X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


ඇට කෑමෙන් මරණය කල් යයි

කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධාය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පිස්ටච්යොස් හා රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශික්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි.

ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක කාලයක් පුද්ගලයන් 119,000කගේ ජීවන රටාව අධ්‍යයනය කැර තිබේ. සතියේ දින හතම ඇටවර්ග අහුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත් මිනිසුන් මරණයට පත්වීමේ අවස්ථාව සාමාන්‍ය පුද්ගලයකුගේ මරණයට පත්වීමේ කාලයට වඩා පස් ගුණයකින් අඩු වී ඇති බවත් සතියකට එක් වතාවක් ඇට වර්ගයක් ආහාරයට ගත් පුද්ගලයන් මරණයට පත්වීම සියයට හතකින් අඩුවී ඇති බවත් මේ පර්යේෂණයෙන් හෙළි‍වී ඇත. ඔවුන් විසින් කරන ලද පර්යේෂණයේ වාර්තාව බ්‍රිතාන්‍යයේ නව වෛද්‍ය පර්යේෂණ සදහා වූ ජර්නලයේ ප්‍රකාශයට පත්කැර තිබේ.

පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් යන සංකල්පයට වඩා ඇටවර්ග ආහාරයට ගැනීමෙන් මරණය ඈත් කැරගත හැකි බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන සයන් ක්ලාර්ක් මහත්මිය පවසයි. ඇය වැඩිදුරටත් පෙන්වා‍ දෙන්නේ ඇට සහිත ආහාර පිළිකා සමග සටන් කරනු ලබන සූක්ෂම අණුක සහිත සෛල වලින් සමන්විත බවයි. එමෙන්ම තඹ, තුත්තනාගම්, යකඩ, මැග්නීසියම් අඩංගු ඇට වර්ග හේතුවෙන් ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකිවන බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත.

මේ ඇට මේද සහිතය. ‍ඇට වර්ගවල ඇති මේදය මගින් අඝාතය සහ හෘද රෝග වළක්වාලයි. පර්යේෂකයන් පවසන්නේ චොකලට් පැකට්ටුවක් කනවාට වඩා කෙදි සහිත ඇට වර්ගයක් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් බවයි. සෑම ගෙඩිවර්ගයකම ඒවායේ විශේෂිත වූ වාසි ඇත. ඇතැම් ගෙඩි වර්ග විටමින් වලින් අනූන වන අතර ඇතැම් ගෙඩි වර්ග ඔමෙගා තුන නමැති මේද වර්ගයෙන් සංතෘප්තව තිබේ.

ක්ලාර්ක් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ කොට්ටම්බා වැනි ගෙඩිවල ලෙල්ල ආහාරයට එක්කැර ගැනීම වඩාත් වාසිදායක බවයි.

''කොට්ටම්බා ලෙල්ල ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාරයක්. එහි ප්‍රෝටීන් හොදින් අඩංගුවනවා. කොට්ටම්බා ගෙඩි 20-25 ක් ගත් විට එහි කැලරි 163 ක් තිබෙනවා. සමට සහ ස්නායු පද්ධතිය නි‍රෝගීව තබා ගැනීමට කොට්ටම්බා උපකාරි වනවා. ඒ වගේම දත් සහ අස්ථි ප්‍රතිශක්තීරණයට හා ඇසේ පෙනීම යහපත්ව තබා ගැනීමටත් කොට්ටම්බා වැදගත්. කජු මද 16ක් 18 ක් ගත විට එහි කැලරි 163 ක් තිබෙනවා. යකඩ හා තුත්තනාගම් වලින් සමන්විත කජු රුධිරයේ ඔක්සිජන් පරිවහනයට විශාල වශයෙන් උදව් කරනවා. ඒ වගේම රටකජු ද පෝෂණයෙන් අනූන ආහාරයක් මේ සියල්ල මිනිසුන්ගේ මරණය කල් දැමීමට උපකාරී වන බව ස්ථිරයි "

මෙම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ධාන්‍ය ලෙස සමාන්‍ය භාවිතයේ ඇති ඇට වර්ග නොව ඔවුන් පවසන ආකාරයේ ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාව ඇති නොවන බවයි. එමෙන්ම එවැනි ඇට වර්ග කෑමට ගන්නා පුද්ගලයන් දුම්පානය ප්‍රිය නොකරන බවත්, ව්‍යායාම වලට වැඩි කැමැත්තක් දක්වන බවත්, පළතුරු සහ එළවළු ආහාරට රුචි බවත් පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

 



අදහස් (0)

ඇට කෑමෙන් මරණය කල් යයි

රුවන් Monday, 02 December 2013 05:48 PM

මම සිටින ඩුබායි රටේ හැම අවන්හලකම පාහේ මෙම ඇට වර්ග විකිණීමට තිබෙනවා (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 01 December 2013 03:53 PM

ඉතාමත් වැදගත් වටිනා ලිපියක්. ලංකා දීපයට ස්තුතියි... (නදී)

:       0       0

නාරද Sunday, 01 December 2013 04:11 PM

මම මාලදිවයිනේ වැඩකරන්නේ. මෙහේ මිනිස්සු කොට්ටම් පොතු කන්න හරි ආසයි. පළතුරු නැති නිසා මෙහි ඇති ගුණ දන්නවා.(නදී)

:       0       0

ඩී.උපුල් Sunday, 01 December 2013 11:40 PM

මේ ඇට වර්ග වල මිල ගණන් ඇහෙනකොට ජීවිතේ කෙටි වෙන්නත් ඉඩ තියනවා.(නදී)

:       0       0

පොරමොලා -බින්තැන්න Monday, 02 December 2013 12:52 AM

අපේ ගෙදර අම්මන්ඩි ගෙන් මන් බේරෙන්නේ කොහොමද දැන්? .ඇට කෑමෙන් මරණය කල් යයි කියල පත්තරේ තියෙනවා දැකලා. දෙයියෝ සාක්කි.(නදී)

:       0       0

සත්‍යයා Monday, 02 December 2013 02:13 AM

ලිපියේ අඩංගු දේ වටිනවා . නමුත් කොට්ටන් ලෙල්ල සම්බන්දව ප්‍රස්නයක් තියනවා . යුරෝපේ කියන කොට්ටන් වෙන වර්ගයක්. නමුත් ලංකාවේ සමහර ගෙවල් වල මේ කියන වර්ගය හිටවලා තියනවා. මේකට අපි කියන්නේ රට කොට්ටන් කියලා. මෙය පිට රට කින් පැමිණි ශාකයක් , පදුරු ලෙස තමයි හැදෙන්නේ ,කොලය කොට්ටන් කොලය තරම් විශාල නැහැ. ගස හරි ලස්සනයි ගෙඩිය රවුම්. ඉදුනම කහ පාටයි හරි රසයි.(නදී)

:       0       0

උපාලි Monday, 02 December 2013 05:02 AM

සජී, ඉන්දු, ඔබ දෙදෙනාගේ පැහැදිලි කිරීම් ඉතා අගෙයි. ඔබට ස්තුතියි. ඒ වගේම ලංකාදීපයටත් මගේ ස්තුතිය!(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 02 December 2013 08:15 AM

ඊයේ ඉරිදා ලංකාදීප ලහිපිටුවේ දැන්වීමක් පල වෙලා තිබුනා කොට්ටම්බා මද කිලෝ 1 ක් රුපියල් 1000 බැගින් ඕන තරම් ගන්නවා කියලා. කෝ ඉතින් අපේ වත්තේ කොට්ටම්බා ගහක් වවාගන්න බැරි උනානේ. විකුණන එක නැතත් කන්නවත් තිබුනා. පාසල් යන කාලේ කෑවට පස්සේ කොට්ටම්බා මදයක් කාල තියා දැක්කෙවත් නැහැ. ( ඉතාම වැදගත් වාර්තාවක්. ලංකාදීපයට බෙහෙවින්ම ස්තුතියි)(නදී)

:       0       1

සරත් Monday, 02 December 2013 09:51 AM

කොට්ටම්බා පොත්තද ලෙල්ලද කන්න ඕනේ.(නදී)

:       0       0

ශිරෝ Monday, 02 December 2013 03:32 PM

වට්ටක්කා ඇට අපි පොඩි කාලේ කෑවා. හරි රසයි. (ස)

:       0       2

චානක Monday, 02 December 2013 04:06 PM

අරාබි රටවල් වල ගොඩක් කට්ටිය කන්නේ මේ ඇට වර්ග තමයි. (ස)

:       0       0

ප්‍රියන්ත ජයවීර Monday, 02 December 2013 04:39 PM

ඇට කන්න රට නොකන්න. (ස)

:       0       0

ලාල් කැන්ඩි Sunday, 01 December 2013 02:47 PM

කොල්ලනේ පරිස්සම් වෙයල්ලා . (නදී)

:       0       0

ශෙහාන් Monday, 02 December 2013 06:28 PM

දැන් ලංකාවේ හැමෝම ඇට ජාති කයි (නි)

:       0       0

විජේවර්ධන Monday, 02 December 2013 07:30 PM

චීනය වගේ රටවල වට්ටක්කා කැකිරි ඇට බැදලා කනවා ඉතාමත් ගුණයි. අපි වට්ටක වීසිකරනවා. රඹුටන් ඇට බැදලා කාලා බලන්න.අපි කොපමණ දේවල් අපතේ යවනවද? (නි)

:       0       0

වන් Tuesday, 03 December 2013 04:03 AM

ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)

:       0       0

ගැමා Tuesday, 03 December 2013 07:20 AM

සජී, පුන්නක්කු වලට කොට්ටම්බා දාලා බීලා බලන්න (නි)

:       0       0

ජයන්ත Tuesday, 03 December 2013 08:15 AM

මම ඉන්නේ ඇමෙරිකාවේ මෙහෙ වට්ටක්ක ඇට සුරියකාන්ත ඇට කොට්ටම්බා ඇට කනවා ලංකාවේ කෘෂිකරම ලොක්කෝ මොනවද ක‍රන්නේ (නදී)

:       0       3

පෙරේරා Tuesday, 03 December 2013 08:19 AM

ඔය රිසර්ච් එකට අනුග්‍රහය දක්වල තියෙන්නේ ඇට නිෂ්පාදනය කරන බහු ජාතික සමාගමක්. ඒ නිසා ඔය ප්‍රතිපල ගැන ලොකු විස්වාසයක් නෑ (නදී)

:       0       0

රොබට් Tuesday, 03 December 2013 10:49 AM

රවින්ද්‍ර සිල්වා, ඔයා කොහෙන්ද ඉගෙන ගත්තෙ ශාක ආහාරවල කොලෙස්ටරෝල් තියෙනවා කියලා ? කිසිම ශාක ආහාරයක කොලෙස්ටරෝල් නෑ, තියෙන්නෙ මේදය. මස් හා මාලුවල කොලෙස්ටරෝල් තියනවා. ඒත් මාලුවල තියෙන කොලෙස්ටරෝල් වලට අමතරව ඔමෙගා තුන කියන ෆැටි ඇසිඩ් එක. මේක ශරීරයට ඉතාම වටිනා පෝෂණ සංඝටකයක්. මේක හෘද රෝග, ආඝාතය අඩු කරන ඔසුවක්.ඒ නිසා මේ ෆැටි ඇසිඩ් බහුල මාලු හෘද රෝගීන්ට දෙනවා. මේ ෆැටි ඇසිඩ් බහුලව තියෙන්නෙ සැල්මන්, ටූනා (බලයා) වගේ මාලුවල. සමහරවිට ඔබ දැකලා ඇති, සන්ෆ්ල්වර්, ෆාම් ඔයිල්වල කොලෙස්ටරෝල් ෆ්‍රී කියලා ගහල තියෙනවා. ඇත්තටම ඒක නොමග යැවීමක්, ගැහුවත් නැතත් කොලෙස්ටරෝල් නෑ, ඒත් මේවා පාවිච්ච් කරල උයනකොට මේ තෙල් වර්ග ප්‍රමාණය ඉක්මවා රත් කිරීමෙන් ට්‍රාන්ස්ෆැට් කියන අන්සැචුරේටඩ් ඇසිඩ් සෑදෙනවා. විශේෂයෙන්ම ඩීප් ෆ්‍රයි කරනකොට. මේ කෑම ආපුවාම අපේ ශරීරයෙ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහල යනවා. මේ නිසා ආහාර පාලනය කරන්න හොඳ පෝෂණවේදියෙක්ගෙන් උපදෙස් ගන්න.(ස)

:       0       0

ලක්විදු Tuesday, 03 December 2013 12:20 PM

මේ කාලේ බඩුවල ගණන් ඇහුවම මේවා තමයි කන්න හිතෙන්නේ. (ස)

:       0       1

ජීවක Saturday, 07 December 2013 10:54 AM

අනේ මන්දා මොනවා කරයිද කියලා.(නදී)

:       0       0

අජිත් කුමාර Wednesday, 10 June 2015 06:27 AM

ඉතාවැදගත් ලිපියකි මෙය පාසල් වලින් පටන් ගත යුතුයි (ම)

:       0       0

චතුරංග - දමාම් Sunday, 01 December 2013 01:57 AM

ඉන්දුගේ විස්තර කිරීම ඉතාමත් වටිනවා. ඇත්තටම කොට්ටම්බා ඇටයේ පොත්ත (සිවිය) ගැන වෙන්න ඇති සඳහන් විය යුතුව තිබුනේ. ලිපිය ඉතාමත් වැදගත්. ස්තුතියි ලංකාදීප.. (නි)

:       0       0

දර්ශා Saturday, 30 November 2013 03:09 PM

කොට්ටම්බා ලෙල්ල කොහොමද ආහාරයට ගන්නේ?වටිනා ලිපියක් ලංකා දීපයට ස්තුතී. (අ)

:       0       0

සජී Saturday, 30 November 2013 04:05 PM

වටිනා ලිපියක්, පොඩි නිවැරදි කල යුත්තක් පෙන්වන්නම්, අන්තිම රුපයේ තිබෙන්නේ ලංකාවේ අප හඳුන්වන කොට්ටම්බා ශාඛයක් වුවද, යුරෝපීයයන් හදුන්වනු ලබන කොට්ටම්බා හෙවත් ආමන්ඩ්, හා ලංකාවේ වැවෙන කොට්ටම්බා එක සමාන නොවේ, යුරෝපීයන් ආහාරයට ගනුලබන කොට්ටම්බා ඇට තුන්වන රුපයේ දැක්වෙන අතර එම ගෙඩි ලපටිකාලයේ ආහාරයට ගතහැකි අතර ඇඹුල් රසින් යුතුය, (අ)

:       0       0

ඉන්දු-ලන්ඩන් Saturday, 30 November 2013 05:19 PM

ඇට වර්ග ආහාරයට ගැනීම හොඳ වුණාට ලුණු තෙල් මිශ්‍ර කිරීම අහිතකරයි. රස වැඩි කරන්න බොහෝ ඇට ජාති තෙලෙන් බැදලා ලුණු ගොඩකුත් ඉහලා තමයි කඩවල් වල විකුණන්නේ. පුලුවන් නම් ගෙදරදී හදාගෙන කන්න. එතකොට සම්පූර්ණ ගුණයම ලැබෙනවා. (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Saturday, 30 November 2013 07:33 PM

දර්ශා, ඔය කොට්ටම්බා ලෙල්ල කියලා තියෙන්නේ සුදු පාට මදය වටේ තිබෙන දුඹුරු පාට පොත්තටයි. සමහරු ඒක ඉවත් කරලානේ කන්නේ... (නි)

:       0       1

ජානක Saturday, 30 November 2013 08:23 PM

එකනේ ජයවර්ධන ජනාධිපතිතුමා ඒ කාලේ ඇට අටක් දෙනවා කිව්වේ (අ)

:       0       0

නිශාන්ත Saturday, 30 November 2013 08:29 PM

රට කන්නේ නැතිව, පුළුවන් තරම් ඇට කන්න. කොහොමද ටිකිරි මොලේ. (අ)

:       0       0

චන්දි Saturday, 30 November 2013 09:20 PM

සජි, මම ලියන්න හිතපු දේ ඔයා ලියලා , ස්තුතියි...!!එම ගෙඩි ලපටි කාලයේ ලුණුත් සමග කනවිට පුදුම රසයක් තියෙන්නේ (අ)

:       0       0

සමදරා Saturday, 30 November 2013 09:23 PM

දුවේ ඉන්දු ඔබේ පරිනත බුද්ධියට මගේ ආචාරය (අ)

:       0       0

රෙමා Sunday, 01 December 2013 12:17 AM

ඇට වර්ග කන්න බැරි අයට ඒවා පිටි කරලා දුන්නහම හරි (නි)

:       0       0

ශාන් Sunday, 01 December 2013 01:27 AM

අපි පුංචි කාලේ වෙරළු, බුළු, වට්ටකා ඇට මද කාලා තිබෙනවා. දැන් කාලේ ලංකාවේ ළමයින්ට ඒකට වෙලාවක් උනන්දුවක් දෙමවුපියෝ සළසන්න ඕනෑ (නි)

:       0       0

රවින්ද්‍ර සිල්වා Saturday, 30 November 2013 03:06 PM

මෙතෙක්කල් සමාජයේ පැතිරිලා තිබුනේ මේ ඇට වර්ගවල බහුලව ශරීරයට අහිතකර කොලස්ටරෝල් තියෙනවා කියලා. එත් මේක එකටවඩා හාත්පසින් වෙනස් අදහසක්. (අ)

:       0       0

පී. Sunday, 01 December 2013 03:52 AM

ඇට කන්න සවිය තියෙන දත් එපායැ.සුප් තමා හදලා දෙන්න වෙන්නේ. පේර ගෙඩියක් හපා ගන්ටවත් සවි දත් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? (නි)

:       0       0

මහින්ද Sunday, 01 December 2013 07:23 AM

ඉන්දු, සජී, ගොඩක් ස්තුතියි විස්තර කළාට. මම හිතන්නේ කොහොමත් මේ අැට වර්ග කන එක හොදයි, පැණි රසදේට වඩා. අපි මේවා පුරුදු කරගන්න ඕනෑ සාමාන්‍ය ජීවිතයට (නි)

:       0       0

සරත් පර්ත් Sunday, 01 December 2013 08:54 AM

වටිනා ලිපියක් අවසාන චේදය සම්පුර්ණ සත්ත්‍යකි. (ස)

:       0       0

ෂෙහාර් Sunday, 01 December 2013 08:58 AM

කජු මද (ස)

:       0       0

ඉන්දික Sunday, 01 December 2013 11:44 AM

ඕක මුලින්ම හොයාගත්තේ ජේ.ආර් 1977 දි.(නදී)

:       0       0

කුඩා Sunday, 01 December 2013 12:24 PM

සජි ඔබගේ අදහස් වැලින් මම යමක් ගත්තා. ස්තුතියි ඔබට.(නදී)

:       0       0

නිහාල් / සැන්ෂිබාර් Sunday, 01 December 2013 12:27 PM

දර්ශා, මාලදිවයිනේ දුපත් වල ඉන්න මිනිස්සු හොඳින් පැහුණ කොට්ටම්බා ලෙල්ල පිටින් හපා කාලා වවුලන් වගේ සාරය බොනවා. එයාල කියනවා ඒ ඉස්ම ගුනයි කියලා. ඉදුණු අහු ගෙඩිත් ගිලිනවා, බඩේ අමාරු හැදෙන්නේ නැතිලු.(නදී)

:       0       0

නිහාල්/ සැන්සබාර් Sunday, 01 December 2013 12:31 PM

ඉදුණු කොට්ටම්බා ලෙල්ල හරිම රසයි. සිංහල අපි කවදාවත් ඒ ගැන දන්නේ නැහැ .(නදී)

:       0       0

රංජිත් මහදුර Sunday, 01 December 2013 12:50 PM

පොඩි කාලේ අපි කොටම්ම්බා කනකොට අපිට කන්න දුන්නේ නැහැ e බඩේ අමාරු හැදෙනවා කියලා. අනේ මන්දා එක එක සැරේට එක එක දේවල්, ජේ.ආර් මහතා කියපු දේවල් හරි වගෙයි. ඇත්තටම රට කන්නේ නැතිව ඇට කාපල්ලා.(නදී)

:       0       0

ලාල්-කැන්ඩි Sunday, 01 December 2013 02:43 PM

ලොක්කෙක් අලුතෙන් බිස්නස් එකක්වත් පටන් ගත්තද දන්නේ නැහැ නේද රවින්ද්‍ර සිල්වා .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site