1925 වසරේදී උසස් පාසලකට ඇතුළත් වී 2013 වසරේදී ඩිප්ලෝමාව ලබා ගැනීමට සමත්වූ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ මවුන්ට් වර්නන් ප්‍රදේශයෙනි.
රෙබා විලියම්ස් 1925 වසරේ මවුන්ට් වර්නන් උසස් පාසැලේ දීප්තිමත් ශිෂ්‍යාවක වූවාය.වසරින් වසර ගෙවී අවසානයේ පැමිණියේ පාසැලින් නික්ම යාමට කාලයයි.අවසන් වසර සිසුන් සදහා නිබන්ධනයක් සැකැසිය යුතු වූ අතර ඒ සදහා භාවිතා කළ යුතු වූ පොත් පත්ද ගුරුවරුන් විසින් නිර්දේශ කරන ලදී.නමුත් රෙබා එම පොත්පත් පරිශීලනය කිරීම තම ගුරුවරුන් ඉදිරියේම ප්‍රතික්ෂේප කළාය.ඒ තමන්
එම පොත්පත් මිීට කලින් කියවා ඇති බවත් ඒවායේ අන්තර්ගතයට අකැමැති බවත් කීවාය .රෙබාගේ හැසිරීම අනුමත නොකළ පාසැලේ පාලනාධිකාරිය ඇයට පාසල් සමය අවසානයේ පිරිනැමෙන ඩිප්ලෝමා සහතිකය ලබා නොදීමට තීරණය කළේ අනතුරුවය.
කිසිත් ගණන් නොගෙන රෙබා උසස් පාසල් දිවියට ආයුබෝවන් කියා සැබෑ දිවිය ජය ගැනීමට වෙහෙස වීම ඇරඹිීය.වසරින් වසර ගෙවී ගොස් පැමිණියේ 2013 වසරයි.රෙබා දැන් 106 වියැතිය. ප්‍රදේශයේ වයස්ගතම පුද්ගලයින් ගැන සමිීක්ෂණයක් කිරීමට පැමිණි පුද්ගලයින් කණ්ඩායමකට රෙබා හමුවීමට අවස්ථාව සැළැසෙන්නේ මේ කාලයේදීය.ඇයගේ තොරතුරු විමසන විට රෙබා තමන්ට 1925
වසරේදී වූ අකරතැබ්බයද මේ පිරිස හමුවේ පවසා තිබේ.සමිීක්ෂකයන් කණ්ඩායම මවුන්ට් වර්නන් උසස් පාසැලට ගොස් කළ කරුණු දැක්වීමකින් පසුව පාසලේ පාලනාධිකාරිය රෙබාට ඩිප්ලෝමා සහතිකය පිරිනැමිීමට කටයුතු කර ඇත.ඒ වසර 88 කට පසුවය.
‘‘මට හරිම සන්තෝෂයි.මම පැවැසුවා මට වුණු දේ.ඔවුන් මට සිදුකළ දෙය වැරදියි.වසර ගණනක් ගෙවී හෝ ඔවුන් වරද නිවැරදි කරගෙන තිබෙනවා.මට ආරංචි වුණු හැටියට 1925 වසරේ මට ඩිප්ලෝමාව ලබා දීමට විරුද්ධ වුණු ගුරුවරයෙකුත් දැන් පාසැලේ පාලනාධිකාරයේ ඉන්නවා.කොහොම හරි මම දිනුවා පවසන්නී රෙබාය.
අවසානයේ රෙබා වැදගත් කරුණක්ද කතාවට එක් කළාය.‘‘ඩිප්ලෝමාවක්,උපාධියක් තිබුණට වැඩක් නැහැ.එයින් උගත් දේ පාවිච්චි කරන්නේ නැත්නම්.මම නම් ඩිප්ලෝමාව ලැබුණද නැතිද කියා වදවෙවී සිටියේ නැහැ.දිගටම ඉගෙන ගත්තා.තවමත් ඉගෙන ගන්නවා’’.
කෝ.වි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අසූ අටේ දී ඩිප්ලෝමාව