ඕස්ට්‍රේලියාවේ උතුරුදිග ක්වීන්ස්ලන්තයේ කැලයේ නිරාහාරව දින 17 ක සිට අතරමන් ව සිටි ලීහ් ෆෙෂර්ස් නම් කාන්තාවක් සොයාගැනීමට හැකිවි ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
තිස්වියැති ඇය තම සැමියා සහ තවත් පුද්ගලයෙක් සමග ගෝල්ඩන් හෝල් නැමැති නාන තටාකය වෙත සැප්තැම්බර් 21 දින ගොස් ඇති අතර එහිදී මෙම අතුරුදන් වීම සිදුවී තිබේ. දැන් ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් ප්‍රකෘති තත්වයට පැමිඅණෙමින් සිටින අතර ඇගේ ශරීරයේ ආසාදිත තුවාල සහ හිරු රෂ්මියෙන් වු තදබල කැලැල් පවතින බව වාර්තාවේ.
ෆෙෂර්ස් මහත්මිය දක්නට නොලැබිමත් සමග ඇගේ සැමියා හා ඔහුගේ මිතුරා අනතුරු ඇඟවීමේ සංඥා ලබා දුන් නමුත් ඇය වාහනයට පැමිණීමට අපොහොසත් වී තිබේ.
දරුවන් තිදෙනෙකුගේ මව වු ෆෙෂර් සෙවීම සඳහා පොලිස් නිලධාරින් සහ රාජ්‍ය හදිසි සේවා නිලධාරින් 25 දෙනෙක් එක්වි සිටියහ. කිමිදුම් කරුවන් පොකුණ ගැන සොයා බලද්දී අනෙක් නිලධාරින් අවට පරිසරයේ විපරම් කැර ඇත. හෙලිකොප්ටර් යානා ද පිරික්සුම්වලට යොදා තිබිණි. පිරික්ෂක කංඩායම් විවිධ වර්ණයෙන් යුත් සලකුණු බිමට දමා තිබේ.
ෆෙෂර්ස් ගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇය විසින් මෙම සළකුණු අතරමංව සිටි කැලයෙන් එළියට පැමිණීම සඳහා මං සලකුණු ලෙස යොදා ගෙන තිබු බවයි.
ඇය එළියට පැමිණී පසු පළමුව දැක ඇත්තේ අන්නාසි වෙළෙන්දෙකි. පසුව ඔහු විසින් මෙම කාන්තාව වහාම ලඟම පිහිටි රෝහල වෙත යවා ඇත.
පවුලේ සාමාජිකයන් මාධ්‍යයට පවසා ඇත්තේ ඇය සුරක්ෂිත වි ඇත්තේ කුඩා කලපුව, කුඩා මාළුන් සහ කෘමින් බවයි. තම සිරුරේ තිබූ තුවාල කලපුවේ ජලයේ දමා ගෙන දින තුනක් ඉඳගෙන සිට ඇත.
ඔවුන් තවදුරටත් පැවසුවේ ඇයට කිඹුලන්ගෙන් ද ආරක්ෂා වීමට ද සිදුවූ බවයි.
ෆෙෂර්ස් ගේ කිලෝ ග්‍රෑම් 90 ක් වු බර ඇය අතුරුදන්ව සිටි කාලයේ දී කිලෝ 16 කින් අඩුවූ බව වෛද්‍යවරු කියති.
ෆෙෂර්ස්ගේ සැමියා වන හේත් කැසඩි පැවසුවේ ඇයගේ ශරීරය පුරාම සීරිම් සහ කැලැල් අධිකව තිබෙන බවයි. කැසඩ් පවසන්නේ ඇය ජීවත්ව සිටීම පුදුම උපදවන කරුණක් බවයි.
ඇගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය තවමත් පරික්ෂණ පවත්වමින් සිටින අතර එහි ප්‍රකාශකයෙක් වාර්තාවකරුවන්ට පවසා ඇත්තේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකසහිත තත්වයක් නොමැති බව පෙනෙන්නට ඇති බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අතරමංවූ කත දින 17ට පසු කැලයෙන් එළියට එයි
ගාමිණී සිරිවර්දන Sunday, 12 October 2014 07:48 AM
මාව... හංගා.... වනේ ..ගීතය ගයමින් වන මෝහිනිගේ චරිතය රඟපාන්නට ගොස් වනයේ අතරමංවූ පිස්සු නංගී කෙනෙක් ! ඔසී කැන්ගරු කාන්තාවෝ හපා කන්නේ නැතිව ඇති ! (නදී)
සෑම් Sunday, 12 October 2014 09:39 AM
මේ කාන්තාවගේ අතුරුදහන් වීම සැක සහිත බව මිසක් සැක නැති බවක් කියවුනේ නැහැ. මැය මේ කතාව මාධ්‍ය ආයතන වලට ඉහල මුදලකට(ලංකාවේ මුදලින් නම් කෝටි ගානකට) විකිණීම සඳහා සිතාමතා කල රඟපෑමක් යැයි සැකයක් පවතින බවත් ඒ ගැන පරීක්ෂණ කරන බවත් කියවුනා. ඒ හැරත් මැය සොයාගනු ලැබුවේ අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් සීයක පමණ දුරකින් වීමත් සැක සහිත බව කියවුනා. (නදී)
චමින්ද Sunday, 12 October 2014 11:12 AM
සෑම්ගේ කතාව හරි. මෙවැනි පුවත් මවන්නන් සිටිනවා. පස්සේ කතාව මාද්යට ඩොලර් ලක්ෂ ගානකට විකුනනවා. පසුගිය කාලෙක එංගලන්තයේ ඉදන් ආපු තරුණයෙක් මේ වගේ කැලෑවක අතුරුදහන් වෙලා, ඩොලර් දහස් ගානක් ප්‍රාන්ත ආණ්ඩුව වියදම් කරලා [හෙලිකොප්ටර් ඇතුළුව] දවස් ගානකට පස්සේ හොයා ගත්තා. පස්සේ මිනිහා ඩොලර් පනස් දාහකට කතාව මාද්යට විකුණලා එංගලන්තයට මාරු වුනා. වෙන එකක් තියා හොයා ගන්න සහභාගී වූ අයට ස්තුතියක්වත් පල කරන්නේ නැතුව. ඔන්න මිනිස්සුන්ගේ කෘතගුණ සැලකීම. (නදී)
ප්‍රියන්ත Monday, 13 October 2014 01:40 AM
ඕස්ට්‍රේලියාවේ මිනිස් ජීවිතයකට ඉහළ රැකවරණයක් තියනවා. (නි)
අසාම් Monday, 13 October 2014 02:10 AM
කොහොමහරි ජීවිතයට අනතුරක් නැතිව බේරුන එක ලොකුදෙයක්. සහන සේවකයන්ට ස්තුති වේවා! (නි)