සිරියාව, චීනය, ඉරානය, බහරේනය සහ වියට්නාමය යන රටවල් අන්තර්ජාලයට පිවිසෙන්නන් පිළිබඳව ඔත්තු බැලීමේ නිරතව සිටින බව නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
අන්තර්ජාලයට පිවිසෙන්නන් පිළිබඳව ඔත්තු බැලීමේ කටයුතු සඳහා මෙම රටවල ආණ්ඩු වෙත තාක්ෂණික සහාය ලබා දෙන සමාගම් කිහිපයක්ම ඇති බවත් ඔවුන් ඩිජිටල් හමුදා භටයන් ලෙස කි‍්‍රයාත්මක වෙමින් සිටින බවත් එම වාර්තාව සඳහන් කරයි.
සිරියාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් මිලියන පහක් පමණ සිටින අතර මෙම ඔත්තු බැලීමේ සේවා මඟින් රජයට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ විවිධ කි‍්‍රයාවල නිරත වන්නන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු සපයා දෙන බවට ද එම වාර්තාව චෝදනා කරයි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස මාධ්‍යවේදීන් 22 දෙනකු සහ අන්තර්ජාලය භාවිත කරන්නන් 18 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
පරිගණක ක්ෂේත‍්‍රයේ දැවැන්තයකු වී සිටින චීනයේද අන්තර්ජාලය වෙත පිවිසිය හැක්කේ රාජ්‍ය අනුමැතිය ලද ආයතන ඔස්සේ පමණක් බවත් එසේ අන්තර්ජාලයට පිවිසෙන සෑම පුද්ගලයකුගේම කි‍්‍රයාකාරකම් රජයේ විශේෂ ඒකකයක් මඟින් අධීක්ෂණය කෙරෙන බවත් එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අන්තර්ජාලයේ ඔත්තු බලන රටවල් අතර සිරියාව හා චීනය පෙරමුණේ
සුධීර Wednesday, 13 March 2013 08:50 PM
එහෙම නැතුව ඇමරිකාවත් එක්ක බේරෙන්න බැහැනේ. (නි)
උපාලි Friday, 15 March 2013 10:28 PM
හරිම ශෝක්, මාර විදියට විස්තර දෙන්නේ. කවුරුත් කියවන්න ඕන ලංකාදීප පත්තරේම තමයි. (ස)