අඟහරු ග්‍රහයා මත එහෙමෙහෙ යමින් ගවේෂණ සිදු කරන ‘කියුරියෝසිටි’ රොබෝ රෝවර් යානය පෘථිවියට එවූ නවතම ඡායාරූප අතරින් මලක හැඩය ගත් කිසියම් වස්තුවක් තිබීම හේතුවෙන් නාසා විද්‍යාඥයෝ මවිතය පළ කරති.
එම ‘වස්තුව’ අබිරහසක් බවත් එය කුමක්දැයි හරිහැටි හඳුනා ගැනීමට තමන්ට හැකියාව ලැබී නැති බවත් නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
එම ‘මල’ ඇත්තේ අඟහරුගේ ‘යෙලෝක්නයිෆ් බේ’ නමින් විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබූ ප්රදේශයේය. කෙසේ නමුත් මලක හැඩැති එම වස්තුව කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කරද්දී ඒ සඳහා උපකාර කළ යානාවෙන් ගැලැවී විසිවුණු ප්ලාස්ටික් කැබැල්ලක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අඟහරු ගිය නාසා යානයට මලක් හමුවෙලා
අමිල කටුනායක; Tuesday, 08 January 2013 08:42 AM
යානාවක පතුරු කෑල්ලක් වෙන්න ඇති. (නි)
ශ්‍රී Sunday, 07 July 2013 09:34 AM
කඩලා ගමු එහෙනම් (නි)
ඉන්දික Saturday, 30 March 2013 09:02 PM
මලක් නෙමෙයි...ගලක්. තිරිවාන ගලක්........ (නි)
ප්‍රියන්ත Wednesday, 09 January 2013 04:38 AM
මල් පිපෙනවා කියන්නේ ජීවින් ඉන්නවා කියන එක (දී)
සුනිල් Tuesday, 08 January 2013 09:40 PM
රෝබෝලා මලක් වට්ටලා යන්න ඇති. (නි)
ආනන්ද Tuesday, 08 January 2013 05:14 PM
මට පෙනෙන්නේ ලොකු නහයක් සහ කටක් ඇති වෙස් මුහුණක් වගෙයි. (නි)
කුමාර් Tuesday, 08 January 2013 04:48 PM
මලක්ද?එහෙනම් තණමල්විල හිටපු කෙනෙක් එහේ ඇති. (නි)
දසුන් Tuesday, 08 January 2013 03:52 PM
මල් කඩන්න යමුද අඟහරු ලෝකෙට (ස)
කුරුවිට Tuesday, 08 January 2013 03:12 PM
මොකද්ද මේ මල ?? (ස)
සුදේශ් Tuesday, 08 January 2013 01:59 PM
ගිනි මලක් පිපුනාය දොරකඩ (ස)
කුමාර Tuesday, 08 January 2013 02:02 PM
එහේ හිටියා නම් ප්‍රදර්ශනය කරලා ගාණක් හොයාගන්න තිබුණා. (නි)
රොක් Tuesday, 08 January 2013 12:51 PM
යානයේ ප්ලාස්ටික් විශේෂ වර්ණයකින් නිපදවලා තිබුණා නම්, විද්‍යාඥයින්ට අහස පොළව ගැටගහන්න කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. (නි)
අජිත් Tuesday, 08 January 2013 11:10 AM
ලෝකයේ දැන් හැමතැනම තියෙන්නේ ප්ලාස්ටික් මල් නිසා ඕකත් එහෙම එකක් වෙන්න ඇති. (නි)
ශිෆාන් Tuesday, 08 January 2013 11:02 AM
ඒලියන්ස්ලා පාවිච්චි කරපු ෂොපින් බෑග් කෑල්ලක් වෙන්න බැරිද? (නි)
අමිල Tuesday, 08 January 2013 09:55 AM
තණමල්විල මලක් එහෙම නෙවෙයිනේ (ස)
ජයසේකර Monday, 07 January 2013 12:47 PM
මලක් යෑ ඒක ගලක් නේ (ස)
තිසල් Tuesday, 08 January 2013 06:06 AM
ගලක මලෙකි මහ පුදුමෙක් නෑ අහසෙන් වැටුන කෑල්ලකි (ස)
සිල්වා Tuesday, 08 January 2013 04:26 AM
මිනිසාව මුලාකිරීම, භීෂණය, ආගම්භේද සහ නොපිළිගත හැකි දේවල් ගැන සිතීමට ඉඩකඩ සැළසීම සාමාන්‍ය දෙයක් යැයි මගේ විශ්වාසයයි. (නි)
අනුර Tuesday, 08 January 2013 02:59 AM
සමහරවිට මලක් වෙන්නත් පුලුවන්. (නි)
චන්දන Monday, 07 January 2013 10:20 PM
විශ්මිත වැඩක් (දී)
අසින්ත Monday, 07 January 2013 10:12 PM
කවුරු හරි ගල් කරපු මලක් වගේ (ස)
නොයෙල් Monday, 07 January 2013 07:12 PM
එහෙත් එහෙනම් මල් තියෙනවා නේද ? (ස)
ලහිරු Monday, 07 January 2013 06:07 PM
ඉස්සර හිටපු පිටසක්වල ජීවීන් මලුත් හිටවල එහෙනම් (ස)
විපුල් Monday, 07 January 2013 05:59 PM
මල් දැකපු නැති අයට හොඳයි (ස)
ලලිත් Monday, 07 January 2013 05:19 PM
මම නම් හිතන්නේ ඒක ගලකුත් නෙමෙයි මලකුත් නෙමෙයි .කාල විසි කරපු බත් පාර්සලයක් වගේ ... (ස)
සුදේශ් Monday, 07 January 2013 05:10 PM
මල් කොහෙන්ද අඟහරුගේ (දී)
රොහාන් Monday, 07 January 2013 04:48 PM
ඒ කියන්නේ ජීවින් ඉන්නවා (දී)
වජිර Monday, 07 January 2013 03:41 PM
ඒ ගල් මලක් (ස)
ලාල් Monday, 07 January 2013 01:42 PM
එහෙ මල් පිපෙනවා කියන්නේ ජීවින් ඉන්නවා (දී)