දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයේ වේදනාකාරී මතකය ජපන් ජාතිකයෝ හැඟුම්බර ලෙස සැමරූහ.
ඇමෙරිකාව ජපානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකැර දැන් වසර 70ක් ගතවී ඇත. 1945 අගෝස්තු මස 06 දා ජපානයේ හිරෝෂිමා නගරයටත්, අගෝස්තු 09 දා නාගසාකි නගරයටත් එල්ලවූ ප්‍රහාරයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මියගියහ. බොහෝ දෙනකු දැන් කතා කරන්නේ හිරෝෂිමා ප්‍රහාරය සිහිපත් කරමිනි. ජපානය පවා පවසන්නේ නාගසාකි නගරයට එල්ල වූ ප්‍රහාරය හිරෝෂිමා ප්‍රහාරය නිසා අමතකව ගොස් ඇති බවයි. නාගසාකි නගරයේ දී මේ ප්‍රහාරය අනුස්මරණය කළ ජපන් බලධාරීන් කියා සිටියේ බෝම්බය එල්ල කළ මොහොතේම 70,000ක් මියගිය බවයි. මේ උත්සවයට ඇමෙරිකා තානාපති ඇතුළු රටවල් 75ක නියෝජිතයෝ සහභාගී වී සිටියහ. ජපන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.
නාගසාකි නගරයට බෝම්බය හෙළන ලද පෙරවරු 11.02ට විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා නාගසාකි නගරාධිපති සාම ප්‍රකාශය කියවූයේය. මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් දැනට 86 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු ඒ ප්‍රහාරය සිදුවූ ආකාරයත් ඉන් වේදනා විඳි ආකාරයත් කීවේය.
ප්ලූටෝනියම් යොදා සකස් කරන ලද නාගසාකි පරමාණු බෝම්බය හිරෝෂිමාවට එල්ල කළ පරමාණු බෝම්බයටත් වඩා දරුණු විනාශකාරී බෝම්බයක් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් එවා තිබූ නිවේදනයේ දැක්වූයේ තවදුරටත් ලෝකයේ න්‍යෂ්ඨික අවි භාවිතා නොකරන බවයි. මිනිසුන් පාලනය කිරීමට එවැනි දරුණු අවි භාවිතා කිරීම නවතා දැමීමටත් මානවවාදී ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක මීට වඩා බොහෝ උසස් හා ඉහළ තලයකට ගෙනඒමට අපේක්ෂා කරන බව ද ඔහුගේ නිවේදනයේ දැක්විණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අමතක වූ දෙවැනි මහා ප්‍රහාරය සමරයි
නන්දන Sunday, 09 August 2015 11:43 AM
1945 වන විට ජපන් හමුදා විසින් චීනය, කොරියාව ඇතුළු රටවල් ආක්‍රමණය කර අධිරාජ්‍යයක් ගොඩනඟමින් තිබුනා. සිය බලයෙන් උදම්ව අන් සියළු ජාතීන් පහත්යැයි සිතමින් අනෙකුත් අය මිලේච්ඡ ලෙස මරා දමමින් හා ගැහැණුන් සෙල්ලම් බඩු සේ යොදා ගනිමින් ත්රස්තවාදයක් පතුරමින් සිටියා. සිවිල් වැසියන් පළි නැති බව ඇත්ත වුවත් පරමාණු බෝම්බයේ ආනුභාවයෙන් ජපන් නොවන කෝටි ගණනක් සිවිල් වැසියන් වහල්භාවයෙන් මිදුනා. අද ඇමෙරිකාව විසින් පතුරන ත්‍රස්තවාදයත් කෙදිනක හෝ අවසන් වියයුතුයි. (නි)
සුකිරි Sunday, 09 August 2015 12:13 PM
මේ ප්‍රහාරේට ඇමරිකන් විරෝදියෝ මොකුත් කියන්න කලින් ඉතිහාසේ කියවල කියන දෙයක් කියත්වා.. ජපනෝ හෝදන මිනිස්සු නොවේ. එහෙම හොඳ අය නම් හිට්ලර්ට හේත්තුවෙලා චිනේ,ඉන්දුනීසියාවේ,ඕස්ට්‍රේලියාවේ වගේ රටවල ලක්ෂ අසුගානක් මිනිස්සු මරන්නේ නැහැ. (බ)
නීල් Sunday, 09 August 2015 12:16 PM
ජපනෝ හොඳ ජාතියක්ද බොලවූ... ලෝක යුද්දෙදි බිලියන ගානක් මිනිස්සු ඝාතනේ කරන්න ජර්මනියට සහය දීපු එකම රට ජපානේ. ලෝක යුද්දෙන් පස්සේ ජපානෙට නැගිටින්න අත දීපු එකම රටත් ඇමරිකාව.ජපානේ නන්නත්තාර වෙලා හිටියේ යුද්දෙන් පස්සේ. ජපනා හපනා (බ)
ගුණපාල Sunday, 09 August 2015 12:24 PM
වසර 70 කලින් වුන විනාශය ජපනුන්ට තාම මතක්යි නමුත් වසර 5 කලින් ලක්ෂ ගානක් ජිවිත දේපල විනාශ කරපු යුද්දය අපේ මිනිස්සුන්ට අමතකයි.. ඔන්න ඔහොම තාම සිරි ලංකාව, 88/89, දන්නෙවත් නැහැ. (බ)
දර්ශා Sunday, 09 August 2015 02:18 PM
ඇමෙරිකාව ඒ කාලේ මානව හිමිකම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? පාපී ඇමරිකානු රජය ...(බ)
ඉන්දික Sunday, 09 August 2015 04:58 PM
ජපානය සටන්කළේ ආසියාවේ නිදහස වෙනුවෙන්. සමහර අය දන්නේ පක්ෂග්රාහී ඉතිහාසයක් විතරයි. ඔය පක්ෂග්රාහී ලෙස ඉතිහාසය වෙනස් කරන අය ජර්මනිය අගයනවා. හැබැයි ආසියාවේ නිදහස වෙනුවෙන් සටන් කරපු ජපනාව පහත් කරන්න හදනවා. පුදුම මානසික වහල්බාවයක් තියෙන්නේ. (නි)
මාලි Monday, 10 August 2015 05:02 AM
ජපන්නු පර්ල් වරායට බෝම්බ නොදැම්මානන් අදටත් ඇමරිකාව තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න ජාතියක් වෙන්න ඉඩ තිබුනා. (නදී)
නාමල් Monday, 10 August 2015 05:05 AM
දෙවැනි ලෝක යුද්ධයේදී ඔවුන් හිට්ලර්ට සහය දුන් එක, චීනය කොරියාව ආක්රමනය කරපු එක වැරදි බව ජපන්නුත් පිලිගනන්වා. බොරු බටහිර විරෝදී කණ්ණාඩි ගලවලා බලන්න. (නදී)
සුදත් Monday, 10 August 2015 05:09 AM
ලංකාවෙ ඇමරිකානු විරෝදියෝ නොදන්නාකමට ඇමරිකාවට බනිනවා. මේ බෝම්බය ගහන්නේ ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යාට යටත්වෙන්න කියලා කියලා බැරිම තැන ජපන්නු දෙවැනි ලෝක යුද්ධ කාලයේ කොරියාවේ ඉදන් බුරුමය වෙනකම්ම නැගෙනහිර ආසියාවේ රටවල් යටත් කර ගෙන මිනීමැරූ ආක්රමනික හමුදාවක්. ඒකාලෙ කොරියාවේ හිටපු සෑම ස්ත්‍රියක්ම ජපන් හමුදාව අතින් දූෂණය උනාය කියනවා. තමන්ට කිසිම ප්‍රහාරයක් නොකරපු ඇමරිකාවේ 'පර්ල්' වරායට ජපන්නු බෝම්බ දාලා දහස් ගනන් මරනවා. (නදී)
රුපසිංහ Monday, 10 August 2015 12:46 PM
කොළඹට, ත්රිකුණාමලේට බෝම්බ අතෑරියේ කවුද?ඇමරිකාවද ජපානේද? ඇමරිකාවෙන් පරමාණු පාරක් ගහන්ට බැරිවෙලාවත් පරක්කු වුනානම් අපි පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි, ඉන්දීය ආක්‍රමණ වලට අමතරව ජපන් ආක්‍රමණ ගැනත් විභාගෙට ලියනවා ඇත (බ)
රීටා Monday, 10 August 2015 12:52 PM
ඉන්දික මහතාණෙනි, කාල් මාක්ස් ගේ දාස් කැපිටාල් වගේ හිට්ලර්ගේ පොතේ නම මයින් කම්ෆ්. කරුණාකර එය කියවා ලියන දෙයක් ලියත්වා.. හිට්ලර්ට අනුව සැක්සන් කියන ජනවර්ගය ලෝකෙන්ම උසස් ජනවර්ගයයි.හරියට ඉන්දියන් කාරයෝ අාර්යයෝ ගැන කියවනවා වගේ. ජපාන උදවු කළේ එහෙම උන්ට. (බ)
මලක Monday, 10 August 2015 12:55 PM
ඉන්දික, ජපනා ආසියාව නිදහස් කරගන්න නාසිවාදය වැළඳගත්තේ මොකද? ආසියාව නිදහස් කරගන්න මිලියන ගානක් අහිංසකයෝ මැරුවේ මොකද? ලංකාවටත් බෝම්බ දැම්මේ මොකද? ඉතිහාසය කියවලා එන්න මහත්තයෝ... (නි)
කැනඩා දිසා Tuesday, 11 August 2015 01:15 AM
අමෙරිකාව, ලෝකයත් සමඟ එක්ව ජපානයට දැමු තහනම අද ඉන්න කී දෙනාටද මතක ..? ඊටපසුව මුළු ලෝකයා හමුවේ ඒ කළ වරදට සමාව දී නැවත නිදහස් රටක් හැටියට එදා ජපානය ගැන ලෝකයා හමුවේ ඒ විරෝධාර කතාව කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනපති ගරු ජේ.ආර්. ජයවර්ධන ජනපතිතුමයි. ආන්න ශ්‍රේෂ්ඨ ලංකාවේ හිටපු නායකයෝ! (නි)
චාමික Tuesday, 11 August 2015 06:49 AM
ජේ.ආර්. ජයවර්ධන ජනපතිතුමා හොඳ කතාවක් කළා. අපිට ලංකාවේදී ඉගැන්නුවේ ඒ ගැන. නමුත් ජපන් ජාතිකයෝ නම් කියන්නේ ජෙනරාල් මැක්-ආතර් ගේ මැදිහත්වීම ඊට වඩා ප්‍රබල වූ බව. හැබැයි ඔවුන් පිළිගන්නවා ජේ.ආර්. ජයවර්ධන ජනපතිතුමා හොඳ කතාවක් කළ බව. (නි)
දුමින්ද Tuesday, 11 August 2015 10:13 AM
අවිගත්තෝ අවියෙන්ම නසති (අ)
දුමින්ද Tuesday, 11 August 2015 10:23 AM
බාගෙට හෝ අධිරජ්යවාදින්ගෙන් නිදහස ලැබුනේ යුද්දයේ ප්‍රතිපල ලෙස (අ)