2012 පෙබරවාරි මස 10 වැනිදා මියගිය ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකා ජාතික ගායිකාවක් වූ විට්නි හූස්ටන්ගේ එකම දියණියවූ වයස අවුරුදු 23ක් වයැසැති බොබී ක්‍රිස්ටිනා ඇගේ සහෝදරයාවූ නික් ගොර්ඩන් සමග පසුගිය සතියේ විවාහ ගිවිස ගත්තේය.
විට්නි හූස්ටන් විසින් හදා වඩා ගැනීමට ගන්නා ලද පිරිමි දරුවා වූ නික් ගොර්ඩන් කුඩා කළ සිටම ක්‍රිස්ටිනා සමග එක පවුලේ අයියා හා නැගණිය ලෙස උස් මහත් වුහ.
ඔවුනොවුන් අතර කිසිම විශේෂ වෙනසක් ඔවුහු නොදුටුහ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් කවුරුන්ද? යන්න හඳුනා ගැනීමෙන් පසු ආදරයෙන් ඇලලී ගියේය.
විට්නි හූස්ටන් ජීවතුන් අතර සිටි අවසාන කාලයේදි ඒ බව ඇය දැනගත්තේ ඔහු තමාගේ එක කුස උපන් සහෝදරයකු නොවන බවයි.
අපි දෙදෙනා කුඩා කල සිට හැදුනේ වැඩුනේම එකටයි. අපි අපි ගැන හොදටම දන්නවා. අයියා සමග නංගි විවාහ වෙන බව සමාජය පැවසුවත් සත්‍යය අපි දන්නවා යැයි ඔවුහු කියති.
එසේ නමුදු අපහසු තීරණයක් වුවද මම ගොර්ඩන් සමග විවාහා වීමට තීරණය කළ බවත් එකම පවුලක් ලෙස නැවතත් අපි එකතු වූ බවත් ක්‍රිස්ටිනා විසින් මාධ්‍යයට ප්‍රකශ කළාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අයියයි නංගියි ලෙස හැදී විවාහ වෙති
සුජිත් Wednesday, 15 January 2014 05:51 PM
අනාගත වංශය බොරු කරන්න බැහැ (දී)
සඳා Tuesday, 21 January 2014 01:24 PM
ආදරේ කරලා මෙරෙන්න වෙනවට වඩා හොදයි මෙහෙම හරි එකතු වෙන්න තියන එක ලංකාවෙත් මිට වැඩ ආදරේ කරන්න නිදහසක් දුන්නනම් හොදයි (දී)
නාලක සංජීව Monday, 20 January 2014 03:02 PM
ජීවිතේ ඔහොම තමා අනේ .බුදුන්ගේ ධර්මය සත්‍ය එයයි එක තවත් ඔප්පු වුණා.(දිල්)
ජයලත් Saturday, 18 January 2014 07:46 PM
බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මයේ සත්‍ය බව ඔප්පු වුන තවත් අවස්ථාවක්.(නදී)
සිරා Saturday, 18 January 2014 06:30 PM
කුපාඩි වඳුරු කුණුහරුප වැඩ උතුම් සංස්කෘතියක් ඇති සිංහල බෞද්ධ සමාජය හමුවේ සාධාරණීකරණය කරන තර්ක වලට මෙම තීරුව ඉඩ තැබීමෙන් වලකින ලෙස දන්වා සිටිමු. (නදී)
රම්සි Friday, 17 January 2014 06:17 PM
සහෝදර බැදීම කියන්නේ ජානවල සමානකම විතරක් නෙමේ. අධ්‍යාත්මික බැදීමත් තියෙනවා. බටහිර ලෝකේ එම අධ්‍යාත්මික බැදීම නැහැ.(නදී)
ප්‍රදීපා Thursday, 16 January 2014 07:15 PM
අයියයි නංගයි විවාහ වෙලා ඉන්නවා ලෝකේ ඕනේ තරම්. ඉතින් මොකක්ද වැරැද්ද? (නදී)
මහේෂිකා Thursday, 16 January 2014 07:39 AM
බුදු රජාණන් වහන්සේ අවුරුදු 2500 කට කලින් කියපු දේවල් අද ඇස් පනාපිට ඔප්පු වෙලා. චක්ක වත්ති සීහනාද සුත්‍රය අහපු කෙනෙක්ට ඒක හොඳටම තේරෙනවා.(නදී)
ධනු Thursday, 16 January 2014 06:56 AM
බුදු රජාණන් වහන්සේ එදා කියපු දේවල් අද ඇත්ත වේගෙන එනව. චක්කවත්ති සීහනාද සුත්‍රය අහපු කෙනෙක්ට මේ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. (අ)
ඕසියා Thursday, 16 January 2014 02:44 AM
ඉන්දියාවේ හරිම සුලබ දෙයක්. අම්ම .බදින පුතල ඉන්නවා (අ)
සුධාරා Thursday, 16 January 2014 12:10 AM
දමිල සංස්කෘතියේ පිරිමි කෙනෙක්ට පුළුවන් අක්කගේ හෝ නංගිගේ දුව විවාහ කර ගන්ට. (අ)
ෂෙෆීක් Wednesday, 15 January 2014 06:22 PM
මේකේ ඇති වරදක් නම් පෙන්න නැහැ. එක ලේ නොවෙයි අනික දෙන්නට දෙන්නා හොදා කාරවම දන්නවනේ.(දිල්)
ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 08:07 PM
හිත ගිය තැන මාළිගාව.(නදී)
ලේක්කෝ ගලබඩ Wednesday, 15 January 2014 03:43 PM
චික් විතරක්! අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (දී)
අමිල කටුනායක Wednesday, 15 January 2014 01:52 PM
එයාලට හොද නම් අපිට මොකෝ (දී)
දර්ශන Wednesday, 15 January 2014 12:32 PM
සිංහල ජාතිකයින් නම් මෙහෙම වැඩ කරන්නේ නැහැ (දී)
රජින්ද Wednesday, 15 January 2014 11:49 AM
මේ ලිපියට අදාල නැති උනත් ලංකාවේ සිදුවන මීට බොහෝ සමාන නෑනා-මස්සිනා විවාහයන් ගැන මොකද හිතෙන්නේ...??? අපේ පවුල් වල සිදුවෙන කිට්ටුම විවාහයක් වන මේ විවාහය සිදුවන්නේත් දැඩි ආත්ම බන්ධනයක ප්‍රතිපලයක් ලෙස කියලයි මටනම් හිතෙන්නේ. එහෙම විවාහයන් කැඩෙන්නේ නැති තරම් කියලත් පැහැදිලියි. (දී)
රේණු Wednesday, 15 January 2014 10:46 AM
මෙ ලගදි දුටුවා මවයි පුතයි විවාහ වෙලා මෙය එතරමි දෙයක් නොවෙයි (දී)
ශීලා Wednesday, 15 January 2014 01:00 AM
ලෝකේ නරකයි කියන හැම දේම හොදයි කියන සංස්කෘතියක් ලංකාවේද ඇත. එකම වෙනස අපි ඒ දේ කරන්නේ හොරටයි. අපි පුරුදු වෙලා ඉන්නේ මන් මේක කලොත් මිනිස්සු මොනවා හිතයිද කියන පදනමක් නැති තර්කෙන් හිතන්නයි. අසතුටින් මුළු ජීවිතේම එකට ඉදිමින් කසාදයක් රැකිම උසස් යයි කෝලිත කියන්නේ ඒකටයි.(නදී)
ලසන්ත Wednesday, 15 January 2014 12:08 AM
විට්නි හුස්ටන් කියන්නේ ලෝකේ හොදම කට හඬක් තිබුන කෙනෙක්. එයාගේ දුවටත් හොද කටහඩක් තියනවා. සුබ අනාගතයක්.(දිල්)
සිරා Tuesday, 14 January 2014 10:31 PM
මේවා මොන කතාද , එක කුසීන් ඉපදිලා අය්යයි නංගියි (සිංහ සීවලී සිංහ බාහු ) එකතුවෙලා ජාතියක් බිහිකළ බව ආඩම්බරෙන් කියන ඉතිහාසයකට හිමිකම් කියන රටක නේද අපි ඉන්නේ ,.. අද වෙන සමහර දේ වලින් ඒ බව ඔප්පු වෙනවා .(දිල්)
ෂෙරිෆ් Tuesday, 14 January 2014 09:22 PM
එදා නැගුනු ආදර කැක්කුමට මගේ.. ජාති..ජාති..නුඹ මට වාසනා නගේ..(නදී)
කෝලිත Tuesday, 14 January 2014 08:41 PM
මෙයාලට කසාදය හා දික්කසාදය කියන දෙකම කිසිම බරපතල කමක් නැති ක්‍රියාවක් විතරයි. ඉතින් මේවා ගැන කතාකරල වැඩක් නැහැ. මනුස්සකම, හැදියාව කියන දේවල් තිබුනොත් විතරක් සහෝදරකම තියේවි.නැත්නම් කොතනත් අහන්න වෙන්නේ ඔයවගේ කතන්දර විතරයි.(නදී)
සමන්ති Tuesday, 14 January 2014 08:13 PM
පිට අය කොහොම කිව්වත් මෙහි කිසිම වරදක් නොපෙනේ. දෛවය එයයි.(නදී)