(තුසිත කුමාර ද සිල්වා)
සොරකම් කර රැගෙන එන ත්‍රිරෝද රථ බේරුවලදී විවිධ වෙනස්කම් වලට ලක්කර එන්ජින්, චැසි අංක , සහ ලියාපදිංචි අංක වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරමක නියුතුව සිටි ජාවාරම්කාර පුද්ගලයන් දෙදෙනෙකු එලෙස විකිණීමට තිබූ ත්‍රීරෝද රථ 5ක් සහ නීති විරෝධී කඩුවක් සමග අද (23) අලුයම බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .
මෙම ජාවාරමේ මහ මොළකරු වන ප්‍රධාන සැකකරු ගරාජ් බාස් කෙනෙක් වන අතර කොළඹ ප්‍රදේශයෙන් සොරකම් කරගන්නා ත්‍රීරෝද රථ එක රැයකින් එම තීරෝද රථ සොරකම් කරගන්නා ජාවාරම්කරු බේරුවලට ප්‍රදේශයට රැගෙන විත් අඩු මුදලට විකුණා තිබේ.
මෙම ජාවාරම්කරුවන් එම ත්‍රීරෝද රථ අලුත් වැඩියා කිරීමේ මුවාවෙන් විවිධ ගරාජ් වල මෙන්ම විවිධ ස්ථානවල සඟවා ඒවායේ මුල් චැසි අංක , එන්ජින් අංක සහ ලියාපදිංචි අංක වෙනස්කර වරින් වර ත්‍රීරෝද රථ විකිණීම ට සැලසුම් කර තිබියදී මින් එක් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට බ්‍රෝකර් වරයකු ලෙස උපාය දූතයකු යොදවා ලබාගත් තොරතුරු මත ප්‍රථමයෙන් මහ මොළකරු සහ සහයක සැකකරු ත්‍රී රෝද රථ සමග බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කියයි .
මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබා දුන් පදිංචි ලිපිනය ව්‍යාජ එකක් බව හඳුනාගත් පොලීසිය ඔහුගේ නිවස පරීක්ෂාවට ගිය අතර එහිදී මෙම පුද්ගලයාගේ නිදන ඇඳහි මෙට්ටය යට තිබී එකල මහත් ආන්දෝලනයට ලක්වූ ,,සහරාන්,, නැමැත්තා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා වූ යුගයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ,, කඩු වලට සමාන අඩි දෙකක් පමණ දිග ඇති කඩුවක් ,, ප්‍රධාන ජාවාරම්කරු ගෙ නිවසේ තිබී පොලිස් භාරයට ගත් බව කියයි .
මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස කොළඹ ප්‍රදේශයේ අයෙකුගෙන් සොරකම් කර අඩු මුදලට ලබා ගන්නා ත්‍රීරෝද රථ වලට විවිධ රක්ෂණ සමාගම් වලින් අබලි ව භාවිතයෙන් ඉවත්කරන එන්ජින් හා චැසි අංක කොටා ඊට අදාළ ලියාපදිංචි පොත් පත් ව්‍යාජ ලෙස සකසා විකිණීම කටයුතු කර තිබෙන බවත් විමර්ශන සිදුකරන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මෙම ජාවාරම්කරුවන් මෙලෙස ව්‍යාජ ලෙස අලෙවිකරණ ත්‍රීරෝද රථ මුදල් හදිස්සියකට යැයි කියා ඉතා අඩු මුදල් වන රුපියල් ලක්ෂ දෙකහමාරක් තුන යන ගණන් වලට විකිණීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි .
අත් අඩංගු වට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධව දීර්ඝ විමර්ශනයකින් පසු කළුතර අධිකරණ යට ඉදිරිපත් කිරීමට නියමිතය .
කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න , කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස, නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර , අපරාධ අංශ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා , පොලිස් සැරයන් ජයසිංහ (51130) පොලිස් විශේෂ කාර්යාංශ සැරයන් පියන්ත (58942)පොලිස් විශේෂ කාර්යාංශය කොස්තාපල් නිමර්ශන (69062) කොස්තාපල්වරුන් වන ජයනාත (70253)කුමාර (87173) ඇතුළු පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොරෙන් ගෙන ගිය ත්‍රිරෝද රථ - කඩුවක් සමඟ දෙදෙනකු අල්ලයි