ඉරාක ආරක්ෂක අංශවලින් බේරී සැඟවී සිටි එරට සුන්නි මුස්ලිම් උප ජනපති තරීක් අල් හසීමී, පෙරේදා (4) සෞදි අරාබියට පැමිණියේය. අල් කයිඩා සටන්කාමීන් සමඟ එක්වී ඉරාක රජයේ උසස් නිලධාරීන් හා ඇමැතිවරුන් ඝාතනය කිරීමට සැලැසුම් කළ බවට උප ජනපතිට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා හේතුවෙන් ඉරාක අපාරාධ අධිකරණයක් ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබේ. වරෙන්තු නිකුත් කළ අවස්ථාවේ ආරක්ෂක අංශවලින් බේරී උප ජනාධිපතිවරයා ඉරාකයට අයත් කුර්දිස්තානයට පලා ගොස් සැඟවුණේය. පෙරේදා සෞදි අර්බිය පැමිණෙන තෙක් ඔහු සිටියේ කුර්දිස්තානයේය. ”ඉරාක උප ජනපති සෞදියට පැමිණ සිටිනවා. ඔහු සෞදි විදේශ ඇමැති සවුද් අල් ෆයිසාල් හමුවී සාකච්ඡුා කළා.” යැයි නම සඳහන් නොකළ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය. උප ජනපති සෞදියට පැමිණ ඇත්තේ ඩෝහා සිටය. උප ජනපති වහාම තමන්ට බාර දෙන ලෙස ඉරාක රජය සෞදියට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. ඉරාක මුස්ලිම් ජනතාව සුන්නි සහ ෂියා ලෙස කොටස් දෙකකි. ඔවුන් අතරේ ද ආයුධ සන්නද්ධ සටන්කාමී කණ්ඩායම් බිහිවී සිටී. එම සටන්කාමී කණ්ඩායම් අල් කයිඩා, හිස්බුල්ලා, කටාබී, හසාබී අල් හක් ආදී සටන්කාමී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආරක්ෂක අංශවලින් බේරී ඉරාක උප ජනපති සෞදියට