රුසියානු අභ්‍යාවකාශ චන්ද්‍රිකාවකින් කක්ෂය වෙත යවනු ලැබූ හූනු කටුස්සන් හය දෙනාම යානය නැවත පෘථිවියට පැමිණෙන විට මියගොස් සිටියහ. ඔවුන් යවන ලද්දේ ලිංගික පර්යේෂණක් වෙනුවෙනි. ඔවුන් අභ්‍යාවකාශයට රැගෙන ගිය ෆෝටෝන-එම් 4 නමැති චන්ද්‍රිකාව පසුගිය සඳුදා පෘතිවියට පැමිණියේය. විශේෂඥයන් පවසන්නේ තාපන ක්‍රියාවලිය බිඳවැටීමෙන් පසු අධික ශීතලෙන් මේ සතුන් මියයන්නට ඇති බවයි.
මොවුන් අභ්‍යාවකාශයට යවන ලද්දේ ලිංගික ක්‍රියාවලියේ දී බර අඩුබව බලපාන්නේ කෙසේ ද යන්න සොයා බැලීමේ අපේක්ෂාවෙනි.
‘‘ඔවුන් සතියකට පමණ පෙර මියයන්නට ඇති බව අපට නිශ්චිතව ම කිව හැකියි. ඔවුන්ගේ සිරුරු අර්ධ වශයෙන් මමිකරණය වී තිබුණා.‘‘ යැයි වෛද්‍ය ජීව විද්‍යාව සම්බන්ධ රුසියානු ආයතනය පවසයි.
රුසියානු අභ්‍යාවකාශ කාර්යාංශය මේ මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් ඉදිරිපත්කැර නැත. මේ යානයේ හූනු කටුස්සන්ට අමතරව ඩ්‍රොසෆිලා පළතුරු මැස්සන් ද ගමන් කැර ඇත. යානය යළි පැමිණෙන විටත් ජීවත්ව සිටි මේ පළතුරු මැස්සෝ තම වර්ගයා බෝ කරගෙන සිටි බව ද වාර්තා වේ.
හතු සහ බීජ වර්ගවල පැලවීම හා වැඩීම සම්බන්ධව ද පර්යේෂණ මෙම යානයතුළ සිදුකරන ලදී. අඩු ගුරුත්වාකර්ෂණ තත්ත්ව යටතේ විශේෂ රික්ත උඳුන් මගින් ද්‍රව ලෝහ ඝනවන ආකාරයත් ඝන ලෝහ ද්‍රව වන ආකාරයත් පරී්ක්ෂණයට බඳුන් විය.
ටොන් හයක් බරැති මේ චන්ද්‍රිකාව පසුගිය ජූලි මස 19 දා ගුවන්ට යවන ලදී. අභ්‍යාවකාශයේ මාස දෙකක් පර්යේෂණ කටයුතුවල නිරත විය යුතුව තිබුණ ද දින 44කින් එය නැවත පැමිණියේය. අභ්‍යාවකාශගත වීමෙන් සුළු මොහොතකට පසු යානය හා රුසියා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අතර තිබූ සම්බන්ධතා බිඳවැටිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අජඨකාශයට ගිය කටුස්සෝ මිය යති
තිවංක රොෂාන් Monday, 08 September 2014 03:38 AM
ඒ කියන්නේ සම්පුර්ණ මමීකරණය කරන්න පුළුවන් වුණොත් ශ්‍රේෂ්ඨ අයගේ මළසිරුරු හැමදාටම තියාගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න පුළුවන් වේවි. (නි)
කුමාර් Monday, 08 September 2014 08:42 AM
රුසියාව ගගාරින් උඩු ගුවනට යැවීමට පෙර මිනිසුන් කීපදෙනෙක් යැවූ බවත් ඔවුන් උඩු ගුවනේදී මියගිය බවත් දැන් හොයාගෙන තියෙනවා නේද? (නි)
ජයත් Thursday, 11 September 2014 11:00 AM
ඔව් කුමාර් එහෙම කතා තියනවා තමයි. ඇමෙරිකාව හඳට ගියේ නැහැ කියන කතාවටත් බිඳ හෙලන්න අමාරු තර්ක තියනවා (නදී)