X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කඳුරට නියඟය ඉවරයි ජලාශ තුනක් පිරේ

නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (09) පෙරවරුවේ සිට ඇද හැළෙන වැස්සෙන්  ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් ද, කැනියන් ජලාශයේ දොරටු දෙකක් ද, විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක් ද විවෘත කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. ෙමෙම ජලාශ පිටාර මට්ටමට පැමිණි නිසා වාන්දොරටු විවෘත කැර ඇත. ගෙවුණු පැය 24 දී මෙම ප්‍රදේශයට මිලිමීටර 175 වර්ෂාවක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ලක්ෂපාන දිය ඇල්ල විමල සුරේද්‍ර ජලාශය වාන් දමයි



අදහස් (0)

කඳුරට නියඟය ඉවරයි ජලාශ තුනක් පිරේ

ජයන්ත Tuesday, 10 July 2012 10:01 AM

නියඟයට සමුදී වැස්ස එක නම් හොඳයි‍‍.... අපිට සතුටුයි‍. ඒත් නායයෑම්නම් භයානකයි‍‍‍....

:       0       0

රන්මල් Tuesday, 10 July 2012 09:25 AM

හොඳ පුවතක් .අපි ජලය සුරකිමු...

:       0       0

විජේන්ද්‍ර Tuesday, 10 July 2012 08:47 AM

කුමුදු එය මිලිමීටර් විය යුතු අතර මිලිලීටර් නොවේ.. වැස්ස මනින්නේ උසින් මිස පරිමාවෙන් නොවේ...

:       0       0

සමීර Tuesday, 10 July 2012 08:54 AM

ඉක්මනින් පිරුනාට ඉක්මනින් හිස් වෙන එක තමයි කණගාටුව.

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 10 July 2012 09:12 AM

අපේ රජවරැ තවත් හිටියනම් වැඩි ජලයෙන් කොහොමද නියමාකාර‍යට ප්‍රයෝජන ගන්නෙ කියලා මුලු ලෝකෙටම කියලා දේවි...

:       0       0

කෝලිත Tuesday, 10 July 2012 09:51 AM

සැමදා නියන් එකදා වැහි වලාවේ.....

:       0       0

මාළුවා Tuesday, 10 July 2012 09:16 AM

ලිපියට වඩා කමෙන්ට් ටික නියමයි....

:       0       0

ලක්මාලි Tuesday, 10 July 2012 10:19 AM

අපිට සිදුවෙනවා ජල කළමනාකරණය කරන්න..

:       0       0

අනුර ශාන්ත Tuesday, 10 July 2012 10:27 AM

දැන්වත් ඔය වතුර ටික නාස්තිනොකර ප්‍රයෝජනයට ගන්න....

:       0       0

ප්‍රගීත් Tuesday, 10 July 2012 10:38 AM

පුදුම වැඩක්නෙ.කාළගුණ දෙපාර්තමෙන්තුව කිව්වෙ සැප්තැම්බර් වෙනකන් වහින්නෙ නෑ කියල.මෙන්න වහිනවා.මෙහෙම ආයතනයක් මොකටද මන්දා.කොහොම උනත් වැහැපු එක හොඳයි.

:       0       0

සූකිරිපැට්ටා Tuesday, 10 July 2012 08:46 AM

වැස්ස නැති පැත්තකට ක්‍රිකට් මැච් එකක් ගෙනිච්චොත් වහිනවා කියන්නේ බොරු නෙමෙයි නේ...

:       0       0

සම්පත් Tuesday, 10 July 2012 10:07 AM

ලලිත් ඔබ හරි..මට පේන විදිහට මේ ජලාශ මැද්දෙ සිදුරැ තියෙනවාද කොහෙද??

:       0       0

අමිල Tuesday, 10 July 2012 10:09 AM

සිල්වා.. අවුරැදු 10න් දහයට ජලවිදුලිබලාගාර හදන්න අලුත් බලාගාර බිහිවෙන්නෙ නැහැ..ඉහළ කොත්මලේ තමයි ලංකාවෙ හදන්න පුළුවං අවසන් මහාපරිමාණ බලාගාරය. දැනට හදන උමා ඔය සහ තව කිතුල්ගල පැත්තෙ එකක් හදනවා..

:       0       0

සම්පත් Tuesday, 10 July 2012 10:50 AM

මෙයාලා වාන් දොරටු කියලා සොරොව්ව අරිනවද කොහෙද......

:       0       0

සරත් Tuesday, 10 July 2012 10:38 AM

වැඩි වතුර පොළොන්නරුවට යවන්න....

:       0       0

පුංචා Tuesday, 10 July 2012 11:46 AM

පේනවනේ කඳුකරයේ ලස්සන.......

:       0       0

වරුණ Tuesday, 10 July 2012 12:35 PM

ගොඩක් දවසකින් රංග ශානි කමෙන්ට් කරල නේ......

:       0       0

දීපාල් Tuesday, 10 July 2012 02:09 PM

දැන් ඉතින් ඔය ගල් අඟුරු බලාගාරයි, අරවයි මේවයි හදන්ඩ කල්පනා කරකරල වද වෙන්න ඕනෙ නැහැ. ජොලියෙ ඉමු!

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 10 July 2012 08:29 PM

අනේ සාදු!! වයඹටත් ඔහොම වහිනවානම් කොච්චර හොදද?

:       0       0

කොඩිකාර Thursday, 12 July 2012 11:09 AM

සිල්වා- ඔයා හරියට මේ ගැන දන්නෙ නෑ.ඔයාගෙ ප්ලෑන් එක හරි යන එකක් නෙවේ.ඔයාට විස්තර කරන්න මෙහෙම බෑ. ඔය පිරුනයි කියන ජලාශ වල ධාරිතාව ඉතා අඩු ඒවා. ඒවා හදල තියෙන්නෙ ජලය රදවා ගන්න නෙවෙයි. ඔව්ව පිරුන කියල නියගය ඉවරයි කියන්නෙ කවුද???

:       0       0

ජයන් Monday, 09 July 2012 09:41 PM

අපි ආණ්ඩුවට බණිමුද?

:       0       0

ranga shani Monday, 09 July 2012 07:49 PM

දැන්වත් අණ්ඩුවට බනින එක නවත්තයිද දන්නේ නැ. කොහොම උණත් දෙයියනේ කියල වැස්ස එක ලොක් දෙයක්

:       0       0

අමල් Monday, 09 July 2012 08:28 PM

හොදයි හොදයි

:       0       0

ලලිත් Monday, 09 July 2012 07:50 PM

ඔය වාන් දාන්නේ වැව්ද? නැත්නම් ළිංද? සතියක් පෑව්වොත් හිදෙන වැවු නැත්නම් කොහේද තියෙන්නේ?

:       0       0

ද සිල්වා Monday, 09 July 2012 07:55 PM

ඔය ජලාශවල පතුලේ රොන්මඩ පිරිල ඒකයි ඔය දවසක් දෙකක් වැස්ස ගමන් උතුරන්නේ නමුත් මාසයක් වැස්ස නැති වුණොත් ජලාශ හිදෙනවා. ඊට පස්සේ ඩීසල් බලාගාර වලින් තමයි විදුලිය උප්පාදනය කරන්නේ. අපේ ජලාශ නිසියාකාරව නඩත්තු කරමින් සැම අවුරුද දහයකට වරක් වත් අලුතෙන් ජල විදුලි බලාගාරයක් පද්ධතියට එකතු කරනව නම් අපට පුළුවන් පිටරට ඇදී යන විශාල මුදලක් අපේ රටට ඉතුරු කරගන්න. මේව සැලසුම් කරන්න පුළුවන් අපේ උගත්තු එක්කෝ පිටරට නැත්නම් නැත්නම් කාර්යාලවල නිදිකිරමින් සිටිනවා.

:       0       0

සතිල්-රිවිහාරි Monday, 09 July 2012 08:14 PM

අපි බයවුනේ රත්‍රියට විදුලිය නැතිව දුකෙන් ඉන්න වෙයි කියලා වතුර පිරි රටට කිරි ඉතිරේවා

:       0       0

දමිත් Monday, 09 July 2012 08:29 PM

අපේ කාලගුණේ කිවුවට මේ දැන් වහින්නේ.

:       0       0

සුභාෂිණි Monday, 09 July 2012 09:11 PM

අනේ කොයි තරම් දෙයක්ද. සාදු සාදු සාද්

:       0       0

නීලා Monday, 09 July 2012 09:12 PM

නියගයෙන් වේලුණු කුඹුරු, ගොවිතැන් වලටත්, හොඳින් වතුර ලැබෙන්න ඔනේ කියල ප්‍රර්ථනා කරනවා.

:       0       0

අනුර Monday, 09 July 2012 09:19 PM

ඇත්ත රංග, වැස්සත් මිනිස්සු ආණ්ඩුවට බණිනවා. නොවැස්සත් බණිනවා. අද අපි නිදහසේ ඉන්න එක පේන්නේ නෑ කාටවත්

:       0       0

චාන් Monday, 09 July 2012 08:10 PM

සාධු! සාධු! සාධු!

:       0       0

දම්පේ මෑන් Monday, 09 July 2012 10:01 PM

වහිනකොට ගංවතුර ගලනවා අපිට සහනාධාර දියව් දියව් කියලා කෑගහනවා. පායන විට නියගය ඇවිදින් අපේ වගාවන් පාඵවට ගිහින් කියා කෑගහනවා

:       0       0

ලලිත් Monday, 09 July 2012 10:27 PM

වතුරෙන් යටවෙලා හිටපු පිළිම වහන්සේලා පායනකොට උඩට මතු උනවෙලේ ජනතාව විඳින දුක දකින්න ඇති. ඒ නිසා වැස්ස වලාහක දෙවියන් අවදි කරන්න ඇති.

:       0       0

ලක්ෂ්මන් Monday, 09 July 2012 11:35 PM

හැමදෙනාම සිල්වගේ කමෙන්ට් එක බලන්න‍‍‍‍....

:       0       0

නයනා Tuesday, 10 July 2012 12:42 AM

ඔය වාන් දාන දොරටත් විදුලි ජනකයක් දාමුද?

:       0       0

නවීන් Tuesday, 10 July 2012 01:38 AM

ජාල විදුලියට විකල්ප තවත් හොයාගත්තනම් හොඳයි .

:       0       0

සංජය Tuesday, 10 July 2012 02:38 AM

ආ,,,,,,,, ඔහොම යන් . ඔහොම යන් .

:       0       0

කුමුදු Tuesday, 10 July 2012 03:01 AM

වතුර ටික දැක්කම නිවන් දැක්ක වගේ එවුනට මිලිලීටර් 175 නේද වෙන්න ඕනේ . මිලිලීටර් 175 කියන්නේ බෝතලයක්වත් වහල නැද්ද ?

:       0       0

පිලිපීනෝ Tuesday, 10 July 2012 08:16 AM

නියඟය ආවෙත් එයාල නිසා නම් වැස්ස වහින්නෙත් එයාල නිසාම වෙන්න ඇති‍‍‍‍....

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන


භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට
2022 නොවැම්බර් මස 28 929 0

මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත



ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි
2022 නොවැම්බර් මස 28 5370 11

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම


පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් කපා කොටා මරලා
2022 නොවැම්බර් මස 28 4356 6

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව



වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site