(කේෂර ගුණතිලක)
වසර ගණනාවක් තිස්සේ හේන් ගොවිතැන් කරන සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිමලේ සහ කොටියාගල ප්‍රදේශ වල පදිංචි ගොවීන්ට තම හේන් වල වගාකිරීමට ඉඩදෙන ලෙස ඉල්ලමින් ගොවීහු පිරිසක් අද (06) සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.
සියඹලාණ්ඩුව කැම්බල් ක්‍රීඩාංගනයට වැඩම කළ මණ්ඩාගල රජ මහා විහාරවාසී දර්ශනගම සුමේධ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුත් මහා සංඝරත්නය ඇතුළු ගොවි ජනතාව සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පාගමනින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියහ.
ඇතිමලේ සහ කොටියාගල ප්‍රදේශයේ පදිංචි ගොවීන් වසර ගණනාවක් තිස්සේ හේන් ගොවිතැන් කරන අතර එම වගාබිම් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් බව පවසමින් මායිම් සලකුණු කොට වගාබිම් වලට ගොවීන්ට ඇතුල්වීම තහනම් කර ඇත.
මේවන විටත් ගොවීන් අක්කර දහස් ගණනක් වගා කටයුතු වලට සූදානම්කර ඇති අතර ගොවීන් ඉල්ලා සිටින්නේ මහකන්නයේදී එම ඉඩම් වල බෝග වගාකිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.
තවද සෑම ගොවියෙකුටම අක්කර පහක් හෝ හයක් මැනුම් කටයුතුකර ලබාදෙන ලෙසත්ගොවීන් දැනට වගාකරන සියළුම ඉඩම් වනසංරක්ෂණ සීමාවෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටින ගොවීහු පිටස්තර ප්‍රදේශ වලින් ගව පාලනයට සහ විවිධ ක්‍රියාකාරකම් වලට පැමිණි සංක්‍රමණික පිරිස් වහා ඉවත් කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහල නිලධරීන් සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් ගොවීහු ඉල්ලා සිටිති. මෙම ඉල්ලීම් අඩංගු ලිපියක් ගොවි නියෝජිතයින් විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.
මෙම උද්ඝෝෂණය ගොවි අරගල ව්‍යාපාරය,සමස්ථ ලංකා ගොවි අරගල ව්‍යාපාරය,වෙල්ලස්ස හඬ සංවිධානය,ඌව පළාත් ජනතා සැලසුම් සංසදය,මොනරාගල දිස්ත්‍රික් ස්වේච්ඡා සංවිධාන එකමුතුව ඇතුළු ගොවි සංවිධාන විසින් සංවිධානයකර තිබිණි.
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හේන් වගාවට අයිතිය ඉල්ලා ගොවීහු පාරට බසිති
69lakshaya Friday, 08 October 2021 04:24 AM
අපි ඔක්කොම ආණ්ඩුවට 2/3 බලයක් දීලා පත්කරගෙන 20 වැනි සංශෝධනයත් අනුමත කරලා ආණ්ඩුවට හිතුමනාපෙට රටේ ඕනෑම දෙයක් කරන්න බලය දීලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුවත් දැන් ආණ්ඩුවට ඕනෑ විදිහට හැම දෙයක්ම කරනවා.. උද්ඝෝෂණය කරන්නේ මොකද?