අසැබි වදන් වලින් පිරි චිත‍්‍රපට හා රූපවාහිනී වෙළද දැන්වීම්වලට පනවා තිබූ වාරණය ළිහිල් කිරීමට බි‍්‍රතාන්‍යය සැරැසේ.
පෙර මෙවන් චිත‍්‍රපට හා දැන්වීම් වයස අවුරුදු 17 ට වඩා අඩු දරුවන්ට ප‍්‍රදර්ශනය කරන්නේ නම් ඒවා සංශෝධනය කළ යුතු වු අතර වාරණයන් ඉවත් කිරීමත් සමග එවැන්නක් සිදුකිරීමට රූපවාහිනී හා චිත‍්‍රපට නිෂ්පාදක සමාගම් වලට අවශ්‍ය නොවේ.
මෙසේ වාරණයන් ඉවත් කිරීමට හේතුව ලෙස බලධාරීන් දක්වා ඇත්තේ දෙමව්පියන් තම දරුවන් අසැබි වදන් භාවිතා කිරීමෙන් වළක්වාගැනීමට දැන් කරදර වන්නේ නොමැති බවයි.
විශේෂයෙන් දරුවන් සමාජගත වන විට ඇසැබි වදන් නොදැනුවත්වම ඉගෙන ගන්නා බවත් මෙනිසා තවදුරටත් චිත‍්‍රපට හා රූපවාහිනී දැන්වීම් වලට වාරණයන් පැනවීම පදනම් විරහිත කටයුත්තක් බවත් බලධාරීනගේ මතය වී ඇත.
නමුත් දෙමව්පියන් නම් බළධාරීන්ගේ මෙම තීරණය කෙරෙහි මනාපයක් පළ කර නැත.දෙමව්පියන් පවසන්නේ ඇසැබි වදන් භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් යැයි මතයක් සමාජයේ ඇති කිරීමට ඔවුන් උත්සාහ කරමින් සිටින බවයි.
චිත‍්‍රපට හා රූපවාහිනී දැන්වීම් වලින් සීමා නොවුණු ලෝකයක ජීවත් වන වත්මන් තරුණ පරම්පරාව අන්තර්ජාලය පරිහරණයේදී,සම වයස් කණ්ඩායම් හා ගනුදෙනු කිරීමේදී,සමාජ වෙබ් අඩවි භාවිතයේදී නොයෙකුත් ශිෂ්ඨසම්පන්න නොවන චර්යා රටාවන් හා භාෂණ රටාවන්ට අනුගත වන බව දෙමව්පියන් පිළිගනී.තමන් අත දරුවන් සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇතත් රට කරවන බළධාරීන් අතද දරුවන් ගැන කැක්කුමක් තිබිය යුතුයැයි ඔවුන්ගේ මතයයි.දරුවන් යනු රටක අනාගතය භාරගැනීමට සිටින පුරවැසියන් හෙයින් ඔවුන්ව යහපත් ලෙස හැඩගැස්වීමට බළධාරීන් අතද වගකීමක් ඇති බව දෙමව්පියන් පෙන්වා දේ.
වාරණ ඉවත් කරන්නේ යැයි කියා අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට බළධාරීන් කටයුතු කර නොමැත.දැඩි අසැබි වදන් භාවිතයන් ඇති චිත‍්‍රපට හා දැන්වීම් තවමත් පෙර පරිදි වාරණය කෙරේ.මීට අමතරව බිය උද්දීපනය කිරීමේ සමත් චිත‍්‍රපටයන්ද වාරණය කිරීමට පියවර ගනිමින් තිබෙන බව සඳහන්ය.එවන් චිත‍්‍රපට වල ඇතැම් දර්ශනයන් හා කි‍්‍රයාකාරකම් දරුවන්ගේ මානසික තත්ත්වයට අයහපත් බලපෑම් ඇතිකරන්නේ යැයි සොයාගෙන තිබීම මීට හේතුවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අසැබි වදන් තහනම හැළේ
පෙරේරා Wednesday, 15 January 2014 02:11 AM
මේවායේ විපාක මේවා අනුමත කරන බලධාරින්ටම දවසක අත්විඳින්න පුළුවන් වෙයි.(නදී)