X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


සාදයේ දුරකතන සංවාදය පිහි ඇනුමකින් කෙලවර වෙයි

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් දෙතැනක පැවැති සාදයක් අතර වූ දුරකතන සංවාදයක් ආරවුලක් දක්වා දුරදිග ගොස් ඉන්න එක් පාර්ශ්වයක තරුණයකු පිහි පහරකට ලක්ව අද (1) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම ,කලුවාමෝදර දේවාල පාරේ පදිංචිව සිටි ධම්මික ලක්ශාන්(24) අවිවාහක තරුණයෙකු බව කියයි .

මියගොස් සිටින තරුණයා මිතුරන් කීපදෙනෙකු සමග ඉකුත් 28 දින රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඔවුනගේ වයසැති තවත් මිතුරන් පිරිසක් වෙනත් තැනක සාදයක් පවත්වා තිබෙන බවත් දෙපාර්ශවය දෙතැනක පැවැති සාද අතරතුර මියගිය තැනැත්තා හා අනිත් පාර්ශ්වයේ තරුණයෙකු අතර ඇති වූ බව කියන දුරකථන සංවාදය ආරවුලක් දක්වා දුරදිග ගොස් පසුව එදින  රාත්‍රී 11ට පමණ දෙපාර්ශවය අලුත්ගම පූර්වාරාම පාරේ දී හමුව ඇතිවූ ආරවුල පිහි ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය කියයි .

එහිදී පිහි පාරට ලක් වූ තරුණයා මිතුරන් සමග ගොස් ආසන්න පිහිටි රෝහලෙන් සැබෑ තත්වය වසං කර ප්‍රතිකාර ලබා පිටව ගොස් මිතුරන් සමග රැය පහන්කර ඇති බවත් පසුදින එනම් 29 දින දර්ගා නගරයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් එම තුවාලයට බෙහෙත් දමා ගෙන සිට ඇති අතර පසුව පිහි පාරට ලක්වූ තරුණයා ගේ තත්ත්වය උත්සන්න වීමෙන් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් තිබේන බවත් එහිදී මෙම තරුණයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පිහි ඇනුමට ලක්වූ තරුණයා ගේ සැබෑ තත්වය වසන් කිරීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදු වන්නට ඉඩ ඇති බවයි .

එම පිහි ඇනුමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා ගොස් සැඟව සිටින සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් මේ වන විට එම සිදුවීම සම්බන්ධ දෙපාර්ශවයෙ තරුණයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකරන බවත් පොලිසිය කියයි .



අදහස් (0)

සාදයේ දුරකතන සංවාදය පිහි ඇනුමකින් කෙලවර වෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

යක්කලමුල්ලේ ඝාතනයට දෙකක් සැකපිට
2022 නොවැම්බර් මස 19 709 0

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක


සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ
2022 නොවැම්බර් මස 18 477 0

ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ


අන්තර ජාලය හරහා වංචා කළ අයෙක් මාට්ටු
2022 නොවැම්බර් මස 17 613 0

අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල


තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි
2022 නොවැම්බර් මස 15 85 0

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක


ගජමුතු 3ක් සමඟ සැකකරුවන් තිදෙනක් මාට්ටු
2022 නොවැම්බර් මස 15 283 0

ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


බදුරලියේ දෙදරු පියෙක් සැඩපහරට ගසාගෙන යයි
2022 නොවැම්බර් මස 15 301 0

හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site