X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


සංවිධානාත්මක කල්ලියක් ’පාර්ම්ගාඩ්න්’ වත්තේ බලෙන් රැදී සිටිති

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට පොලිස් වසමේ පිහිටි පාර්ම්ගාඩ්න් වත්තට අයත් කොස්ගල කොටසේ පැල රබර් සහ අස්වනු නෙලන රබර් ගස් පිහිටි ඉඩම සංවිධානාත්මක කල්ලියක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇති බව බළන්ගොඩ වැවිලි සමාගම පවසයි. මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසියට පැමිණිලි කර  ඇත.

කොස්ගල කොටසේ ඉහළවත්තේ අක්කර භාගයක පමණ කොටසක ටකරං මඩුවක් ඉදිකර කුඩා දරුවන් ද සමඟ පිරිසක් එහි බලහත්කාරයෙන් නතරවී සිටින බවද එම සමාගම කියයි. ජලපෝෂිතයට යාබද අක්කර භාගයක පමණ ඉඩම් කොටසක්  මෙසේ බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇත.

එම කොටසේ වෙනත් ප‍්‍රදේශයකින් ගලවා ගෙනා වැවුණු කෙසෙල් ගස් ද පොල් පැල ද සිටුවා ඇත. මෙම ඉඩම් කොටස හරහා ජල පෝෂිතයෙන් ගලන දොළපාරක් ද ඇත. පහළ පිහිටි නිවාස කිහිපයට ජලය ලබාගන්නේ ද මෙම ජලපෝෂක ප‍්‍රදේශයෙන් වන අතර දොළපාර දිගේ ජලනළ ද එළා ඇත. 

මීට රාත‍්‍රී කාලයේ ඒ අවට තැනින් තැන වතු නිලධාරීන් බිය ගන්වා සංවිධානාත්මක කල්ලි මැණික් ගැරීමේ නිරතවූ අතර ආණ්ඩු පෙරළියෙන් පසු එය නැවතී තිබුණ ද දැන් යළිත් වත්තේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම් පටන් ගෙන ඇති බව ද එම සමාගම කියයි.

මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසියෙන් විමසූ අවස්ථාවේ එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේ මෙම ඉඩම අල්ලා ගැනීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් මෙම ඉඩම් තමන්ට අයිති බව පවසා ඇති නිසා අධිකරණයට එය ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළේය.



අදහස් (0)

සංවිධානාත්මක කල්ලියක් ’පාර්ම්ගාඩ්න්’ වත්තේ බලෙන් රැදී සිටිති

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site