X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අතීතයේ ප්‍රනීත ආහාර අද වල් පැලෑටි

වසර 7000 ට පෙර ලොව විසූ මානවයා පුළුස්සාගත් සත්ත්ව මාංශ හා පැලෑටි යොදා සෑදූ සලාද වැනි ආහාර කෑමට ගත් බව පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ සූජාඩානයේ අල්කයිඩා ප්‍රදේශයෙන් සොයාගත් පැරණි මානව සිරුරක දත් විශ්ලේෂණය කිරීමෙන් මේ බව සොයා ගැනීමට හැකි වූ බවයි.

අතීත ඊජිප්තු වැසියන් ඖෂධයක් ලෙස යොදා ගත් දම්පැහැති සේජ් නමැති පන් වර්ගය මොවුන් බහලව ආහාරයට ගෙන ඇත. අතීත සූඩානයේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයාට ඖෂධ පිළිබඳ යම් දැනුමක් තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ එම දත්ත අනුව විග්‍රහ කරති.

පරීක්ෂණය සිදුකළ බර්සිලෝනා හා යෝක් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ තමන් මේ පර්යේෂණයට පදනම් කරගත්තේ අදින් වසර 7000ට පෙර වර්තමාන සූඩානයේ දී මියගිය තරුණයකුගේ සිරුරේ තිබූ දත්වල අඩංගු රසායනික සයෝග බවයි.

ඔවුන් කෑමට ගත් සේජ් නමැති පන් වර්ගය දැන් මිනිසාගේ ආහාරයට එක්කැරගන්නේ නැත. එය වල් පැලෑටියකි.

article-2694799-1FB0FA9B00000578-808_634x462

article-2694799-1FB0E40100000578-842_634x446



අදහස් (0)

අතීතයේ ප්‍රනීත ආහාර අද වල් පැලෑටි

නාමලී Friday, 18 July 2014 10:42 AM

මාංශ හා පැළෑටි යොදා සෑදූ සලාද වැනි ආහාර කෑමට ගත්තාද, නැතහොත් කන්න දෙයක් නැතිකමින් වල් පැළෑටි කෑවාද කියලා හොඳින් සොයාබැලිය යුතුයි (නි)

:       0       0

සත්‍යා Saturday, 19 July 2014 01:39 AM

නාමලී, ඔයා කියන්නේ වර්තමාන ලංකාවේ තියෙන තත්ත්වය, අවුරුදු 7000 කට උඩදී සුඩානයේ අල්කයිඩා වල තිබෙන්න ඇති කියාද? ඒ තරුණයා ඒ කාලයේ තණකොළ කාලා හරි ජීවත් වුණා. (නි)

:       4       4

අමිත් Saturday, 19 July 2014 03:17 AM

වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (නි)

:       0       2

සුජිත් Saturday, 19 July 2014 04:50 AM

කෘෂිකර්මාන්තය නොදියුණු අවදියක තිබුණු එම යුගයේ මිනිසුන්ට අද වගේ ධාන්‍ය බහුල ආහාර තිබුනේ නැහැ. ඒ නිසා අවට පරිසරයේ වැවෙන ගස් වල විවිධ කොටස් ආහාරයට ගත්තා. එකල එම ආහාර ජීරණය කිරීමට ඔවුන්ගේ ආහාර මාර්ග පද්ධතිය හැඩ ගැසී තිබුනා. පසුව එම ජන කොටස කිසියම් හේතුවකින් ප්‍රදේශයෙන් වඳ වී ගොස් වෙනත් ජන කොටසක් එහි පදිංචි වෙන්න ඇති. එම ජනතාව මේ ශාකය ආහාරයට සුදුසු බව නොදන්නා හෙවත් පරපුරෙන් පරපුරට භාවිතා නොකළ ජන කොටසක් වන්න පුළුවන්. එමනිසා එය භාවිතය කිරීම අවසන් වුණා විය හැකියි. (නි).

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site