එබෝලා වෛරසය වැළඳී අසාධ්‍ය තත්වයේ මරණය පෙනි පෙනී සිටි ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනකු මෙතෙක් අනුමත නැති ඖෂධයකින් සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇමෙරිකාවට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාරාන්තික එබෝලා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට ඉතා රහසිගත පර්යේෂණක් පැවැත්වෙමින් තිබිණි. එම ඖෂධය විවිධ අවස්ථාවලදී ක්ෂීරපායී සතුන්ට ලබා දී සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුණු අතර චිම්පන්සි සඳහා ද ලබා දී සාර්ථක වීම හේතුවෙන් සායනික ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට අවශ්‍ය අවසරය ද ඉල්ලා තිබිණි.
එසේ වුව ද ඖෂධය සඳහා ප්‍රතිකාර අනුමත වීමට පෙර ඇමෙරිකා ජාතික වෛද්‍යවරුන් වන බ්රන්ට්ලි හා නැන්සි රයිට්බෝල් දෙදෙනා එබෝලා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම වෛද්‍යවරුන් බරපතල ගැටළුවක් වී තිබිණි.
ඔවුන් දෙදෙනාගේ ජීවිතය බේරාගැනීමට නම් පරීක්ෂණ මට්ටමේ තිබූ ඉසඩ්මැප් නමැති ප්‍රතිකාරය ලබා දීමට හැකි බව පවසමින් ජාතික සෞඛ්‍ය විද්‍යායතන ඒ වෛදයවරු දෙදෙනා දැනුම්වත් කරනු ලැබිණි. එම ඖෂධය එතෙක් කිසිදු මනුෂ්‍යයකුට ලබා නොදුන් බව දැන දැනත් වෛද්‍යවරු දෙදෙනාම අත්හදා බැලීමක් ලෙස එය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළෙන් අනුමත නොවූ ඖෂධය ඔවුන් දෙදෙනාට ලබා දී ඇත.
මියැදෙමින් සිටි බ්රන්ට්ලි ඖෂධය ලබාදිමෙන් පසු දින තනිවම ස්නානය කළ හැකි මට්ටමට සුව වී සිටියේය. රයිබෝල්ට් ද ඖෂධ ගැනීමෙන් පසු ඉක්මණින් සුවපත් වූවාය. දැන් දෙදෙනා ම විශේෂ ගුවන් යානයකින් ඇමෙරිකාවට ගොස් සිටිති.
එබෝලා සඳහා සොයාගෙන ඇති නව ප්‍රතිකාරය වන ඉසඩ්මැප් මිනිස් පරිභෝජනය සඳහා තවමත් අනුමත වී නැත. සායනික කටයුතු සඳහා එය යොදා ගත හැකිවන්නේ අනුමත කිරිමේ බලය ඇති ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ නිර්දේශය හිමිවුවහොත් පමණි. එසේ වුව ද දැනටමත් ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනෙක් සුවපත්ව සිටිති. මේ නිසා අප්‍රිකාවේ දහස් ගණනක් මිනිසුන් බේරා ගැනීමට ඉසඩ්මැප් ඖෂධය ඉක්මණින් ම සායනික කටයුතු සඳහා යොදාගනු ඇතැයි අපේක්ෂිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනවසර එන්නතකින් එබෝලා සුවයි
සචිත් Tuesday, 05 August 2014 03:42 PM
බෙහෙත හදපු කොම්පැණි එකේ වැඩක්ද දන්නේ නෑ..ඔය බෙහෙත් සමාගම් වල තියෙන්නෙම ඕවගේ යටිකුට්ටු වැඩ තම.(දී)
රවිදු Saturday, 09 August 2014 03:30 PM
ඇත්තටම සුබ ආරංචියක්.(අ)
රික්ස් Wednesday, 06 August 2014 07:15 AM
ඇමරිකවම වෛරස් හදලා යවල, වෛරස් හැදුන මිනිස්සුන්ටම ඒවා විකුනනවා (දී)
අතුල Wednesday, 06 August 2014 04:17 AM
1900 දීජීවිත අපේක්ෂාව සියයට 50යි. ළමා මරණ අනුපාතය ඉතා ඉහලයි. බොහෝ ඖෂධ සංයෝගසොයා ගත්තේ පරිසරයෙනි. අපට නොමිලේ දෙන එන්නත් නොතිබුනා නම් කිසිම මිනිසෙකු ඉතිරි වන්නේ නැත. (ස)
කාන්ති Tuesday, 05 August 2014 08:27 PM
සුව වුණා නම් සතුටුයි (නි)
සුබසිංහ Tuesday, 05 August 2014 08:25 PM
ඇමරිකාවට ජයවේවා! (නි)
ශීලා Tuesday, 05 August 2014 08:23 PM
හොඳ දේ හොඳයි කියාපන් මහේෂ් මලයෝ... ඔය මදිකමක් පුංචිකමක් වගේ දැනෙන්නේ කුහකකමක් නිසාවෙන්.අපේ පුංචි රටේ මේ ලෝකයේ හැමදේටම බෙහෙත් නැහැ. (නි)
මහේෂ් Tuesday, 05 August 2014 05:31 PM
ලොකයේ බෙහෙත් ව්‍යාපාරය මාෆියාවක්. මාෆියා කාරයන්ගේ කොම්පැනියෙ නෙමෙයි නම් කොහොමටත් අවසරය නොලැබේ. අපේ පුචි රටේ ඔනෙ තරම් හෙල ඔසු තියෙනවා සුව කල නොහැකි යැයි බටහිර වෙදුන් කියන අසනීප සදහා. නමුත් කිසිම අවසරයක් නැත. තවද බ්‍රොකර් දොස්තරලා එම ඔසු කන්ඩෙම් කර නැතිම කරලා දානවා. අපේ රජයේ ආයතන හා දේපාර්ථමෙන්තු නිදි. (දී)
මංගල Tuesday, 05 August 2014 05:31 PM
දේශීය වෙදකමට ගහන්න තවත් වෙද කමක් නැහැ (දී)
සමර Tuesday, 05 August 2014 06:41 AM
පින තියෙන්න ඕනේ (දී)
චමිලා Tuesday, 05 August 2014 02:56 PM
ඒ දෙන්න තවම සම්පුර්නයම සුව වෙලා නැහැ . අනික තවම කව්රුවත් දන්නේ නැහැ ඔය බේත් වල අතුරු ප්‍රතිපල මොනවාද කියල (දී)
මල්ලි Tuesday, 05 August 2014 12:16 PM
ලලීන්ද මෝඩ කතා කියන්න එපා මැරුණට පස්සෙ වගකියල මොකටද ඔයාටවඩා මොලේ තියන කට්ටිය තමයි ඕව හදන්නෙ අනුමතකරපු එන්නත් දීල මිනිස්සු මැරිල නැද්ද (දී)
මින්දද Tuesday, 05 August 2014 11:43 AM
පෙර පිනකට උන වැඩක්ද කොහෙද (දී)
ලලීන්ද Tuesday, 05 August 2014 11:43 AM
හැමෝම මෙවන් වැඩ කරන්න එපා වග කියන්න කවුරුත් නැහැ (දී)
ගිම්හානි Tuesday, 05 August 2014 11:44 AM
ඉබා ගාතේ බෙහෙත් ගන්න පුරුදු වෙන්න එපා (දී)
රොෂාන් Tuesday, 05 August 2014 08:58 AM
ඈමරිකාවට පුලුවන් තරම් බනිනවා අපේ මිනිස්සු මරනය පෙනි පෙනිත් මිනිසුන් ගලවගන්න යන්නෙත් ඔවුන්ම නේද? (දී)
රන්ජිත් සමරතුංග Tuesday, 05 August 2014 06:41 AM
හොද පුවතක් (දී)