දිවා කාලයේ දී අලි ගැට පේර ආහාරයට එක්කැර ගැනීමෙන් අමතර ආහාර ගැනීමේ අවශ්‍යතාව මගහැරී යන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. අලිගැට පේර ගෙඩියක භාගයක් කෑමෙන් ආහාරයේ තෘප්තිය වැඩිවන බවත් පර්යේෂකයෝ කියති. නැවුම් අලිගැට පේරවලින් ආහාරයට සිදුවන බලපෑම ගැන මේ පර්යේෂණයෙන් සොයා බලා ඇත.
පර්යේෂණය සදහා අධික ස්ථුලතාවයෙන් පසුවන නිරෝගී වැඩිහිටියන් 26ක් සහභාගී කරගෙන ඇත. අලිපේර භාගයක් කෑමට එක්කැරගත් අයගෙන් සියයට 40ක් එම ආහාරයෙන් පසු ඊළග පැය තුනේ දී කිසිදු ආහාරයක් ගැනීමට අවශ්‍ය බවක් පෙන්වා නැත. ආහාරයේ තෘප්තිමත් බව පැය තුනක් යනතුරු පවතින බව ද පෙනීගොස් ඇත.
කැලිෆෝනියා හි ලොමා ලින්ඩා විශ්වවිද්‍යාලයේ පෝෂණවේදී ආචාර්ය ජෝන් සැබටේ පවසන්නේ ආහාරයේ තෘප්තිමත් බව ස්ථුලතාව අඩුකිරීමේ වැදගත් ම සාධකයක් බවයි. ඊට හේතුව නම් ආහාරවේලක් සම්බන්ධයෙන් තෘප්තිමත් බවින් යුත් මිනිසුන් එම ආහාර වේලෙන් පසු සුළු ආහාර ගැන තැකීමක් නොකිරීමයි.
අලිපේර ආහාරයට එක්කර ගැනීම හේතුවෙන් එම පුද්ගලයන්ගේ කැලරි පුමාණය සහ පිෂ්ඨධාතු ප්‍රමාණය ඉහළ ගියත් රැධිර ගත සීනි ප්‍රමාණය ඉහළ නොගිය බව නිරික්ෂණය කර ඇත. මෙ මගින් පිලිබිඹු වන්නේ අලිපේර මගින් රැධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමක් ද යන්න ගැන සොයා බලන බව ද පර්යේෂකයෝ කියති. ආචර්ය සැබටේ මහත්මියගේ අදහස වන්නේ මෙය ධනාත්මක ප්‍රතිඵලයක් වුවත් අවසන් තීරණයක් ගැනීමට තවමත් ඉක්මන් වැඩි බවයි.
නැවුම් අලිපේර භාගයක් තුළ කැලරි 150 ක ශක්තියක් ඇති බව පැවසේ. කෙදිති සහිත අලිගැට පෙර් වඩාත් සුදුසු මේද අම්ල සහිත ආහාරයක් ද වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලිගැට පේර කෑමෙන් තෘප්තිය වැඩිවේ
තිලක්-ඩුබායි Saturday, 11 January 2014 09:45 PM
කොලොස්ටරෝල් තියෙන අයට අලිගැට පේර දිව්‍ය ඖෂධයක්.(නදී)
නුවන් Wednesday, 07 September 2016 01:50 PM
ඉතා හොඳ ලිපියක් (නි)
චන්ද්‍රා Tuesday, 14 January 2014 05:50 AM
අජන්ත අලිපෙරවල තියෙන්නේ ශරීරයට හිතකර මේදය.මොනවා උනත් දවසකට අවශ්‍ය වන්නේ ගෙඩි භාගයයිනේ (දී)
පියල් Monday, 13 January 2014 11:10 PM
මමත් අලිපේර වලට කැමතියි.(නදී)
මධුර Monday, 13 January 2014 08:47 PM
(kedhiethi) අලිගැට පෙර යනු කුමන අලිගැට පේරද? (නදී)
මනෝජ් Monday, 13 January 2014 04:00 PM
දැන් මිල ඉහල යාවි.(නදී)
අජන්තා Monday, 13 January 2014 10:08 AM
මගෙත් ප්‍රියතම පලතුර. කොලෙස්ටරෝල් තියෙන අයට හොඳද ? (නදී)
මාරිෂ් Sunday, 12 January 2014 12:10 PM
මගේ ප්‍රියතම පළතුර(දිල්)
බුද්දික Sunday, 12 January 2014 06:03 AM
අලි ගැට පේර නමි හොදයි තමයි කන්න කෝ ඉතින්.(නදී)
කුමාර Saturday, 11 January 2014 09:11 AM
අලිගැට පේර ගෙඩියක භාගයක් කැවත් තෘප්තිමත්.(නදී)
අමිල ඩුබායි Saturday, 11 January 2014 08:52 PM
අලිගැට පේර බීම එකනම් හරිම රසවත්... මාත් හරිම ආස පළතුරක් හොද නිව්ස් එකක්...ස්තුතියි.(නදී)
ශාන්ති Saturday, 11 January 2014 07:59 PM
මගෙත් ආසම පළතුරක්.(නදී)
ලාල් Saturday, 11 January 2014 03:30 PM
මේක ගැන සොයා බලලා ලංකාවට හදුන්වා දුන්නොත් හොදයි.(නදී)
ශිරෝමි- පිළියන්දල Saturday, 11 January 2014 02:04 PM
සීනි ප්‍රමාණය ඉහල නොයන්නේ ඒකේ තියෙන තිත්ත රස නිසා වෙන්න ඇති (පොඩි තිත්ත රසයක් තියෙනවනේ අලි පේර වල). (නදී)
බණ්ඩාර කුවේට් Saturday, 11 January 2014 12:32 PM
හොඳ ප්‍රවෘත්තියක් මම ආසම පලතුරක් (අ)
වත්සලා Saturday, 11 January 2014 12:16 PM
ගොඩක් හොද රසවත් පළතුරක් (අ)
තරූ Saturday, 11 January 2014 09:27 AM
මමත් ආසයි අලිගැට පෙර්වලට.(නදී)