X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


අප්පයි පුතයි අලි අමාරුවක

පුතුගේ පෙම්වතිය හා  නොදැන හාද වීමට ගිය පියෙකු ගැන ඉතාලියෙන් වාර්තා වේ.ඔහු 70 හැවිරිදි එක් දරු පියෙකි.බිරිද නැති අඩුව මකා ගැනීමට කාන්තාවක හා හාදකම් පැවැත්වීමට සිතීය.පිහිටට ආවේ අන්තර්ජාලයයි.

වෙබ් අඩවියකින් තරුණියක් හදුනාගැනීමට ඔහුට හැකි විය.කතා බස් කොට අවසානයේ දෙදෙන තිීරණය කළේ හමුවීමටය.

ඇය ඔහුගේ නිවසට පැමිණියාය.නිවසේ දොර හැර බැලූ ඔහුගේ දෙලොව රත්විය.ඔහු ආල වදන් දොඩා ඇත්තේ තම පුත‍්‍රයාගේ පෙම්වතිය සමගය.

ඇයටත් තමන් හා දොඩා ඇත්තේ තම අනාගත මාමණ්ඩිය යැයි තේරුම් ගොස් ඇත්තේ එවිටය.දෙදෙනම ලැජ්ජාවෙන් එකිනෙකාට සමුදුන්හ.

මේ බව පුතාට කියන්නේදැයි ඔහුගේ සිත පෙළීය.අවසානයේ වෙනත් පිරිමින් හා සබදතා පැවැත්වීමට පෙළෙඹෙන තරුණියක් තම පුතාට කොහෙත්ම නොගැලපෙන බව සිතූ ඔහු සියල්ල ඔහු හමුවේ එළි කළේය.

පුතා සියල්ල තේරුම් ගනු ඇතැයි ඔහු සිතුවත් සිදුවූයේ අනෙකකි.තමාට අපහාස වන පරිදි තම පියා හැසිරී ඇතැයි කියා දැන් පුතා අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත.

දෙපක්ෂය සාමදාන කරවීමට විනිසුරු උත්සාහ කළත් එයින් ඵලක් වී නොමැත.දෙදෙනාට එකිනෙකා තේරුම් ගැනීමට තවත් අවස්ථාවක් දීමේ අරමුණින් ඔහු නඩුව කල් දමා ඇත.



අදහස් (0)

අප්පයි පුතයි අලි අමාරුවක

ධම්ම Sunday, 09 March 2014 04:59 PM

අන්තර්ජාල ජංජාල! (නදී)

:       0       0

සංජය Sunday, 09 March 2014 07:35 PM

නාකි විසේ තමයි ඉතින් ..... (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 10 March 2014 08:51 AM

සංජය , වයසක අයට තමයි ආදරේ ගොඩක්ම අවශ්‍ය වෙන්නේ . ඒ වගේම ආදරය හොඳින් අඳුනන්නේ. ඔය කතා කරන්නේ ආදරය ගැන නෙවෙයි. ලිංගිකත්වය ගැන. මේ කතාවේ හැටියට එයාගේ බිරිඳ නැහැ. නඩු මාර්ගයට ඇදල ගන්න තරම් ගුණමකු වෙච්ච පුතෙක් ඉන්නේ. එයාගෙන් කවදාවත් ආදරයක් ලැබුන කියල හිතන්න බැහැ. ජීවිතේ අවසාන කාලේදී එයත් ආදරයක් බලාපොරොත්තු වෙන්න ඇති. අන්තර් ජාලයෙන් පිරිමි කෙනෙක් හොයාගත්ත නම් එයා සමලිංගිකයෙක් කියල අපවාද එන්න තිබුනා. ගැහැණු කෙනෙකුගෙන් ආදරයක් බලාපොරොත්තු උන හින්දයි ඔයා නාකි විසේ කියන්නේ.(නදී)

:       0       0

ඉන්දික Monday, 10 March 2014 12:41 PM

ධම්ම, ඒක අන්තර්ජංජාල වෙන්න ඕනේ.(නදී)

:       0       0

කුමාර් Monday, 10 March 2014 05:06 PM

මේක හරියටම ලංකාවේ දේශපාලකයින්ගේ කතාවක් වගෙයි , (දී)

:       0       0

පද්මපානි Tuesday, 11 March 2014 06:14 AM

ඇම්බිලපිටියේ මහෙදර, ඔබලා වැන්නන් මේ රටට වැඩි වැඩියෙන් අවශ්‍ය වන යුගයක් මේක. අපගේ අවංක ගෞරවය ඔබට. (අ)

:       0       0

ආරියසේන Tuesday, 11 March 2014 06:52 AM

මේවා අද සාමන්‍ය දේවල්. අන්තර් ජාලය හරහා ආදර වදන් පවසා අවසානයේ හමුවෙන්නේ එක්කෝ ස්වාමි පුරුෂයාට බිරිඳ. පියාට තමන්ගේ දුව. මවට තමන්ගේ පුතා . අයියට තමන්ගේ නංගි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site