X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


අලුත් අවුරුදු සිරිත්

මේ දිනවල ලොව විවිධ රටවල් තම තමන්ගේ සංස්කෘතිය අනුව අවුරුදු උදාව සැමරීමට සැරසේ.ඒවා අතර අමුතු හා අපූරු අලූත් අවුරුදු සැමරුම් විදිද එමටය.මේ සම්බන්ධව මෑතකදී අන්තර්ජාලයේ මත විමසුමක් සිදුකෙරුණු අතර එහිදී වැඩිම ඡන්ද ලබාගත් අලූත් අවුරුදු චාරිත්‍ර විධි 5 ක් ගැන තොරතුරුය මේ.

මත විමසුවේ පළමු ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත්තේ චිලීයේ ටැල්කා නම් නගරයක සිදුවන අලූත් අවුරුදු චාරිත්‍රයකි.ටැල්කා නගර වැසියන් සෑම අවුරුද්දකදීම අලූත් අවුරුදු උදාව ගතකරනුයේ නගරයේ සුසාන භූමියේය. අලූත් අවුරුදු දිනයේදී මළවුන්ටත් සැබෑ ලෝකයට පැමිණීමට අවස්ථාව හිමිවන්නේ යැයි විශ්වාස කරන ඔවුන් අලූත් අවුරුදු උදාව තම මියගිය ආදරණීයයයන් හා එක්වීමට අවස්ථාවක් ලෙස සළකයි.ඒ නිමිත්තෙන් මුලූ නගරයම අලංකාර ලෙස සැරසීමටත් ඔවුන් කටයුතු කරති.සොහොන් පිටියක අලූත් අවුරුදු සැමරුවද දුක කිසිවෙකුට නොදැනේ.ඔවුන්ගේ විශ්වාසය ඒ තරමට ප්‍රබලය.

දෙවන ස්ථානයේ සිටින්නේ රුමේනියාවයි.මෙයට අයත් වන්නේ ගොවිපළ හිමියන් හා ඔවුන්ට අයත් සතුන්ය.රුමේනියාවේ ගොවිපළ හිමියන් අතර පවතින විශ්වාසයක් වනුයේ අලූත් අවුරුදු උදාවේදී සියලූ සතුන්ට කතා කිරීමේ හැකියාව ලැඛෙන බවයි.සතුන් කතා කරනවා ඇසෙන්නේනම් එය නරක පෙරනිමිත්තක් ලෙස ඔවුන් සළකන අතර එසේ නොඇසෙන්නේනම් අලූත් අවුරුද්ද සුභ වන්නේ යැයි ඔවුන් විශ්වාස කරයි.

තෙවන ස්ථානයේ සිටින්නේ අයර්ලන්තයයි.අයර්ලන්ත වැසියන් අලූත් අවුරුදු උදාවේදී පරණ පාන් රාත්තල් වලින් තමන්ගේ නිවෙස් බල බිත්ති වලට පහර දෙන බව සදහන්ය.ඔවුන් එසේ කරනුයේ අශුද්ධ ආත්මයන් තම තමන්ගේ නිවෙස් වලට අරක්ගෙන සිටින්නේ නම් ඔවුන් පලවා හැරිමේ විශ්වාසයෙන් බව පැවසේ.

සිව්වන ස්ථානය දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගර හිමිකරගෙන සිටී.අලූත් අවුරුදු උදාවට ප්‍රථම නගර වැසියන් තම තමන් පෙර අවුරුද්දේදී භාවිතා කළ රූපවාහිනී,මයික්‍රොවේව් උදුන්,රෙදි සෝදන යන්ත්‍ර ආදිය තම නිවාස වලින් එළියට විසි කර දමයි.බොහෝ විට මෙසේ බඩු භාණ්ඩ විසි කරනුයේ උස් ගොඩනැගිලි වල සිටය.මෙම සමය නගරයේ පොලිස් නිළධාරීන්ට නම් අන්තිම අශුභ කාලයක් බව පැවසේ.මෙම චාරිත්‍රය ලොව වෙනත් රටවල සිදුකෙරෙනුද දැකිය හැකිය.

පස්වෙනි තැන හිම සයිබීරියාවටයි. සයබීරියා වැසියන් අලූත් අවුරුදු උදාව සමරන්නේ ජලය මිදෙන තරම් ශීත ජලාශයක කිමිදීය.ඔවුන් තමන් හා මියගිය ගසක්ද රැගෙන යාම සිදුකරයි.

මේවාට අමතරව ස්කොට්ලන්තයේ සිදුවන සියලූ ඇදුම් උනා දමා සීත නදියකට පැනීම,වැනීසියේ නව අවුරුදු උදාවත් සමග සාන්ත මාර්කෝ චතුරස්‍රයට එක්වන සියගණනක් ජෝඩු ප්‍රසිද්ධියේ සිපවැළද ගැනීම වැනි චාරිත්‍රයන්ද අපූරු අවුරුදු චාරිත්‍ර ලැයිස්තුවේ දැක්වේ.

 



අදහස් (0)

අලුත් අවුරුදු සිරිත්

දිනුෂ Tuesday, 31 December 2013 11:09 AM

ලංකාවේ සිංහල අපි වෙසක් පොහොය බුද්ධ වර්ෂයක ආරම්භය ලෙස සැලකිය යුතුවා සේම, සිංහල අලුත් අවුරුද්ද නව සුර්ය වසරක උදාව ලෙස සැලකිය යුතුයි. (නදී)

:       0       0

රජින්ද Tuesday, 31 December 2013 04:28 PM

ඇයි දිනුෂ.... ඔය දැන් එහෙම නෙමෙයිද සලකන්නේ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site