X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


අතුරුදන් යානයේ අබිරහස පොතකින් එළියට එයි

අතුරුදන් මැලේසියානු එම්.එච්. 370 ගුවන් යානය පිලිබඳව පොතක් ලියා ඇති නයිජෙල් කේව්ත්‍රෝන් එම යානය ඇමරිකාව සහ තායිලන්තය එක්ව කරණ ලද ජෙට් යානා ගුවන්  යුධ  අභ්‍යාසයේ දී බලාපොරොත්තු නොවු ආකාරයට ප්‍රහාරයට ලක්ව දකුණු චීන මුහුදු තීරයේදී කඩා වැටී ඇති බවයි.

යානයේ සිටි බ්‍රිස්බේන් ජාතික මගියකුගේ ඥාතීන් ප්‍රශ්න කරන්නේ තවමත් පරීක්ෂණ කණ්ඩායම් වලට සොයාගත නොහැකි වූ යානය සම්බන්ධයෙන් මෙවැනි අදහස් පළ කරමින් පොතක් ලියන්නේ කෙසේ ද යන්නයි. යානය අතුරුදන් වී දැනට දින 71ක් ගතවී ඇත.

පොත මගින් පෙන්වා දී ඇත්තේ යානය යුද අභ්‍යාසයේ දී ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

ගුවන් යානයේ අතුරුද්නවිම ගැන පරීක්ෂණ පවත්වන කණ්ඩායම මේ කරුණු වසන්කරන බව ද මේ ග්‍රන්ථයෙන් දක්වා තිබේ. එමෙන් ම පොත ලියූ කේව්ත්‍රෝන් පවසන්නේ අති නවීන තාක්ෂණයෙන් යුක්ත බව පැවසුව ද අතුරුදන් වූ යානයේ කළු පෙට්ටියේ පරිගණක මෘදුකාංග ඉතා ප්‍රාථමික මට්ටමේ වූ බවයි.

 



අදහස් (0)

අතුරුදන් යානයේ අබිරහස පොතකින් එළියට එයි

ගිම්හාන් Tuesday, 20 May 2014 08:10 AM

මේ ඉක්මණට පොතක් ලිවුවේ ඉක්මණින් අධික ලාභයක් සහිතව පොත විකුණාගන්න බලාපොරොත්තුවෙන් වෙන්න පුලුවන් (නි)

:       0       0

තිළිණ Sunday, 08 June 2014 12:40 PM

ඔක ගැන මම නම් කියන්නෙ එක්කො ගුවනේදී ක්ෂනයෙන් පුපුරා යන්න ඕනි,නැතිනම් ප්‍රභල රටකින් ප්‍රහාරයක් එල්ල වෙන්න ඕනි,නැතිනම් යානයේ තෙල් වල හිඟයක් නිසා යානය මුහුදට වැටෙන්න ඕනි. (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 25 May 2014 04:39 AM

සුපුන් මහත්තයාට දියාගෝ ගාර්සියා ගොස් යානය සෙවීමට ලංකාදීප පාඨකයන් විසින් අරමුදලක් ඇති කරමුද? (නි)

:       0       0

කලා Saturday, 24 May 2014 06:54 PM

ෆෙර්ණන්දෝ ඔබ හරි කියා හිතෙනවා.(නදී)

:       0       0

ෆර්නෑන්ඩු Friday, 23 May 2014 01:40 PM

උපාලිට වුන දේ රාජ්‍යනායකයෝ දන්නවා. එළියට දාන්න බැරි නිසා තාමත් අතුරුදහන් කියනවා. නොවිසඳුනු අබිරහසක් උනේ එහෙම. (ස)

:       0       0

රාජුන් Friday, 23 May 2014 10:07 AM

සමහර වාර්තා අනුව මෙම පොත එළි දැක්වීම එම යානයේ ගොස් ජිවිත හානි වූ අයගේ ඥාතීන්ට සහ හිතවතුන්ට හිත වේදනාවට හේතු වන කරුණක් වන බව සඳහන් වෙනවා (දිල්)

:       0       0

සුපුන් Thursday, 22 May 2014 12:28 PM

ඇත්තටම මටනම් හිතෙන්නේ මේ යානාව දියාගෝ ගර්ෂියා වල රදවල තියෙනවා කියලා. මැලේසියන් යානය මාලදිවයිනේ දකුණු දුපත් උඩින් පහතින් යනවා ගොඩක් අය දැකල තියෙනවා. ඒ කියන්නේ මේ යානය දියාගෝ ගර්ෂියා වල තියෙනවා කියන එක මතයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද මේ යානය ගිහින් තිබෙන්නේ ගුවන් යානා යන්නේ නැති කලාපයක. දකුණු මාලදිවයිනේ සිට දියගොවට ඉතා කිට්ටුයි (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 22 May 2014 10:21 AM

ප්‍රහාරයකට ලක් වූ යානයක පාවෙන සුන්බුන් සහ මුහුද මතු පිට තෙල් පැල්ලම් තියෙන්න ඕනැ නේද? (ස)

:       0       0

පවන් Wednesday, 21 May 2014 09:49 AM

මම නම් හිතන්නේ මේක මුහුදට වැටුන ගමන්ම ලොකු තල්මසෙක් ගිල්ලා. ඇමරිකාව මෙතනදී අහිංසකයි..!! (නි)

:       0       0

නිහාල් Tuesday, 20 May 2014 06:57 PM

පොත පමණක් නොවේ, චිත්‍රපටියකුත් හදනවා කියලයි ආරංචි (නි)

:       0       0

මාරි විලියම්ස් Tuesday, 20 May 2014 12:57 PM

බුදු අම්මෝ මේකේ ඉන්න විද්වත්තු. ඇමෙරිකාව දන්නෙත් නැති දේවල්නේ මෙයාල දන්නේ. නමුත් ඉතින් ඇට නැති දිවනේ නේද. ඔහේ කියල දැම්මම මොකද නේද? (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 20 May 2014 10:55 AM

ලලිත් අපේ රටේ හිටපු ඉහල තලයේ ව්‍යාපාරිකයකුවූ උපාලි මහතා ගැන මතකය අලුත් කර දුන්නට ස්තුතියි.(දිල්)

:       0       0

දසනායක Tuesday, 20 May 2014 08:24 AM

ඇමරිකාව මේ යානය පැහැරගත් එක ජපන් විද්‍යාඥයෙක් ඒ දවස් වලම කියලා තිබුනා. දන්නෝ දනිති. (නි)

:       0       0

ගිහාන් Sunday, 18 May 2014 07:03 PM

අර සේපාල ඒකනායකගෙන්වත් අහල බැලුවනම් හොඳයි මයෙ හිතේ. (ස)

:       0       0

සංක Tuesday, 20 May 2014 01:53 AM

60ගණන්වල ඉදගෙනම ඔය ඇමෙරිකාව කඩාගෙන වැටෙන කතාව කිව්වනෙ. "..ඔන්න කඩාගෙන වැටෙනවා....මෙන්න කඩාගෙන වැටෙනවා ..දැන් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා...තව ටිකයි කඩාගෙන වැටෙන්න තියෙන්නෙ ..." මට පෙනෙන්නෙ තවමත් මෙහෙම හිතන හීනමානයෙන් පෙලෙන අය ඉන්නව.(ස)

:       0       0

නිමල් Monday, 19 May 2014 04:58 PM

ඇමරිකාවේ ආණ්ඩු ලෝකයත් මුලා කරනවා. තමුන්ගේ රටේ මිනිස්සුත් මුලා කරනවා.නමුත් ඇමරිකාවේ ආර්ථිකය නම් ඉක්මනින්ම කඩා වැටෙයි. (නි)

:       0       0

පිටිගල Monday, 19 May 2014 03:48 PM

ඇමරිකාවේ බලවත් කම පෙන්නන්නේ හොලිවූඩ් චිත්‍රපට වල විතරයි. එහෙ ඇති මහා බලයක් නැහැ. එ්කත් අර ලෝකේ මහා බල සම්පන්න අංක එකේ ත්‍රස්තවාදී කණ්ඩායම වගේ තමයි. අපේ පොඩි කොල්ලෝ සුමාන දෙකෙන් බිමටම සමතලා කලේ මහා ලොකු ලෝකෙට ලොක්කෝ.(නදී)

:       0       0

කරුණාරත්න Monday, 19 May 2014 11:15 AM

අර හරියටම හරියන සාස්තර කියන කෙනාගේ අනාවැකිය ගෙන ලැජ්ජා හිතෙනවා දැන් නම් (නි)

:       0       0

ලකී Monday, 19 May 2014 11:14 AM

ලංකාවේ මහා පඩිවරයෙක් කිව්වා නේද දින 14 කින් හම්බ වෙනවා කියලා. එයා දැන් ලංකාවේ ඉන්නවද දන්නේ නැහැ මගේ කේන්දරෙත් බලා ගන්න. මොකද එයා කිව්වා හරිනේ දින 14 කට පස්සේ කියලා. ඒ කියන්නේ අවරුදු 1000 ස් ගානක් උනත් වෙන්න පුළුවන් නේද? (නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 19 May 2014 10:58 AM

ලලිත් මහතා හොඳ අදහසක් මතක් කළා. මැලේසියාව සම්බන්ධ මෙය අනතුරු දෙකම කිසිදාක එළියට නොඒවි කියලා මටත් හිතෙනවා. (නි)

:       0       0

හරිස්චද්‍ර Monday, 19 May 2014 06:07 AM

ගුවන් ප්‍රහාරයක් තිබුනේ කොහෙද, කවදද. කියා ස්ථිරව කිව හැකිද? (අ)

:       0       0

ධර්මසේන Sunday, 18 May 2014 11:09 PM

මිසයිලයක් වැදුණනම් හොයන්න කෑල්ලක්වත් ඉතිරිවෙන්නේ නැහැ. සමහර රටවල් ඒක වසන්කරනවා ඇති. (ස)

:       0       0

ලලිත් Sunday, 18 May 2014 10:58 PM

මෙවැනිම දෙයක් හිටපු දන කුවේරයකු වන උපාලි විජයවර්ධනටත් වුණු් බව කාටත් අමතක වීම කණගාටුවට කරුණක්,එතුමා ගැන අද වෙනතුරුත් කිසිම තොරතුරක් නැහැ, මැලේසියන් ගුවන්යානය වගේම මෙතුමාත් අතුරුදහන් වුනේ මේ කලාපයේමයි.උපාලි විජේවර්ධන මහතාත් මැලේසියා ගියේ එයාටම අයිති ලියර් ජෙට් යානයකින්....(ස)

:       0       0

ගලේ Sunday, 18 May 2014 08:54 PM

ඇමරිකාව කියන්නේ ලෝකේ ඉන්න බලවතුන් තමන් කියා ලෝකෙට පෙන්නන පොඩි රටවල් වල තියෙන සමගිය නැති කරන ලෝකේ ඉන්න හොඳම නාටකයෝ ඉන්න රට.එයාලගේ තාක්ෂණය රින. එයාල හදන ගුවන් යානය වැටෙන තැන වත් කියන්න බැරිවනේ එයාල අඟහරු ලෝකේ ජනාවාස හදන්න යන්නේ.මටනම් පස්ස පැත්තෙනුත් හිනා යනවා. (ස)

:       0       0

මහී Sunday, 18 May 2014 07:23 PM

ඇමෙරිකාව හදන යානාවල යන්න හොඳ නැහැ. එයාලට අනෙත් රටවල මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site