X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


අතට අත දීම භයානකයි

අතට අත දීම අතීතයේ පටන් පැවත එන සංස්කෘතික ක්‍රියා පිළිවෙතක් වුව ද එමගින් රෝගීන් අතර රෝගාබාධ පැතිරීම වැළැක්විය නොහැකියැයි පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් පවසන්නේ විශේෂයෙන් ම වෛද්‍යවරු රෝගීන්ට අතට අත දීම නවතා දැමිය යුතු බවයි.

ඇතැම් ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කැර ඇති ආකාරයට ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අතට අත දීමේ ක්‍රියාව නතා දැමිය යුතු බව පර්යේෂණ වාර්තාවේ සඳහන් කැර තිබේ.

අතට අත දීම ශතවර්ෂ ගණනාවක සිට ක්‍රමිකව විකාශය වෙමින් පැමිණ වර්තමානයේ හෘදයාංගම සංස්කෘතික අංගයක් බවට පත්ව ඇත.

ග්‍රීසියේ මානව කෘති අනුව පෙනෙන්නට ඇත්තේ අතට අත දීම ආරම්භ වූයේ සාමයේ ඉඟියක් ලෙසින් බවයි. එසේ වුව ද වර්තමානයේ අතට අත දීම ජාත්‍යන්තරව පිළිගන්නේ එය සුභ පැතීමේ සහ වෙන්ව යාම,ගෞරවය,මිත්‍රත්වය,සාමය, උණුසුම්ව සුබ පැතීම,හෝ  විධිමත් එකඟතාවයක සංකේතයක් ලෙසයි.

මෙම පුද්ගලයන් අතර ඇති වැදගත්කමට වඩා අතට අත දීම පොදු වශයෙන් පිලිගනු ලබන්නේ වානිජ හෝ දේශපාලනික වැදගත්කමටය.  

මාර්ක් ස්ක්ලන්සි නායකත්වය දරණ ඇමරිකානු වෛද්‍ය සංවිධානය සිය පර්යේෂණ වාර්තාව එළි දක්වමින් පෙන්වාදෙන්නේ මෑත අවධියේ අත් බෝවන රෝග ඉහළ දැමීමේ   වාහකයෙක් ලෙස හඳුනා ගෙන ඇති  බවයි. තව ද රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ස්ථානවල අත්වල ස්වස්ථතාව පිලිබඳව විධිමත් නිර්දේශ පිලිබඳ ප්‍රතිපත්ති සකසා නොමැති වීම ද හානිකර බව ඔවුන්ගේ මතය වී ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ‍සේවකයින්ගේ දෑත් තම රෝගින්ගේ රෝග බීජ මගින් අපිරිසිදු වි ඇති සහ රෝග පැතිරීම පාලනය සඳහා උත්සාහයන් ගෙන තිබියදීත් එකිනෙක අතර කලවම් වීම සිදුවන්නේ එදිනෙදා රෝගීන්ගේ සහ පරිසාරික සම්බන්ධතා හේතුවෙන් බව වාර්තාව පෙන්වා දෙයි. මෙම තත්වය සඳහා යොදාගත හැකි වෙනත් විකල්පය ලෙස වෛද්‍යවරුනට යෝජනා කර ඇත්තේ අත වනමින් තම ආචාරය සතුට සමුගැනීම ප්‍රකාශ කිරිම වඩාත් සුදුසුය යන්නයි.

 



අදහස් (0)

අතට අත දීම භයානකයි

ඇනස්ලි Wednesday, 28 May 2014 08:04 AM

අත් දෙකෙන් වැඳලා, කොන්ද පොඩ්ඩක් නමලා ආයුබෝවන් කියන්න පුරුදු වෙමු, වැඩේ ඉවරනේ..... (නි)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 09:47 AM

වදින්න නම් බැරිය කොන්ද නමන්න නේ බැරි දැන් හැමෝටම වගේ කොන්දේ අමාරුනේ (ස)

:       0       0

කලීල් Wednesday, 28 May 2014 01:13 PM

එක ඇත්තට වෙන්නන් පුලුවන්. (ස)

:       0       0

කුසුම් Wednesday, 28 May 2014 02:35 PM

අත් දෙකෙන් වැඳලා ආචාර කිරීම නම්, බොහොම හොඳ ක්‍රමයක්. හැබැයි මවට, පියාට හැර අනෙක් අයට කොන්ද නමන්න මම නම් කැමති නැහැ. යමෙකුට දිය යුතු නිසි ගෞරවය පුදන්න ඕනෑ හදවතෙන්. (නි)

:       0       0

සමන්ති Thursday, 29 May 2014 04:08 AM

එතකොට දැන් හැමෝම බදාගෙන කම්මුලට කම්මුල තියල හමුවෙනකොට හොඳද? (අ)

:       0       0

සී ගංගොඩ Thursday, 29 May 2014 03:16 PM

අත් වල මෙන් කම්ම්මුල් වල විෂ බීජ තිබෙන්න විදියක් නැහැ. හේතුව කෙනෙකුගේ මුහුණ බාහිර අපිරිසිදු පරිසරය සමඟ තැවරීම අඩු වීම සහ අත් දෙක සැම විටම නොයෙකුත් තැන් ඇල්ලීම නිසා අපිරිසිදු වීමත්ය. පොදු ස්ථාන වල පඩි පේලි නඟින අත් වැල්, බස් වල එල්ලීමට ඇති ආධාරක, පොදු ස්ථාන වල දොර අගුලු, එවැනි තැන්ය. (දිල්)

:       0       0

හේවා Thursday, 29 May 2014 06:49 PM

ඒ අතින් අපි ඉදිරියෙන් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site