එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වන බවත් ජ්‍යෙතීර්වේදී යෝගී සුජිත් නිශාන්ත මහතා පවසයි.
ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි ඡන්ද බලයක් ලැබෙන බවත් පාර්ලිමේන්තුවේ ආසනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවත්ය.
තමා කිසිම පක්ෂයට ගැතිව අනාවැකි පළ නොකරන බවත් මෙතෙක් පළ කළ අනාවැකි කිසිවක් අසත්‍යවී නැති බවත් යෝගීවරයා සඳහන් කළේය.
(විශේෂ - ඕනෑම ජ්‍යෝතීර්වේදියකුට තම අනාවැකි පළ කළ හැකි බව සලකන්න. ඔබේ අනාවැකිය ඔබේ දුරකතන අංකය ද සමග අපේ විද්‍යුත් ලිපිනයට එවන්න. [email protected]. නැත්නම් ෆැක්ස් කරන්න. (ලංකාදීප වෙබ් අඩවිය සඳහා යැයි පිටුවේ ඉහළින් ලියන්න) 011 24 79 245)
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයකුට සහ එම නිවසේ සිටි සිව් හැවිරිදි කුඩා ළමයකුට පසුගිය මස 19වදින වෙඩි තැබීමට යතුරු පැදියක
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ
අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීමට දැන්වීම් පළ කරන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට සූක්ෂම ලෙස ඇතුළු වී රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් වංචා සහගත ල
මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ මහා පරිමාණයෙන් වගා කර තිබු ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනක
ගජමුතු තුනක් අධික මිළකට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් තිදෙනකු මොණරාගල ප්‍රදේශයේ හෝටලයදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා බදුරලිය ඉඟුරුදළුව කඳ ඇළ පිටාර ගලා පාලම යටව තිබියද ඒ මතින් ගමන් ගත් 53 හැවිරිදි පුද්ගලයකු දියේ ගසාගන ගොස් අතුර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ඡන්දේ වාසිය රනිල්ටයි : මහින්දටත් යම්කිසි බලයක්‘
චමිල් Monday, 03 August 2015 11:50 AM
ඔවු. ඒක ස්ථිරයි (නි)
ලෝගේෂ්වරන් Monday, 03 August 2015 02:57 PM
මගේ අනාවැකිය නම් දේශපාලනය දිනුම්, පක්ෂ දිනුම්, මහා ජනතාව පරාදයි. අතීතය හා අනාගතය වැඩක් නැහැ. අද ගැන හිතපල්ලා . යමපල්ලනට කතිරය වැටෙනවා. ඒ අය රට කයි (නදී)
සනත් ඉන්දික Monday, 03 August 2015 02:45 PM
රනිල් හවුලේ ආණ්ඩුවක් හැදුවත් තනි සන්දානයක් හැටියට මහින්ද රනිල්ට වඩා අාසන 8ක් වැඩියෙන් ගන්නවා. නමුත් රනිල් උතුරු නැගෙනහිර අාසන ටිකත් එකතුකරගෙන ආසන 117 කින් අලුත් ආණ්ඩුවක් හදනවා මේ අනාවැකිය 95% හරි. මේක ජොතිශය නෙමේ ඇසට පෙනෙන්න තියන සමාජ පෙළගැස්ම. ජනතා විමුක්ති පෙරමුණේ මනාපය මේ පක්ෂ දෙකටම නොලැබේ. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ විශේෂ කාර්ය බාරයක් ඉටු කරනු පෙනේ. ෆොන්සේකා මහත්තයාගේ ආසන 4 ත් රනිල්ගේ පිලට එකතුවේ. දැන් පේනවද වෙනස (නදී)
නාලින්ද Monday, 03 August 2015 02:15 PM
කලබල වෙන්න එපා. මහින්ද දිනනවා. (නදී)
චන්න බුවනක Monday, 03 August 2015 01:49 PM
අපි දන්නවා ඒක. (නි)
පෙරේරා Monday, 03 August 2015 01:32 PM
කවුරු වුණත් රට දියුණු කරලා, මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න ආර්ථිකය උසස් මට්ටමකට තියන්න පුළුවන් ජගතෙක් ඉන්නවා නම් ඒ තමයි රටේ රජා. (නි)
අමිත Monday, 03 August 2015 01:24 PM
සුමනදාස මහත්තයා මේ ගමන මොකුත් කියන්නේ නැද්ද? (නි)
දිලිප් Monday, 03 August 2015 01:23 PM
යුද්ධය නැතිකරලා භීෂණය නැතිකළ එකද මහින්ද කළ වැරැද්ද? (නි)
ලහිරු Monday, 03 August 2015 12:37 PM
මම නම් කියන්නේ මහින්ද තමයි අගමැති (නි)
ආරියසේන Monday, 03 August 2015 12:14 PM
ඒකත් එහෙමද? (නි)
කොස්වත්ත Monday, 03 August 2015 12:06 PM
බලමු බලමු. තව ටික දවසනේ (නි)
රවිබන්දු Monday, 03 August 2015 11:56 AM
මේක කියන්න ජ්‍යෝතිෂය ඕනෑ නැහැ කියලයි මම නම් කියන්නේ. අපිට ලංකාව පුර යනකොට පෙනෙනවා ජනතාවගේ දැක්ම මොකක්ද කියලා. මහින්ද පරදින එක ඒකාන්තයි (නි)
සමරසිංහ Monday, 03 August 2015 03:08 PM
ජය ශ්‍රී වේවා! (නි)
මහානාම - මතුගම Monday, 03 August 2015 10:59 AM
රනිල් අගමැති වෙන එක ස්ථිරයි (නි)
දිලිප් Monday, 03 August 2015 10:22 AM
මෙයට වඩා විස්තරාත්මකව දුන්නනම් තමා හොද.(ම)
විකුම් Monday, 03 August 2015 10:16 AM
යුද්ධයට පෙර සමහර කට්ටිය හෙණරාජ තෛලය කියලා තෙලක් විකුණුවා. සුරයක දාලා බෙල්ලේ දාගත්තහම වෙඩි වදින්නේ නැහැ කියලා. (නි)
කුමුදුනී Monday, 03 August 2015 10:12 AM
මටත් හිතෙන්නේ වෙන්නේ මේක තමයි (නි)
ප්‍රකාෂ් Monday, 03 August 2015 10:08 AM
නියමයි... ජය වේවා! (නි)
දහම් Monday, 03 August 2015 10:08 AM
මෙතුමාට බැරිද ලංකාවට කුඩු ගෙන්වන අය සහ කුඩු විකුණන අයත්, කුඩු සඟවා තිබෙන තැනුත් පෙන්වා දෙන්න. එය ජන සමාජයට කරන ලොකුම සේවාවක්. මෙතුමාගේ වැඩවලට එය ආශිර්වාදයක්. (නි)
ඇසළ Monday, 03 August 2015 10:04 AM
මොන පක්ෂයෙන් ආවත් දේශපාලුවෝ නිසා රට ඉවරයි. එච්චරයි අනාගතේට පෙනෙන්න තියෙන්නේ. (නි)
ජූඩ් Monday, 03 August 2015 10:03 AM
අනාවැකිය හරි. මගේ අනාවැකිය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ වැඩිවෙනවා ඒකාන්තයි. හම්බන්තොටින් සජිත් මහත්තයා පළවෙනියා වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය අලියා දිනනවා. ජනතා විමුක්ති පෙරමුණට හම්බන්තොටින් 1යි (නි)
විකුම් Monday, 03 August 2015 10:02 AM
මහින්ද කියන්නේ කොන්ද පණ ඇති පුද්ගලයෙක්. (නි)
රවීන්ද්‍ර Monday, 03 August 2015 09:45 AM
රනිල් දිනලා අගමැති වෙයි. (නි)
ඉන්දික Tuesday, 04 August 2015 01:21 AM
ජ්‍යෝතිෂය අනුව රනිල් දිනුම්.ඡන්ද ප්‍රතිඵල ආවහම මහින්ද දිනුම් වෙයිද? (නි)
ප්‍රියන්ත Tuesday, 04 August 2015 12:46 PM
නියමයි. ජය ශ්‍රී! (නි)
සාගර Tuesday, 04 August 2015 10:08 AM
මෙතුමාගේ අනාවැකි බොහෝදුරට නිවැරදියි.රනිල් මෙවරත් රටේ අගමැති. (නි)
දුලීකා Tuesday, 04 August 2015 05:03 AM
රනිල් දිනන එක දිනනවමයි (බ)
පුරගේ Tuesday, 04 August 2015 05:04 AM
ජය පරාජ තාවකාලිකයි එ්ත් ජනතාව රට ගැන සිතන්න ඕන රට ගොඩනංවන කෙනා තමා ජයගන්න ඕන (බ)
රන්ජිත් Tuesday, 04 August 2015 04:17 AM
මට දෙයක් ලියන්න හිතුන..එත් බුදු දහම අදහන මම හිත හද ගත්තා(ම)
අත්තනගල්ල Tuesday, 04 August 2015 03:59 AM
අනේ ඔයාගේ ඉරණමත් කියන්නකෝ (නදී)
කිර්ති Tuesday, 04 August 2015 03:52 AM
රනිල් දිනන එක වළක්වන්න බැහැ. දැන් තියෙන්නේ කැඳ හැලි ආණ්ඩුවක් නේ(ම)
ටී.එම් කස්තුරිආරච්චි Tuesday, 04 August 2015 03:48 AM
මේ සැරේ නියම ජය ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ එයාල ඔය හොර ගුහාව කලඹවලා හොල්ලලා දමනවා. ජනතාව වෙනුවෙන් උපරිමය ජේ.වී.පී එක කරනවා (නදී)
සම්පත් Tuesday, 04 August 2015 03:48 AM
මෙතුමාත් වැඩි කලක් යන්න ඉස්සර අර චන්ද්‍රසිරි බණ්ඩාර වගේ වෙයි කියල හිතෙනවා. ඡන්ද ගැන අනාවැකි කියනවට වඩා මිනිස්සුන්ගේ අධ්‍යාත්මික වර්ධනයට සේවයක් වන විදියට හිටියා නම් තමයි වැදගත් (නදී)
අජිත් කරුණාරත්න Tuesday, 04 August 2015 03:23 AM
රනිල් දිනන්නේ, මහින්ද සහ ගෝල පිරිස අවසාන කාලේ කළ කී දේවල් වල ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දගේ පරාජය වළක්වන්න අමාරු බව රට පුරා ජනතාවගේ ප්‍රතිචාර වලින් පෙනෙනවා. (නි)
ධර්ම ජයවික්‍රම Tuesday, 04 August 2015 03:20 AM
දිනන්නේ රනිල්ද මහින්දද කියන එක නෙමෙයි ප්‍රශ්නය. අවුරුදු 67 ක් තිස්සේ දවසෙන් දවස වල්වදින අපේ රට ගොඩගන්න පුළුවන් කාටද කියලා ඔය අනාවැකිකරුවන්ට කියන්න තාරකා අහසේ පහළවෙන්නේ නැති එකයි (නි)
අශෝක Monday, 03 August 2015 09:38 AM
මහින්ද දිනන බව මට නම් ඒකාන්තයි (නි)
නදී Tuesday, 04 August 2015 01:02 AM
මම නම් කියන්නේ මහින්ද තමයි අගමැති (නි)
රවි බණ්ඩාර Monday, 03 August 2015 10:25 PM
ජ්‍යෝතිෂය අනුව මිසක් ඈත අතීතයේ සහ මෑත අතීතයේ කළ වැඩ අනුව නම් රනිල්ට දිනන්න බැහැ කියලයි මම නම් කියන්නේ. (නි)
සිසිල් Monday, 03 August 2015 05:42 PM
ඕන්ග් රීන්ග් කට්ටු කට්ටු ... ඔහෙලගෙ මොලවල පිට්ටු පිට්ටු !(නදී)
කපිල Monday, 03 August 2015 05:15 PM
මේ වගේ අනාවැකි බොරුකිරීම සඳහා අපි ඡන්දය කල්පනාකාරීව ලබාදෙමු (නි)
ෂිහාන් Monday, 03 August 2015 04:52 PM
ඒ කාලේ මහින්ද බහු බූත විශ්වාස කරනවා කියලා හිනාවුණා. දැන් මෙයාලා ඊට හපන්. එයාලා විශ්වාස කරනවා මදිවට අපිවත් අන්දන්න හදන්නේ..බලමු බලමු. තව ටික දවසනේ..මේක කියන්න ජ්‍යෝතිෂය ඕනෑ නැහැ කියලයි මම නම් කියන්නේ. අපිට ලංකාව පුරා යනකොට පෙනෙනවා ජනතාවගේ දැක්ම මොකක්ද කියලා. රනිල් පරදින එක ඒකාන්තයි ...මහින්ද අගමැති වෙන එක ස්ථිරයි (නදී)
පී.ස් කෙටකවෙල Monday, 03 August 2015 04:49 PM
මට ලොතරැයියක නොම්මරයක් දෙන්නකෝ ? නිකම් මනස්ගාත කියන්නේ නැතිව ඉන්න. (නදී)
බටගල Monday, 03 August 2015 04:30 PM
මෙයාලා මේ කොහෙන් මතුවුණ අයද? හරියට මෙරු මතුවෙනවා වගෙයි. ගිය යුද්ධ කාලෙ මොකද බැරිවුණේ ප්‍රභාකරන් ඉන්න තැන කියන්න? (නි)
පද්මිණී Monday, 03 August 2015 04:27 PM
ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වසර 20 ගණන් එකම පාලකයෝ තියාගන්නේ නැහැ. ඕකට අනාවැකි ඕනෑද? නව මුහුණුවරක් ලංකාවට ලැබේවා (නි)
කුමාරසිරි Monday, 03 August 2015 04:26 PM
89 ,90 කාලය සහ අවුරුදු 30 යුද්ධය මතක නම්,අගමැති මහින්ද. අමතක නම් අගමැති රනිල්. (නි)
ශ්‍රී ලන්කන් Monday, 03 August 2015 04:14 PM
උතුර , නැගෙනහිර, පසුබෑමක් තිබ්බට අනෙකුත් කොට්ටාස වලින් විශිෂ්ට ජයක් ලබනවා සන්දානය. මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 60 පනිනවා. (නදී)
රොජර් Monday, 03 August 2015 07:29 AM
මේ යන විදිය දැක්කහම අපිටත් එහෙම හිතෙනවා (නි)
නිසුර Monday, 03 August 2015 07:55 AM
මේක පුදුම හැකියාවක්! ඡන්දෙ කාලෙට සහ ක්‍රිකට් තරඟ කාලෙට අනාවැකි කියනවා (නි)
කිත්සිරි Monday, 03 August 2015 07:51 AM
මොකද දන්නෙ නැහැ මේ අය අනාවැකි කියන්නේ? (නි)
ජයන්ත Monday, 03 August 2015 07:51 AM
මේවා මොවුන්ගේ වැරදි නෙමෙයි. අපේ මිනිස්සු තවමත් මේවා විශ්වාස කරන එකයි වැරැද්ද. (නි)
කමල් Monday, 03 August 2015 07:44 AM
ඔච්චරම විශ්වාස නම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
සාගර Monday, 03 August 2015 07:42 AM
මට නම් හිතෙන්නේ මෙදාපාර එජාපයට ටිකක් අමාරුවෙයි වගේ (නි)
සාලිය Monday, 03 August 2015 07:42 AM
මට නම් මෙහෙම හිතෙන්නේ නැහැ (නි)
සුදත් Monday, 03 August 2015 07:39 AM
හරියටම කියන්න බැහැනේ ඉතින්. (නි)
ලලිත් Monday, 03 August 2015 07:39 AM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අසංක Monday, 03 August 2015 07:37 AM
ප්‍රභකරන්වත් හිටියා නම් හැංගිලා ඉන්න තැනක්වත් අහගන්න තිබුනා.ඒකත් බැහැනේ දැන්. හැබෑට බැරිද දන්නෙ නැහැ අර අහිංසක ඡන්දදායක කාන්තාවට වෙඩිතියපු අය ගැන අනාවැකියක් දැනගන්න.පොලිසියටත් පහසුයිනේ. (නි)
සැන්ඩ්‍රා Monday, 03 August 2015 07:36 AM
මම නම් පිළිගන්නේ නැහැ ඕවා (නි)
ශාන් Monday, 03 August 2015 07:34 AM
මම නම් විශ්වාසය තියන්නේ ජ්‍යෝතිෂය ගැන නෙමෙයි, ආත්ම ශක්තිය ගැන (නි)
පර්සි Monday, 03 August 2015 07:58 AM
ඔහු හරියටම හරි (නි)
බණ්ඩාර Monday, 03 August 2015 07:19 AM
රනිල් අගමැති වෙන එක ස්ථිරයි (නි)
හරින් Monday, 03 August 2015 07:06 AM
හොඳයි කලින් කියන එක. තව ඡන්ද මහින්දට එකතු කරගන්න පුළුවන්. (නි)
ගුණවර්ධන Monday, 03 August 2015 07:05 AM
නියමයිනේ! ජයවේවා! (නි)
අශෝක Monday, 03 August 2015 06:59 AM
මහින්ද මෙවර දිනනවා අනිවාර්යයි (නි)
ධම්ම Monday, 03 August 2015 06:55 AM
ඡන්දෙන් පස්සේ අපි ඕක යෝගීතුමන්ගෙන් නැවත අහන්න යන්නේ නැහැනේ. (නි)
බෙන් Monday, 03 August 2015 06:54 AM
මේ ගැන නම් දෙපාරක් කල්පනා කරලා බලන්න වෙනවා (නි)
හේවා සරත් Monday, 03 August 2015 06:53 AM
මම නම් කියන්නේ සරත් ෆොන්සේකා දිනනවා (නි)
ප්‍රියන්ත Monday, 03 August 2015 06:45 AM
ඊටපස්සේ රටට වෙන්නේ මොකක්ද කියලත් බලලා කියන්න පොඩ්ඩක් (නි)
රෝහිත Monday, 03 August 2015 06:42 AM
අපි ඕක දන්නවා (නදී)
සාරංග Monday, 03 August 2015 06:34 AM
කොහොමත් රැස්වීම් දැක්කහම සහ අලුතෙන් එජාපෙට බැඳෙන කට්ටිය දැක්කම ඕක පැහැදිලියි. අනික මීට මාස හයකට කලින් මහින්ද පැරදුන එක ආයෙත් පැරදෙනවා (නදී)
සේන Monday, 03 August 2015 09:13 AM
ඕක ඉතින් පොඩි ළමයෙක් වුණත් දන්නා දෙයක්නේ. (නි)
කස්තුරිආරච්චි Monday, 03 August 2015 09:36 AM
කණා උත්තර නැතුව හරියටම 'ටක්කෙටම' ගණන් මිනුම් එක්ක උත්තර දෙන්න. (නි)
ජයන්ත බාලසූරිය Monday, 03 August 2015 09:33 AM
දැන් මේක තමයි ජනතා මතය. (නි)
ලකී Monday, 03 August 2015 09:30 AM
අනිවාර්යෙන්ම ජනතාව පරදිනවා. මගේ අනාවැකිය ගලේ කෙටුවා වගේ. ඔබටත් අනාගතය ගැන දැනගන්න ඕනෑ නම් මට අමතන්න (නි)
යසස් Monday, 03 August 2015 09:28 AM
අපි බලමුකෝ... (නි)
පියල් Monday, 03 August 2015 09:26 AM
ඒ කාලේ මහින්ද බහුබූත විශ්වාස කරනවා කියලා හිනාවුණා. දැන් මෙයාලා ඊට හපන්. එයාලා විශ්වාස කරනවා මදිවට අපිවත් අන්දන්න හදන්නේ ! (නි)
ප්‍රියාන් Monday, 03 August 2015 09:24 AM
මේ අනාවැකිකරුවන්ට මැතිවරණ ගැන විතරද දන්නේ නැහැ අනාවැකි කියන්න පුළුවන්.30 අවුරුද්දක් තිස්සේ තිබුන යුද්ධය ගැන නම් එකක්වත් අනාවැකි කිව්වේ නැහැනේ.අඩුම ගානේ දිනන පරදින එක ගැනවත් කිව්වේ නැහැනේ.ඡන්දය කියන්නේ මිනිස්සු ළඟ තිබෙන දෙයක්. (නි)
රවින්ද්‍ර Monday, 03 August 2015 09:24 AM
උගත් තරුණ යෝගී සුජිත් නිශාන්ත, ඔබ නිවැරදියි.මගෙත් අනාවැකිය ඒකමයි. (නි)
කමල් Monday, 03 August 2015 09:21 AM
රනිල් විශිෂ්ට ජයක් ලබාගන්නවා (නි)
මුරුගා Monday, 03 August 2015 09:20 AM
ඇත්ත ඇත්ත අනිවාර්යෙන් දිනනවා. (නි)
පියලාල් Monday, 03 August 2015 09:17 AM
එතකොට මහින්දගේ ලක්‍ෂ 58 ට මොකද වුණේ? යහපාලන වැඩ දැකල ජනතා සිත වෙනස් වෙලාද? (නි)
නිරා Monday, 03 August 2015 06:34 AM
ලැබෙන මනාප ගානත් කියමුද බලන්න ?(ම)
ටියුඩර් Monday, 03 August 2015 09:12 AM
අපරාදෙ කියන්න බැහැ. කතාව ඇත්ත (නි)
අජිත් Monday, 03 August 2015 09:05 AM
බලමුකො බලමුකො... (නි)
කරුණාරත්න Monday, 03 August 2015 09:00 AM
ජයවේවා! (නි)
සනත් ඉන්දික Monday, 03 August 2015 09:00 AM
මම කියන්නේ මේ අනාවැකිය 95% හරි. මේක ඇසට පෙනෙන්න තිබෙන සමාජ පෙළගැස්ම. ජනතා විමුක්ති පෙරමුණේ මනාපය මේ පක්ෂ දෙකටම නොලැබෙන නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යබාරයක් ඉටුකරනු පෙනේ (නි)
බණ්ඩාර Monday, 03 August 2015 09:00 AM
මට අර සුමනදාස මතක්වුණා (නි)
ශාන් Monday, 03 August 2015 08:37 AM
මමත් ඒක පිළිගන්නවා.රනිල් තමා අගමැති.(ම)
සමන් Monday, 03 August 2015 08:33 AM
චන්දෙන් දිනන පුද්ගලයා නම් දිනුම්.. වරප්‍රසාද... ආණ්ඩුවට පැන්නොත් ඇමතිකම් .. පැන්ෂන් ...(ම)
බටගල Monday, 03 August 2015 08:10 AM
අපිටත් මේ වෙලාවේ එක එක දේවල් හිතෙනවා. (නි)
චමින්ද Monday, 03 August 2015 08:08 AM
රනිල් දිනනවා අනිවාර්යයි. ඒක කාටවත් නවත්වන්න ලැබෙන්නේ නැහැ (නි)
ගුණසිරි Monday, 03 August 2015 08:04 AM
මෙන්න මාගේ අනාවැකිය! සියලු පක්ෂ දිනුම්, ජනතාව පරාදයි. මේ අනාවැකිය කියන්න අනාගතය දකින්න අවශ්‍ය නෑත. අතීතය මතක තිබුනහම ඇති (නි)