X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


අලුත් ජංගමයක් එයි

වර්තමානයේ ඇති තාක්ෂණයෙන් හා පහසුකම් වලින් පිරි ජංගම දුරකථනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතා සරල එමෙන්ම කල් පැවැත්ම අතින් ඉහළ යැයිද කියන අලූත්ම ජංගම දුරකථනයක් එළිදැක්වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වේ.

නොකියා 215 ලෙස නම් කර තිබෙන මෙම දුරකථනය ඉහළ බැටරි ධාරිතාවයක්, සරල වුවත් වැඩකටයුතු රාශියක් කළ හැකිවීමත් ආදී ලෙස එදා නොකියා නාමයට හිමිව තිබූ තැන යළිත් නිර්මානය කර ඇත්තක් ලෙස මයික්‍රොසොෂ්ට් සමාගම හඳුන්වාදී තිබේ.සමාගම් ආරංචි මාර්ග වලට අනුව වරක් ආරෝපණය කළහොත් මෙම දුරකථනයේ බැටරිය මාසයක් පමණ ගතවනතෙක් නැවත වරක් ආරෝපණය කළ යුතු නැත.

හුරුබුහුටි ලෙස නිමවා ඇති මෙම දුරකථනයේ පහසුකම් නැතුවාද නොවේ. කැමරාවක්, අන්තර්ජාල පහසුකම්, බ්ලූටූත් ආදී වර්තමානයේ ජංගම දුරකථනයකට අත්‍යාවශ්‍ය යැයි සැලකෙන පහසුකම් එහි තිබේ.

එය මිල කර තිබෙන්නේ ඩොලර් 29 ක (රුපියල් 3810.60) මිලකටය.

මෙම දුරකථනය ආසියාව හා අපි‍්‍රකා රටවල් මුල් කරගෙන හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කරයි. බොහෝ විට මෙම වසර මුල් මාස 3 අතර කාලයේදී එම කලාප වල වෙළදපොළවලට මෙය නිකුත් කෙරෙනු ඇත.



අදහස් (0)

අලුත් ජංගමයක් එයි

පිටබැද්දර ජයා Thursday, 08 January 2015 08:13 AM

නාරද මේකේ තියෙන්නේ කාර් බැටරියක් බය නැතුව කතා කරන්න ! (ස)

:       0       0

හපනා Monday, 12 January 2015 07:01 AM

මේ තියෙන්නේ ඔය කියන ෆෝන් එක ගැන විස්තර‍ http://www.gsmarena.com/nokia_215-6910.ෆ්ප් මේ මාදිලියෙම ඩුවල් සිම් ෆෝන් එකකුත් තියෙනවා http://www.gsmarena.com/nokia_215_dual_sim-6911.php. (අ)

:       0       0

තරිඳු Sunday, 11 January 2015 07:15 AM

නාරද ඔබ හරි ස්ටෑන්ඩ් බයි කාලය තමා දවස් 29. මුළු කතා කාලය පැය 20. (නදී)

:       0       0

කව්දු Saturday, 10 January 2015 05:36 PM

ගුණදාස මොනවද කියන්නේ ? තේරෙන කෙනෙක් පැහැදිලි කර දෙනවද ?(දිල්)

:       0       0

ගාමිනී බස්නායක Saturday, 10 January 2015 11:06 AM

මේකට චාජරයක් වෙනුවට ඩයිනමෝවක් දෙනවලු (නදී)

:       0       0

මොහාන් Saturday, 10 January 2015 10:43 AM

මේ දුරකතනය ගොඩක් වටිනවා (දිල්)

:       0       0

මේෂාන් Saturday, 10 January 2015 10:40 AM

මෙවැනි දුරකතනයක් ලංකාවට වටිනවා (දිල්)

:       0       0

නෙවිල් Saturday, 10 January 2015 01:51 AM

තිරය පොඩි ලංකාවට හරියන්නේ නැහැ (නි)

:       0       0

සුමේධ Friday, 09 January 2015 03:19 AM

ඇත්තෙන්ම සුපිරි දුරකථනයක් (නි)

:       0       0

සංඛ Thursday, 08 January 2015 02:37 PM

කමක් නෑ ගනං වැඩි වුනත්. (ර)

:       0       0

පුෂ්පසිරි අල්විස් Thursday, 08 January 2015 01:09 PM

නිරංජන් මහතාණෙනි, ඔබ මේ ලිපිය කියෙවුවා නම් සිංහල වැටහෙනවා නම් ඔහු කියා තිබෙන්නේ දුරකථනය මිල අඩුවුණත්, අනෙක් මිල අධික දුරකථන වලින් කරනා ක්‍රියා සියල්ල සිදුකරන බවය. බැටරිය මාසයක් නැතිවුණත් සතියක් තිබුනත් දුප්පත් අපිට ඉතා වටිනවා. එය දකිනතුරු බලා සිටිමි (නි)

:       0       0

කමල් Thursday, 08 January 2015 09:24 AM

පිටබැද්දර ජයාණෙනි, බැටරිය ගෙනයන්න නොමිලයේ වීල්බැරෝවක් දෙනවාලු? (නි)

:       0       0

නිරංජන් Thursday, 08 January 2015 09:11 AM

වරක් ආරෝපණය කළවිට නැවත මාසයක් ගතවනතුරු ආරෝපණය කළ යුතු නැති බව පැවසුවත් මෙයට අදාළ වෙනත් සාධක තිබෙන බව කවුරුවත් කියන්නේ නැහැ. ජංගම දුරකථනයකන් ඇමතුම් ගන්නාවිට, කෙටි පණිවිඩ යවනාවිට වැනි ක්‍රියාවන්වලදී බැටරිය බැසයනවා. මේ පවසන දුරකථනයේ වුවත් දීර්ඝ ඇමතුම් ගතහොත් මාසයක් නොව සතියකින් වුවත්, ඇතැම්විට දින කිහිපයකින් වුවත් බැටරිය බැස යා හැකියි. අනෙක් කාරණය තමයි පෞද්ගලිකම මට ඇමතුම් පමණක් ලබාගන්නා දුරකථනයකින් ප්‍රයෝජනයක් නැහැ. ඒ මගේ අවශ්‍යතාවය හැටියටයි. ඒ නිසා එය තීරණය වන්නේ සෝබනය මත නොව අවශ්‍යතාවය මතයි. (නි)

:       0       0

ගුණදාස (බ) Wednesday, 07 January 2015 07:44 AM

ඉක්මනට ලංකාවට ගෙන්නන්න. ඉදිරි කාලයේදී ලංකාව තුල පටන් ගන්න හර්තාල් වලට මෙය ඉතා යෝග්‍යයි. වතුර ටැංකි, ලයිට් කණු, බිල්ඩින්. හා ගස් උඩට නැග එක දිගට මාසයක් බලධාරින් සමඟ සාකච්චා කරමින් හර්තාල් කර ඉල්ලීම් දිනාගන්න පුළුවන් වෙයි. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 08 January 2015 05:42 AM

එතකොට බදු සමඟ මිල කීයද? (නි)

:       0       0

සිරිල් Thursday, 08 January 2015 05:25 AM

මොන පිස්සුද පත්තරේ මොනව හරි අළුත් දෙයක් දාන්න එපායැ. අපිත් මෝඩයො වගේ කොමෙන්ට් දානවා. (නදී)

:       0       0

නාරද Thursday, 08 January 2015 03:26 AM

මේ කියන සමාගමේ ප්‍රචාරක යාන්ත්‍රණය හරිම ප්‍රබලව සිත් කාවදින ලෙස ඉදිරිපත් කළත් බඩු ගැන අපිට විශ්වාස නැහැ. බැටරිය වරක් ආරෝපණය කළ පසු මාසයක් ගතවන තෙක් නැවත ආරෝපණය නොකරන්නේ කථා නොකර සිටියහොත් යැයි විශ්වාස කරමි. (නි)

:       0       0

සරත් Wednesday, 07 January 2015 11:25 PM

එම දුරකථනය ඉක්මනින් ලංකාවට එනවාට මම කැමතියි. මටත් එකක් ගන්න. දැන් තිබෙන එක මීටත් වැඩිය මිල අඩුයි. එහෙත් ඕනෑ දේ වෙනවනේ සත්‍යපාල කියනවා වගේ. (නි)

:       0       0

නදීක Wednesday, 07 January 2015 05:03 PM

සත්‍යපාල,ඔබ පිටරටක වැඩ කරද්දී ඔබට මුදල් වලින් කරගන්න දේවල් බොහෝමයි. නමුත් ලංකාවේ ඉන්න කෙනෙකුට තමන්ට තිබෙන ලොකුම ආශාව මිල අධික දුරකථනයක් පමණක්ම විය හැක. එය ඔහුට ලෝකයක් තරම්ය. (නි)

:       0       0

තමරා Wednesday, 07 January 2015 04:53 PM

ඉතාම හොඳ දෙයක්. සාධාරන මිලක්. (නි)

:       0       0

ඛාන් Wednesday, 07 January 2015 04:18 PM

පද්මසිරි, සහතික ඇත්ත ඔයාගේ කතාව (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 07 January 2015 01:11 PM

පත්මසිරි කිවුවා වාගේ, ලංකාවේ බහුතරය මිල අධික නම් එයින් කෙරෙන සේවයක් නැති වුණත්ගන්නට පොරකනවා.සිම් කාර්ඩ්පතක් නොමැතිව හෝ එය අනෙක් අයට පෙන්වා තබාගැනීමත් කරනවා. (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 07 January 2015 10:23 AM

පත්මසිරි මාපලගම, ඔබ හරියටම හරි.1996 සිට මම පිටරට සිටියත් තවම භාවිත කරන්නේ ඉතාමත් අඩුම මිල ජංගම දුරකථනයක්.එය මට හොඳටම ප්‍රමාණවත්. මම නිවාඩුවකට ලංකාවට එන විට රැකියාවක්වත් නොකරන මගේ ඥාතියකු මට කියන්නේ එයාට මිල අධිකම දුරකථනයක් ගෙනවිත් දෙන ලෙසයි.ලංකාවේ අපි අවශ්‍ය වුණත් නැතත් හොයන්නේ ලෝකයේ තිබෙන සියල්ල සහිත දේවල්. (නි)

:       0       0

ජයාත් Wednesday, 07 January 2015 10:02 AM

ඒක නම් සහතික ඇත්ත පද්මසිරි. නමුත් තමන්ගේ අවශ්‍යතාවය ඉටුවෙනවා නම් අඩුම මිලක එකක් ගන්න අපි වගේ අයත් ඉන්නවා (නි)

:       0       0

පත්මසිරි මාපලගම Wednesday, 07 January 2015 08:21 AM

ඕක කොපමණ හොඳ එකක් උනත් ,ඕනෙම දෙයක් කරන්න පුළුවන් උනත් , මිල අඩු නිසා ලංකාවේ අලෙවි කළ නොහැකිය , ලංකාවේ අයට ඕනේ වැඩක් නැති උනත් මිල අධික දෙයක් , භාණ්ඩයේ මිල පවසා මානසික තෘප්තිය ගන්න කොටස වැඩියි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site