(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැසි හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 155ක වැසියන් 500 කට ආසන්න පිරිසක් අද(16) වන විට අවතැන්ව සිටින බව මූන්දලම ප්‍රාදේශීය ලේකම් විජානී වසන්තිකා මහත්මිය පැවසුවාය.
ඊයේ (15) දිනය පුරා පැවති අධික වර්ෂා තත්වයත් සමඟ මූන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් කිහිපයක් වාන්දැමීමත්, වැසි ජලය බැස යාමට කලින් තිබූ ඇළමාර්ග අවහිරවීමත් සමඟ මෙම තත්වය මතුව ඇති බව ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් කීවාය.
මෙයින් මංගලඑළිය පවුල් 50 ක්ද, පුබුදුගම පවුල් 65 ක්ද, මදුරන්කුලිය ශ්‍රීමාපුර පවුල් 40 ක පිරිසක් ද ලෙස පවුල් 155ක් මෙලෙස අවතැන්වී සිටිති. එසේම පල්ලාවාසල්පාඩු පවුල් 35 ක් සහ නවදන්කුලම පවුල් 20ක් ජලය ගලාඒම හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
කෙසේ නමුත් දැනට අවතැන්වී සිටින පවුල් සඳහා අද(16) පිසූ ආහාර ලබාදෙන බව මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානී වසන්තිකා මහත්මිය පවසා සිටියාය.
මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගංවතුරින් මූන්දලමේ පවුල් 155 ක් අවතැන්