( තිලකරත්න දිසානායක)
වාහන සොරාගෙන කොටස් කිරීමේ නිරත බව කියන පුද්ගලයින් තිදෙනෙකු සමග සගවා තිබූ වාහනයක කොටස් අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
වයස 28 - 35 අතර වයසේ පසුවන සැකකරුවන් ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.
ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාට ලැබී ඇති තොරතුරක් මත සැකකරුවන් සමග පැහැරගෙන ගොස් උග්ගල්බඩ ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මෝටර් රථයක සියලුම කොටස් සොයා ගැනීමට හැකිව ඇත.
මෙම මෝටර්රථය මීට කලකට පෙර ජාඇල ප්‍රදේශයේදී පැහැරගත් එකක් බව අනාවරණයවී ඇති අතර මෙය මීගමුව ප්‍රදේශයේ අයෙකුට අයත් බව හෙලිව ඇති බවද පොලීසිය පවසයි.
මොවුන් තවත් වාහන පැහැරගෙන ගොස් මෙලෙස කොටස්කර අලෙවි කොට තිබේද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන් ගේ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක චතුරංග, සැරයන් ( 2284 ) පුෂ්පකුමාර, කොස්තාපල්වරුන්වන (94007) ප්‍රියන්ත සහ ගුණවර්ධන (30131 ) යන නිලධාරීන් පරීක්ෂණ සිදුකොට ඇති අතර සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වාහන උස්සා මස් කරන 3 ක් මාට්ටු