X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අගමැතිට විශ්වාසය පළ කිරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසුම හෙට

ඉතාලි සන්ධාන රජයෙන් එරට හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කෝනීගේ පක්ෂයේ ඇමැතිවරුන් පස් දෙනකු ඉල්ලා අස්වීමත් සමඟ හටගත් අර්බුදයේදී, අගමැති කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීමේ ඡුන්ද විමසුමක් හෙට (2) පැවැත්වීමට නියමිතය.

බදු වංචා චෝදනා එල්ල වී, සිටින හිටපු අගමැති බර්ලූස්කෝනිගේ ඉල්ලීම පරිදි, සන්ධාන රජයෙන් ඔහුගේ පක්ෂයේ ඇමැතිවරුන් ඉල්ලා අස්වූයේ ඉකුත් සති අන්තයේදීය.

එම අවස්ථාවේදී හටගත් අර්බුදය පාර්ලිමේන්තුව හමුවට ගෙන යමින් ඊට විසඳුමක් සෙවීමට අගමැති එන්රිකෝ ලෙටා බලාපොරොත්තු වෙයි. විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසුම හෙට දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවය.

අගමැති එන්රිකෝ ලෙටාට අවශ්‍ය ප‍්‍රමාණයට ඡන්ද හිමිවුවහොත් හටගෙන ඇති දේශපාලන අර්බුදයට තාවකාලික විසඳුමක් ලැබෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර, ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපොලිටානෝ පවසා ඇත්තේ තමා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරන්නේ අවසන් විකල්පය ලෙස බවය.

ඉතාලියේ අවසන් වරට මැතිවරණයක් පැවැත්වුණේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකදීය. එම මැතිවරණයෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි. ඒ අනුව, අගමැති ලෙටා, බර්ලූස්කෝනීගේ පක්ෂය සමඟ එක් වී සන්ධානයක් පිහිටුවීය.

සන්ධාන රජය පිහිටුවා මාස දෙකක් ගතවෙද්දී, බර්ලූස්කෝනිගේ ජනතා නිදහස් පක්ෂ සාමාජිකයෝ අගමැති ලෙටාගේ මධ්‍ය වාමාංශික ඩිමොක‍්‍රටික් පක්ෂය සමඟ මතභේද ඇති කර ගත්හ. ඊට ප‍්‍රධානතම හේතුව වූයේ අගමැති ලෙටා වෙළඳ බදු වැඩි කිරීමට ගත් තීරණයයි.

ඉතාලිය යළිත් මැතිවරණයකට ගොස්, එයින් ද කිසිදු අපේක්ෂකයකුට හෝ පක්ෂයකට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වුවහොත් ඉතාලි අර්බුදය තව තවත් දිග්ගැස්සීමේ අවදානමක් ඇති බව දදේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

 

හිටපු අගමැති බර්ලූස්කෝනි
 
ඉතාලි අගමැති ලෙටා (වමේ) සහ ජනාධිපති නැපොලිටානෝ

 



අදහස් (0)

අගමැතිට විශ්වාසය පළ කිරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසුම හෙට

කුමාර් Tuesday, 01 October 2013 03:59 PM

බර්ලූස්කෝනීට කොන්දක් තියෙන මිනිහෙක්, එයාට පුළුවන් ඉතාලිය ආර්ථික ප්‍රශ්න වලින් මුදාගෙන ඉදිරියට යන්න. (ස)

:       0       0

හේරත් Wednesday, 02 October 2013 06:28 AM

අපේ අය ඉන්නවා. අර පැත්තෙන් මේ පැත්තට ..අගර දඟර සරුංගෝල ... (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 02 October 2013 08:09 AM

තවමත් ප්‍රශ්න ඇති කරනවානේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site