X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී පසුගිය 9දා තරුණයකු ඝාතනය කල බවට සැකකරන පුද්ගලයකු සැඟව සිටියදී අද (17) අලුයම අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
 
වවුනියාව සින්නපුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කේ. සුරේන්ද්‍ර ප්‍රකාශ්  තරුණයා පසුගිය 09 වනදා වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේදී ත්‍රි රෝදයකින් රැගෙන ගොස් ඝාතනය කර කල්ලිකුලම් කැලෑවකදී මළ සිරුර පුලුස්සා තිබියදී පොලීසිය සොයාගෙන තිබිණි.
 
වවුනියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය සතියක කාලයක් තුලදී සන්නිවේදන තාක්ෂණය යොදාගනිමින් ඝාතනය කළ බවට සැකකෙරෙන වවුනියාව මුරුගනූර් ප්‍රදේශයේ පදිංචි නඩරාජා ක්‍රිෂ්ණලෝජන් නැමති 25 හැවිරිදි තරුණයෙකු මාතර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු විසින් පසුව පොලීසියට කළ පාපොච්චාරණයකදී තමන් එම ඝාතනය කළ බවට වරද කළ බව පිළිගෙන ඇත. සැකකාර තරුණයා එම තැනැත්තාව ඕමන්ත කල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කර ත්‍රි රෝද රථයේම ඉන්ධන ගෙන පුලුස්සා මියගිය තරුණයාගේ ගෙලේ තිබූ රන්මාලය හා මුදල් රුපියල් 2800 ක් රැගෙන පලා ගිය බවද පවසා ඇත.
 
ඝාතනය සඳහා යොදාගත් පිහිය ඇතුලු මිය ගිය තරුණයා සතුව තිබූ දෑ වැසිකිලි වළකට දමා තිබියදී පොලීසිය සොයගෙන ඇත. මිය ගිය තරුණයාගේ රන් මාලය මාතර ප්‍රදේශයේ රුපියල් 89,000කට උකස් කර තිබියදී එයද සොයාගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (17) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (0)

පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන


භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට
2022 නොවැම්බර් මස 28 929 0

මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත



ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි
2022 නොවැම්බර් මස 28 5370 11

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම


පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් කපා කොටා මරලා
2022 නොවැම්බර් මස 28 4356 6

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව



වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site