X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


රංගනයයි ගී පද රචනයයි එකට මුසු කළ පිය පුතු දෙපළ

මනෝජ් නීලංග දැන් වසර 17ක් පුරා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයෙකි. ගී පද රචකයෙකි.ගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නවමු ආකාරයේ නිර්මාණ කලාවක හෙතෙම නිරත වේ . මේ වනවිට ගීත 10ට ආසන්න සංඛ්‍යාවක් රචනා කර ඇති මනෝජ් ඒ යටගියාව සිහිපත් කළේ මෙසේය.

‘මම ජීවත් වුණේ දෙමටගොඩ ප්‍රදේශයේයි. එවැනි සමාජ වටපිටාවක ජීවත් වෙද්දි අපට නිතරම දකින්න ලැබෙන්නේ කුණු කාණු, මීයෝ, පයිප්ප ළඟ වතුර පුරවන ගැහැනු උදවිය, තැන තැන රංචු ගැහිලා කතා කරන අය, උඩු කයට ඇඳුම් නැති පිරිමි, අමුතු කතා විලාසය වගේ දුක් විඳින කටු කන ජීවිතයි. මා අද පිටරටක ජීවත් වුණත් අර පරිසරය, ඒ මිනිස්සු නිතරම හිතේ මැවුණා. ජීවත් වෙන්න කරන අරගලය දැණුනා. ඒ අනුව ‘ලොවේ තැලෙන මිනිහා‘ කියන ගීතය මා අතින් මෙහේදි රචනා වුණා. ඒ මා රචනා කළ මුල්ම ගීතයයි. ඔයාකාරයට මා විඳි දේවල්,ලත් අත්දැකීම් පද රචනා බවට පත්වී මේ වනවිට ගීත 10කට ආසන්න සංඛ්‍යාවක් මා අතින් ලියැවී තිබෙනවා.

මනෝජ් අතින් ලියැවුණු ගීත අතුරින් සුවිශේෂී ගීත කිහිපයකුත් නැතුවාම නොවෙයි. ගීතයක් දැනෙන්න පද රචනය , තනුව සේම රූප රාමුත් අපට සමීප විය යුතුයි. ඔහු රචිත එක් ගීතයක රූප රචනාවේදී එක් විශේෂිත පුද්ගලයකු අපට හඳුන්වා දෙනවා.ඔහු කවුද? අප නැඟූ ප්‍රශ්නයට මනෝජ් දුන් පිළිතුරයි මේ.

‘මා රචනා කළ ගීත දෙකක මගේ පුතා දේශ් කෝංගල රංගනයෙන් දායක වුණා. ඔහු පෙනී සිටි දෙවැනි ගීතය වන ‘සිහිනයක මම සඳේ පියමැන්නා ‘ගීතය ගායනා කරන්නේ සාරංග දිසාසේකර විසිනුයි. මා පද රචනා කළ මෙම ගීතයට දේශ් ඔහුට හැකි උපරිම සාධාරණයක් ඉටු කළා කියා මට කිව හැකියි. මා වගේම පුතාත් ඔස්ට්‍රේලියාවේ සිටියත් හදවතින්ම අපි උපන් රටට ආදරෙයි. පුතා වුණත් කලාවට හරි ලැදි දරුවෙක්. ඔහු කාලයක් ක්‍රිකට් ගැහුවා. ක්වීන්ස්ලන්ඩ් ටීම් එකට තේරුණා. මේ වෙද්දි ඔහු උපාධිය සඳහා සූදානම් වෙනවා. ඔහු ඉදිරියේදී පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට යාමට අදහස් කරගෙන සිටිනවා. රංගනයට කැමැති ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබුණොත් ඔහු කැමැත්තෙන්ම එය ඉටු කරාවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා.‘

පිටරටක විසුවද කලාවට ලැදි මේ පිය පුතු දෙදෙනා ඉදිරියේදී විවිධ නිර්මාණ හරහා ඔබ අප හමුවෙනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

රංගනයයි ගී පද රචනයයි එකට මුසු කළ පිය පුතු දෙපළ

ඔබේ අදහස් එවන්න

රසවින්දන

සනත් නන්දසිරි දිවියට සමුදෙයි
2023 මාර්තු මස 28 0 0

ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.


නිහාල්ගේ පුත් පුත්‍ර ප්‍රභාගයෙන් ගී ලොවට
2023 මාර්තු මස 22 0 0

මෙරට බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ පසුගියදා අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් කලාකරුවාගේ ගමන්මග යමින් ඔහුගේ එකම පුත් තරංග නෙල්සන්


‘‘ආරච්චි දීගේ’’
2023 මාර්තු මස 22 0 0

මංජුල කෝනාර රචනා කොට නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂණය කළ ‘‘ආරච්චි දීගේ’’ නාට්‍යය ඓතිහාසික වෙලේවත්ත සිරි නන්දාරාම ලෙන් විහාරයේ සංඝාරාමයට ආධාර පිණිස මෙම 25 වැන


මට අහිමි මා අහිමි ලේ කැටි පුතුනී
2023 මාර්තු මස 21 0 0

මැක්සිම් ගෝර්කි වරක් පැවසූවේ ලොව සියලු දේ බිහිවන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරි වලින් බවයි. එවන් වූ දහසකුත් අම්මාවරුන්ගේ සහ මෙරට ශ්‍රම බලකායේ වැඩිම


​මහේෂ් ’රිදී සීනු’ සමග
2023 මාර්තු මස 20 0 0

ජනප්‍රිය සංගීතඥ මහේෂ් දෙනිපිටිය පසුගියදා උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු’ චිත්‍රපටය සඳහා අලුතින්ම ගීත දෙකක් නිර්මාණය කළේය. ඉන් එක් ගිතයක් ගායනා කළේ


සඳසාවි මා
2022 නොවැම්බර් මස 28 2731 2

සිසිර දිසානායකයන්ගේ ගේය පද රචනයෙන් ද ප්‍රවීණ ජන සංගීතවෙිදී ලයනල් රන්වලයන්ගේ ස්වර සංරචනයෙන් ද වසන්තා මධුරාංගනීගේ සුගායනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ ක


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site