X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘සජිත්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශ ලෙස රනිල් පත් කළ යුතුයි‘

(නිමල කොඩිතුවක්කු)

සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට පත් කරනවා සේම ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙස පක්ෂ නායක  රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළ යුතු බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී තලතා අතුකෝරල මහත්මිය කොළඹදී අද (28) පැවසුවාය.
 
පක්ෂයේ සියලූ අභ්‍යන්තර අර්බුද විසදාගනිමින් සියලූ දෙනා ඒකරාශී කරගනිමින් ඉදිරි මහමැතිවරණයේදී විශිෂ්ඨ ජයග‍්‍රහණයක් කරා පක්ෂය මෙහෙයවන බවද අතුකෝරල මහත්මිය සදහන් කළාය.
 
විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඇය මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තලතා අතුකෝරල මහත්මිය මෙසේද කීවාය.
 
‘‘2015 ජනවාරි 08 ඉදන්  2019 නොවැම්බර් වෙනකම් දැන් ආණ්්ඩුවේ ඉන්න පිරිස් අපේ ආණ්ඩුවට විවිධ චෝදනා කළා. රට ඇමරිකාවට විකුනනවා, රණවිරුවන් සිරගත කරනවා, බෞද්ධාගම විණාශ කිරිමට කටයුතු කරනවා, රටේ  අනාරක්ෂිත බාවයක් තියෙනවා කියන කාරණා ඒ චෝදනා අතර  ඉදිරියෙන්ම තිබුණා.
 
අසාධාරණ විදියට සිරගත කර සිටින රණවිරුවන් පැය 24 න් නිදහස් කරනවා කිව්වා. දැන් අලූත් ජනාධිපති කෙනෙක්, අලූත් අගමැති කෙනෙක්, අලූත් ආණ්ඩුවක්  පත්වෙලා මාස තුනකට ආසන්න කාළයක් ගතවෙනවා.  එක රණවිරුවෙක්වත් නිදහස් කළේ නැත්තේ අසාධාරණ විදියට  සිරගත කරපු එක රණවිරුවෙක්වත් නැති කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

ජනාධිපතිතුමන් පැමිනි විගස සිය ආරක්ෂාව අඩු කලා.  අනාරක්ෂිත රටක් නම්, රටේ ජාතික ආරක්ෂාව පිලිබද ප‍්‍රශ්නයක්  තිබුනනම් ආණ්්ඩුයවක් ඇවිත් පැය 72 න් කොහොමද ආරක්ෂිත බාවය තහවුරු කළේ කියලා අපි අහනවා.

කෙළඹ වරාය නගරය,  ෂැංග‍්‍රිලා හෝටලය ඇතුලූ  එදා සින්නක්කරව විකුනපු දේවල් ගැන කවුරුත් කතා කලේ නැහැ. හැබැයි බලයට එන්න තියෙන කෑදර කමට  දේපළ  විකුණුවා කියලා අපිට චෝදනා කළා.  විදේශ රටවලට දේපල විකුණන්නේ නැහැ කියලා දැන් යලිත් බලයට  ඇවිත් ෂැංග‍්‍රිලා  ආසන්න ඉඩම සිංගප්පූරු සමාගමකට විකුණුවා.
 
ඒ වගේම අපි ආණ්ඩු කරපු කාළේ අපිට  තිබුන ලොකුම චෝදනාව තමයි බැදුම්කර වංචාව. අර්ජුන් මහේන්ද්‍රන් මේ රට ගේනවා. ඒ සම්බන්ධයෙන්  චෝදනා ලබපු අය නීතිය  හමුවට ගේනවා කියලා මහා ලොකු පොරොන්දුවක් දුන්නා.
 
 දැන් ආණ්ඩුව, ජනාධිපති, අගමැති ඔයගොල්ලන්ගේ නම් මේ වංචාවට සම්බන්ධ අයව වහාම නීතිය හමුවට  පමුණුවන්න කියලා අපි කියනවා.

අපේ ආන්ඩු කාළයේ කිසිම  ගිවිසුමක් අත්සන් කළේ නැහැ. මේ සියලූ ගිවිසුම්  අත්සන් කලේ 2015 ජනවාරි 08 කලින්.  අපේ ආණ්ඩුව කාළයේ චෝදනා කරපු මේ ගිවිසුම් ඉරා දාලා  රටේ ඇතිකරනවා   කියපු ස්වාධීනත්වය, නිදහස, භෞමික අඛණ්ඩතාවය ඇති කරන්න කියලා විපක්ෂය විදියට අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 



අදහස් (7)

‘සජිත්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශ ලෙස රනිල් පත් කළ යුතුයි‘

rama Tuesday, 28 January 2020 09:37 AM

කට වහනවද ? අපි මහ මැතිවරණයෙන් පස්සේ ඒවා ඔක්කොම කරනවා.

:       6       31

sam Wednesday, 29 January 2020 02:09 AM

තමන් අධිකරණ ඇමති ලෙස සිටිද්දී තමන්ගේ අධිකරණවල නඩු අහන විනිසුරුවන් එක්ක රන්ජන් යකා නටපු එක ගැන මොකද කියන්නේ.

:       7       32

Vip-expat Wednesday, 29 January 2020 11:49 AM

25 වතාවක් පැරදිච්ච කෙනෙක් උපදේශක කරලා මොනවා ගැන උපදෙස් ගන්නද? බැංකු කඩන හැටි නම් උපදෙස් ගන්න පුළුවන්..

:       0       2

ruvan Thursday, 30 January 2020 02:17 AM

තලතා තරහ මේ දෙන්නගෙන් කවුරු එක්කද?

:       0       1

lalithm Friday, 31 January 2020 02:58 AM

සජිත්ගේ උපදේශක ලෙස මර්වින් සිල්වා හෝ වාසුදේව යෝජනා කළානම් ඊට වඩා හොඳයි.

:       0       23

Mahee Friday, 31 January 2020 03:20 AM

බංගලාවේ සේවකයා හැටියට පත්වීමක් දුන්නොත් නරකද? ඒ තරමට දැන් බාල්දුවෙලා...

:       0       19

Bamunuarachchi Monday, 09 March 2020 02:15 AM

වේදේහ රජුට කේවට්ටයා පත් වුණාටත් වැඩිය හපන් වේවි... රනිල්ට සජිත් ගෙන්න ගන්න උපදෙස් මොනවාද කියා කියන්න. එයා ජනාධිපතිවරණයේදී කළකතා විමසිල්ලෙන් බලන්න. කේවට්ටයා වෙන්නත් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන


භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට
2022 නොවැම්බර් මස 28 929 0

මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත



ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි
2022 නොවැම්බර් මස 28 5370 11

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ම


පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් කපා කොටා මරලා
2022 නොවැම්බර් මස 28 4356 6

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව



වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site