෙසැම්බර් 31, 1999, වවුනියාවේදී

අත්පුතරාජා නඩරාජා,(තිනමරසු) - නොවැම්බර් 2, 1999, කොළඹ දී

රෝහණ කුමාර,(සටන) - සැප්තැම්බර් 7, 1999, කොළඹ දී

මාධ්‍යවේදීන් අතුරුදන් වන රටවල් අතරින් සිරියාව, ඉරාකය, ලිබියාව, යේමනයේ වැනි සටන්කාමී කණ්ඩායම් පාලනය යටතේ ගැටුම් සිදුවෙන රටවල් ප්‍රමුඛතාවය ගනියි.

එමෙන්ම අතුරුදහන් වුවන් අතර ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ නම සදහන් වේ.ඒ 2010 ජනවාරි 24 දින එනම් 2010 ජනපතිවරණයට දින කිහිපයකට පෙර දිය.

(ලෝකයේ මාධ්‍යවේදීන් ඝාතනය වීම සහ අතුරුදන් කිරිම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව (සීපීජේ) සිදු කළ සමීක්ෂණයක් ඇසුරෙනි.)

 



අදහස් (0)

වසර 25 කදී මාධ්‍යවේදීන් දහසකගේ ජීවිත අහිවිවෙලා

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site