X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


අල් කයිඩා ත‍්‍රස්ත සැකකරුවෝ දෙදෙනෙක් කැනඩාවේදී කොටුවෙති

කැනඩාවේ ටොරොන්ටෝ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ධාවනය වන මගී දුම්රියක්, බෝම්බ අටවා පුපුරුවා පීලි පැනීමට සලස්වා, මහා ජීවිත හානියක් සිදු කිරීමට සැලැසුම් කළ අල් කයිඩා සාමාජිකයන් දෙදෙනකු අල්ලා ගැනීමට කැනඩා ආරක්ෂක අංශ ඊයේ (23) සමත් විය.
එම අල් කයිඩා සාමාජිකයන් දෙදෙනා බෝම්බ අටවා පුපුරුවා හැරීමට සැලැසුම් කළ ඇත්තේ ඇමෙරිකා/කැනඩා දේශසීමාව හරහා ගලා බසින නයගරා නදියට ඉහළින් දිවෙන දුම්රිය පාලමය.
වසර 115 ක් පැරැණි එම පාලම නයගරා දිය ඇල්ලට නුදුරින් නයගරා නදියට අඩි 225 ක් ඉහළින් ඉදිකර තිබේ.
කැනඩා රාජකීය පොලිස් අශ්වාරෝහක බලඇණියේ විශේෂ විමර්ෂණ ඒකකය ප‍්‍රකාශ කළේ ඔවුන් අත්අඩංගුවට ගත්තේ, 30 හැවිරිදි චිහේබ් එසේජිහේර් සහ 35 හැවිරිදි රියර්ඞ් ජැසර් නැමැත්තන් කියාය. මුස්ලිම් සම්භවයක් සහිත ඔවුන් දෙදෙනා ටොරොන්ටෝ නුවර පදිංචි කැනඩාවේ පුරවැසියන්ය.
මේ අතර කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය පවසා ඇත්තේ මොවුන් දෙදෙනා ඉරානයේදී අල් කයිඩා සංවිධානයෙන් විශේෂ පුහුණුවක් ලැබූ බවය. මොවුන් දෙදෙනා ගැන වසරක් තිස්සේ සෝදිසියෙන් සිටීමෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නැයි තමන් කැනඩා රාජකීය පොලිස් අශ්වාරෝහක බලඇණියට දැනුම් දුන් බව ද කැනඩා ත‍්‍රස්ත මර්දන ඒකකය වැඩි දුරටත් කියා සිටී.
මොවුන් අල්ලා ගැනීමට නොහැකිවූවා නම් මහා විනාශයක් වීමට ඉඩ තිබුණේ යැයි ද ත‍්‍රස්ත මර්දන ඒකකය වැඩිදුරටත් කියා සිටී. එම පරීක්ෂණයට ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ගේ ද සහාය ලැබී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ථාන දෙකකදීය. ආරක්ෂක අංශ පවසන්නේ අත්අඩංගුවට ගන්නා විට රියර්ඞ් ජැසර් ටොරොන්ටෝ නුවර සිටි බවත් චිහේබ් එසේජිහේර් මොන්ති‍්‍රයාල් නුවර සිටි බවත්ය.
සී.එන්.එන්. පුවත් සේවය පසුගිය දිනෙක අනාවරණය කළේ මරා දැමුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ සමීපතමයන් කිහිප දෙනකුට ඉරාන රජයේ රැකවරණ ලැබෙන බවය.



අදහස් (0)

අල් කයිඩා ත‍්‍රස්ත සැකකරුවෝ දෙදෙනෙක් කැනඩාවේදී කොටුවෙති

දයා Wednesday, 24 April 2013 06:10 PM

හැම ව්‍යයසනයකටම මුල් වෙලා තියෙන්නෙ මොන ජාතියද කියලා දැන් පේනවා නේද? (නි)

:       0       0

මංජු. Wednesday, 24 April 2013 11:24 PM

මුරුගා, තමිල්නාඩු පලයන් ,මානුසික ඊලම එහෙ තියනවා, අපේ දෙමල සහෝදරයෝ අපිට දීල ,අපිට පුළුවන් උන් එක්ක මැරෙනකම් එකට ජීවත් වෙන්න. උන්නට ඊළාම් ඕනේ නැහැ. තවත් මිලේච්ච කොටින්ට කඩේ යන්න එපා. නියම ශ්‍රී ලාංකිකයෙක් වෙන්න බලපන්. උබ ඉපදුන රටට ආදරය කරපන්, උබේ අම්මට ආදරය කරනවා වගේ.(නදී)

:       0       0

වෙනුර Wednesday, 24 April 2013 11:08 PM

පිළිකාවට වඩා අති භයානකයි .(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 24 April 2013 10:20 PM

මුරුගන්, එල්ටීටී සංවිධානය තුල සංයමය නොමැති නිසාත් අමානුෂිකත්වය පෙරදැරිකරගෙන ඒ අය කටයුතු කරගෙන ගිය නිසාත් තමයි රජයට සිදුවුනේ මානුෂිකත්වය තුලින් අමානුෂිකත්වය පරදවා සාමුහිකත්වය ස්ථාපිත කිරීමට. (නි)

:       0       0

මහේෂ් Wednesday, 24 April 2013 09:58 PM

එක වෙලාවකට හිතෙනවා කොටි ටික හිටියනම් හොඳියි කියලා මොකද යූ.එන් එක හිටපු කාලේ මේ කටිටිය මට්ටු වෙලානේ හිටියේ. කවුරුත් දැනගන්න ඕන මේ කටිටිය මුළු ලෝකෙටම කරදරයක්. ඇමෙරිකාව දැනගෙන ඉන්න ඇති කොටි මැරුවම ලංකාව මේ අයගේ අතේ කියලා. ඒක නිසා තමියි ඇමරිකාව අපට විරුද්දව මානව හිමිකම් යෝජනා ගේන්නේ.(නදී)

:       0       0

ෆයිස් Wednesday, 24 April 2013 09:39 PM

මුරුගන්, එතකොට මුස්ලිම් පල්ලි වලට පැනලා සිය ගණන් මුස්ලිම් ජාතිකයන් කපලා කොටලා දැම්මේ, පැය 24න් උතුරින් සියලු මුස්ලිමුන් පන්නා දමා අපේ සියලු දේ කොල්ල කෑවේ, අපේ ආගමික උත්සව වලට බෝම්බ ගහලා මරාදැම්මේ ඔබලාගේ ඉල්ලීම් ගොඩාක් සාධාරන වෙච්ච නිසා වෙන්න ඇති. ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි, දැන් බලන්න මිනීමැරු ම්ලේච්ච කොටි නැති ලංකාවේ ඔයාලගේ දෙමල අයට තවත් ප්‍රශ්න තියනවද, උතුරු නැගෙනහිර දැන් කොපමණ දියුණුද? ඔබලාට සැබැ වින්නැහිය කලේ කොටිද? නැත්නම් ඔබලාව මුදවාගෙන සංවර්ධනය නිදහස කරා ගෙනයන රජයද ? (නි)

:       0       0

කෙනත් Wednesday, 24 April 2013 09:29 PM

මුරුගන්..හැබැටම ඔහේ කටින්ද ඕක කිව්වේ, ඇත්තටම මොකක්ද දෙමල ශ්‍රී ලාංකිකයන්ට දෙමල වීම නිසාම ඔයතරම් මිනී මරන්න තරම් වෙච්චි අසදාරනය මොකක්ද? ලංකාවේ තරම් දෙමල බසට, සංස්කෘතියට තැනක් නිදහසක් ඇති රටක් වෙන තියනවනම් කියන්න බලන්න . ඔබලාගේ සබැ නිජ බිම වෙච්චි ඉන්දියාවේ පවා මෙහෙම තැනක් දීල නැහැ. එක්සත් ජාතීන්ගේ මහා සමුලුවෙදී දෙමල බසින් හඩක් නැගු එකම රාජ්‍ය නායකයා පවා ලංකාවේ ජනාධිපති තුමන් පමණයි. එහෙම කලේ මිලියන 3ක් දෙමල අය ඉන්න ලංකාවේ නායකයා මිසක් මිලියන 60ක් දෙමල අය ඉන්න ඉන්දියාවේ අගමැති නම් නොවෙයි. ඇත්තටම කොටි අපට ගහන්න ඕන මේ තරම් සැලකුවට. (නදී)

:       0       0

රංජිත් Wednesday, 24 April 2013 08:12 PM

ඔව් ඔව් මුරුගන්. කොටි මානුෂිය විදිහට රටේ හැම තැනම බෝම්බ තියපු හැටි වෙඩි තියපු හැටි අපිට තාම හොදට මතකේ තියනවා. 1. ගලදාරි බෝම්බය 2. මහා බැංකු බෝම්බය 3. දළදා මාලිගා බෝම්බය 4. ශ්‍රී මහා බෝධි මලු වෙඩි තැබිම 5. ලක්ෂ්මන් කදිරගාමර් ඇතුලු ටැමිල් නායකයන් නැති කිරීම උදාහරණ කීපයක් පමණි (නි)

:       0       0

කෙලුම් Wednesday, 24 April 2013 07:34 PM

මේ රටවල් දෙකම නයි ඇතුලේ දාගෙන කනවෝ කියනවා. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 24 April 2013 06:30 PM

කොටි කොහෙද මානුෂිය මෙහෙයුමක් කළේ? මුරුගන් ඔයත් කොටි හිතවාදියෙක්ද කියලා මට හිතෙනවා. (නි)

:       0       0

නයන Wednesday, 24 April 2013 10:47 AM

මේ ත්‍රස්තවාදීන් කැනඩාවට හරිම කරදරයක්. (නි)

:       0       0

උපුල් Wednesday, 24 April 2013 05:39 PM

ඉලක්කය මොකක් උනත් අහිංසක මිනිසුන් මරා දමන්න බෝම්බ අටවන එවුන් ත්‍රස්තවාදියෝ.(නදී)

:       0       0

මුරුගන් Wednesday, 24 April 2013 04:16 PM

අමිල, ජනක මන් කිවේ ඉල්ලීම මානුශිකයි. ඉල්ලීම ලබා ගන්න හදපු විදිය මනුශිකයි කිවේ නැනේ. අල් කයිඩා එකේ ඔය දෙකම නෑ. අනික අපට හරියට සලකනවා නම් ඔය ඉල්ලීම වත් මතු වෙන්නේ නැනේ.(නදී)

:       0       0

ජානක-බහරේන් Wednesday, 24 April 2013 03:35 PM

මුරුගන් ඔයාලට වෙනම රටක් ඕනනම් තමිල්නාඩු යන්න.(නදී)

:       0       0

බණ්ඩාර-කුවෙට් Wednesday, 24 April 2013 03:25 PM

කොටින්ට මානුෂීය හදවතක් දෙන්න මුරුගන් හදන්නේ. ඔහුත් කොටි පැටියෙක් වන නිසයි. දලදාවටත් උඩමලුවටත් කොටි ආවේ මානුෂීය හදවතකින්ද ?(නදී)

:       0       0

අමිල Wednesday, 24 April 2013 02:45 PM

මුරුගන් කොටින්ට වෙනම රටක් ඕනෑ නම් ඒකට වෙන කොහෙන් හරි හොයාගන්න කියන්න.ලංකාවේ ඒකට ඉඩ නැහැ... (නි)

:       0       0

සිරි Wednesday, 24 April 2013 01:36 PM

ත්‍රස්තවාදය ලෝකයටම පිළිලයකි!!! (නි)

:       0       0

මුරුගන් Wednesday, 24 April 2013 12:46 PM

කොටින්ගේ ඉල්ලීම වුණේ වෙනම රටක්.අල් කයිඩා එකේ ඉල්ලීම ලෝකේ හැම මිනිහෙක්ම මුස්ලිම් විය යුතුයි කියන දේ.මේ දෙක පටලවන අදහස් දාන්න එපා.පිටරටවල් කොටින්ට උදවු කළේ කොටින්ගේ ඉල්ලීම මානුෂික නිසා. (නි)

:       0       0

සුප්‍රා Wednesday, 24 April 2013 11:42 AM

ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් කඩවෙලා නැද්ද අත්අඩංගුවට ගන්න ගිහින්? අපේ රටට නම් ඔහොම කලොත් කැනඩා, ඇමරිකා මුලින්ම කෑගහනවා. (නි)

:       0       0

ජනක - බහරේන් Wednesday, 24 April 2013 11:36 AM

කැනඩාව කොටියන්ට කිරි පොවනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site