ඇමෙරිකාවේ මිතුරකු වන ඕනෑම රටකට අල් කයිඩාවෙන් තර්ජනයක් එල්ල වේ නම්, එය මැඬලීමට දහස් ගණනින් ඇමෙරිකා හමුදා භටයන් නොයවා සහාය දීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
අල් කයිඩාව ඇමෙරිකාවේ ‘සතුරා’ වූයේ 2001 වසරේ දී ඇමෙරිකාවට කළ ප්‍රහාරයෙන් පසුවය. ඉන්පසු අල් කයිඩා නායක බින් ලාඩන්ට සහාය දුන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය ද ඇමෙරිකාවේ සතුරෙක් විය.
ඇෆ්ගන් සංග්‍රාමය ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඇෆ්ගන් සංග්ර්රාමය 2014 දී අවසන් කර ඇමෙරිකා සෙබළුන් ආපසු ගෙන්්වා ගැනීමට ද ඔබාමා සූදානම් වේ.
අල් කයිඩා සාමාජිකයන් ඇමෙරිකා රජයට හිතවත් කිසියම් රටකට තර්ජනයක් වන්නේ නම් එම රටට තාක්ෂණික සහ බුද්ධි තොරතුරු ලබා දී සහාය වීමට තමන් සූදානම් බවත් මින් ඉදිරියට හමුදා නොයවන බවටත් ජනපති ඔබාමා වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල් කයිඩාවට එරෙහි සටනේදී හමුදා නොයවා සහාය දෙනවා
ෂෙරීෆ් Friday, 15 February 2013 01:39 PM
ඔබාමා මහත්තයෝ ඔයාට ඕනම දෙයක් කරන්න අවස්ථාව තියෙනවා, නැවත ඔබ ජනාධිපති තරඟයට ඉදිරිපත් නොවෙන නිසා. (ස)
සරත් Friday, 15 February 2013 02:38 PM
ඒ කොහොමද ඒ (දී)
නිමලා Friday, 15 February 2013 05:07 PM
මෙහෙ හලාල් වලින් පටන්ගත්තා ඉදිරිය කොහොම වෙයිද දන්නේ නැහැ.(නදී)
චූලා Friday, 15 February 2013 05:05 PM
මොනවායින්ද? (නි)
සිල්වා Friday, 15 February 2013 05:39 PM
මූලධර්ම වාදීන් සහ ත්රස්තයන් විනාශ කරන්න. මොවුන් ලෝකයටම හිසරදයකි.(නදී)
මුතුකුඩ Friday, 15 February 2013 07:00 PM
සී සී සී සිල්වා එහෙම කියන්න ඒපා. ඔබාමා දැන් බයයි කටිටිය ඒවන්න. ඒ යුද්දෙට එන බොහෝ ඇමරිකානුවෝ ආපසු යන්නේ ඉස්ලාමි දහම වැළද ගෙනයි. එය නොවැලැක්විය හැකි කරුණකි. ඒකයි ප්‍රශ්ණේ.(නදී)
ලාල් Friday, 15 February 2013 09:30 PM
හොද වැඩක් සර්. (නි)
කෙනත් Saturday, 16 February 2013 12:15 AM
මුතුකුඩ මලය හීනයක් දැක්කාවත්ද? මෙහෙ නම් කවුරුත් එහෙම නැහැ. නමුත් ආපසු එන සෙබළුන් ඔය මුස්ලිම් රටවල් ගැන මහා කළකිරීමන් සහ එපාවීමෙන් එන්නේ, තේරුමක් නැති අනුන්ගේ යුද්ධ වලට ඇමෙරිකාවේ ජීවිත සහ මිලියන ගණන් ඩොලර් යටකිරීම ගැන රට තුළම විරෝධයක් ඇවිත් තියෙන්නේ. (නි)
මොහොමඩ් Saturday, 16 February 2013 12:20 AM
ඇමරිකන් හමුදාවක් පය ගහපු පොළවක වල් පැළෑටියක්වත් පැළ නොවේ. (නි)
දර්ශන Saturday, 16 February 2013 10:15 AM
ඒ කොහොමද ආයුබෝවන් (දී)
ලාල් Saturday, 16 February 2013 06:30 PM
මූලධර්මවාදීන් නැති කරන එකට නම් අපි ඔබතුමාට ස්තූති කරනවා. (නි)