බි‍්‍රතාන්‍යයේ බටහිර මිඩ්ලන්ඩ් ප‍්‍රදේශයේ සෆාරි උද්‍යානයක බිම වැටී තිබුණු අයිෆෝනයකින් තමන්ගේ පින්තූරයක් ගැනීමට උද්‍යානයේ සිටි ඇතින්නකට හැකි විය.
මේ බව හෙළිව ඇත්තේ අයිෆෝනය සොයාගෙන ඇති උද්‍යානයේ සේවකයින් එය පරීක්ෂා කළ අවස්ථාවේදීය.
ලටාබේ නම් වන සෆාරි උද්‍යානයේ වෙසෙන ඇතින්නගේ අපූරු ඡායාරූපයක් එහි විය.
සේවකයින් පවසන්නේ ඇතින්න මේ කුමක්දැයි අයිෆෝනය හොඩවැලෙන් ඒ මේ අත හරවමින් සිටියදී බොත්තම තදවී ඡායාරූපය ගැනෙන්නට ඇති බවයි.
මෙය ඇතින්නක ‘‘තමන්ගේ ඡායාරූපය‘‘ ගත් ලොව ප‍්‍රථම අවස්ථාව ලෙස සැළකේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇතින්න පින්තූර ගනී
ෂෙරිෆ් Friday, 30 May 2014 12:43 PM
අලියෝ ටික ටික අවදිවෙනවා වගේ වෙනසක් ඇතිකරන්න, (අ)
ශාන් Friday, 30 May 2014 12:50 PM
ඔයා අද හරි ලස්සනයි අනේ. (අ)
ඩයනා Friday, 30 May 2014 01:09 PM
අහම්බෙන් සිද්ධ වුනත් මේක නම් නියම සිද්ධියක් (අ)
ලකී Saturday, 31 May 2014 01:22 AM
ඇතින්නියකට දළ නැහැ නේද ? (ස)
හේමන්ත Saturday, 31 May 2014 07:11 AM
ලකී, අප්‍රිකානු අලි ගැහැණු පිරිමි භේදයක් නැතිව ඔක්කොටම දළ තියෙනවා. අපිට දුර්ලභ දේවල් සමහර රටවලට දුර්ලභ නැහැ. ඉන්දියාවේ දෙමලිච්චගේ හොටය රතුයි, අපේ දෙමලිච්චට රතු හොටයක් නැහැ. (ස)
ඉන්දික Saturday, 31 May 2014 10:20 AM
මේක බොරුවක්. බිම තියෙන එකකින් ගත්ත නම් මේ කෝණයට චායාරුපය වදින්න විදියක් නැහැ. (ස)
කලීල් Saturday, 31 May 2014 10:35 AM
ලෝකයේ මේ තරම් බොරු කොතරම් සිදුවෙනවා ද ? (ස)
බෙනට් Sunday, 01 June 2014 10:35 AM
ඉන්දික එම ස්ථානයේ පොළොවේ හැඩය කොහොමද කියල ඔයා දන්නවද ? පොළොවේ හැම තැනම පැතලිද? (ස)
ආනන්ද ආර් Monday, 02 June 2014 09:14 AM
ලෝකයේ අහඹු සිදුවීම් අතර ඉතාමත් සිත් ගන්නා සුළු දේවල් සිදුවෙනවා. අපිට ඒවා දකින්න ලැබෙන්නෙත් අහම්බෙන්. ඒවා වෙන්නේ නැහැ වෙන්න බැහැ කියල තර්ක කරන එක උචිත නැහැ. (නදී)
සුජිවා Monday, 02 June 2014 02:16 PM
වැඩක් නැහැ. මේ ෆොටෝ එකෙන් වත් අලියට උගේ මුළු ප්‍රමාණයම දකින්න බැහැ. කවදාවත්ම දැන් ඉන්න අලින්ට උන්ගේ තරම තේරෙන්නේ නැහැ.(නදී)
රොසාන් Monday, 02 June 2014 02:33 PM
ඉන්දික, මේක වෙන්න පුලුවන් දෙයක්, මම හිතන්නෙ, අයි පෝන් එකෙ දෙපැත්තෙම කැමරා තියෙනව නේද?, හැබැයි මම ලග නම් අයි පෝන් එකක් නැහැ. (නදී)
සමන් Monday, 02 June 2014 09:55 PM
ෂෙරිෆ්,අලියෝ ටික අවදිවෙනකොට පෙරහැර ගිහිල්ලා. (නදී)
ඇලෙක්ස් Monday, 02 June 2014 11:39 PM
මම නම් හිතන්නෙ එයාගෙ ආදරවන්තයට යවන්න පින්තූරයක් ගන්න ඇති (නදී)
අනිල් Tuesday, 03 June 2014 07:18 AM
ලකී , ඇතා කියන්නේ දල තියන නිසා පිරිමි සතාට, ඇතින්නි කියන්නේ දල තියන ගැහැණු සතාට කල්පනා කරලා අදහස් දක්වන්න (නදී)
චමින්ද Tuesday, 03 June 2014 01:31 PM
ඇතාගේ ගෑනු සතා ඇතින්න සහ අලියාගේ ගෑනු සතා ඇතින්න නෙවේ 'කෙනර' (නදී)
චාන්දනී Tuesday, 03 June 2014 04:05 PM
ඡායාරූප ශිල්පියෙකුට හෝ සිට ජීවිතයේදී ගතනොහැකි ඡායාරූපයක් (නි)