X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීහු වෙනිසියුලාවෙන් පිටුවහල් කෙරෙති

ඉහළ පෙළේ ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන් තිදෙනකු වෙනිසියුලාවෙන් පිටුවහල් කිරීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ඊයේ (1) පියවර ගත්තේය.
ජනාධිපති මදුරෝ, එරට කැරැුකස් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලට සම්බන්ධ එම නිලධාරීන් තිදෙනා නෙරපා දැම්මේ, විපක්ෂ දේශපාලන නායකයන් කිහිප දෙනකු හමුවී සාකච්ඡුා කළ බවටත්, රජය පෙරැුළීමට කුමන්ත‍්‍රණය කළ බවටත් චෝදනා කරමිනි.
 

ජනපති මදුරෝ

වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ඇමෙරිකාවේ සහාය නිරන්තරයෙන් හිමිවෙයි. චාවේස් බලයේ සිටි අවදියේදී පවා, ඔහු ඇමෙරිකාවට දොස් කියා සිටියේ, ඇමෙරිකාව, වෙනිසියුලානු විපක්ෂ කණ්ඩායම්වලට සහාය දෙමින් රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කරන බවටය.

”ප‍්‍රබල සාක්ෂි මා සතුව තිබෙනවා. ඇමෙරිකන් රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් විපක්ෂ නායකයන් හමුවී සාකච්ඡුා කළා. ඔවුන් එසේ කළ බව අප දැනගත්තේ පසුවයි. ඇමෙරිකානුවන් පිටුවහල් කරනවා. ඇමෙරිකන් ජනපති ඔබාමා ඒ සම්බන්ධයෙන් මොන තීරණයක් ගත්තත් මට කමක් නැහැ. මම සූදානම් ඊට මුහුණ දෙන්න” යැයි ජනපති මදුරෝ පවසා ඇත.

හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ඉකුත් අපේ‍්‍රල් මස පැවැති ජනපතිවරණයෙන්, චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ජනපති ධුරයට පත් මදුරෝ, එදා සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී ඇමෙරිකාව සමඟ මතභේද ඇති කර ගත්තේය.

චාවේස්ගේ අභාවය සිදුවූ අවස්ථාවේදී ඒ බව නිල වශයෙන් රටේ ජනතාවට දැනුම් දීමට පැය කිහිපයකට පෙර, ඇමෙරිකා තානාපති කාර්යාලයට අනුයුක්තව සිටි, හමුදා නිලධාරීන් දෙදෙනකු ද රටින් නෙරැපීමට මදුරෝ පියවර ගත්තේය. ඒ, රජය පෙරැළීමට විපක්ෂය සමඟ එක් වී, හමුදා කුමන්ත‍්‍රණයක් සැලැසුම් කළේ යැයි චෝදනා කරමිනි.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරයට ද චාවේස් සහභාගී වීමට සූදානමින් සිටියේය. එහෙත් ඔහු ඒ ගමන නවතා දැමුවේය. ඒ, ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන් ඔහු මරා දැමීමට කුමන්ත‍්‍රණ කිරීම නිසා යැයි ද හෙතෙම ඉකුත් සතියේ චෝදනා කළේය.
 



අදහස් (0)

ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීහු වෙනිසියුලාවෙන් පිටුවහල් කෙරෙති

රුවන් Wednesday, 02 October 2013 11:29 AM

ශා නියම නායකයෝ එළකිරි!!!!!! ලංකාවෙත් එල්.ටී.ටී.ඊ. එක ෆෝම් කරන්නෙත් ඇමෙරිකාව, ඉන්දියාව වගේ තානාපති කාර්යාල නිලධාරීන් තමා.. (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 02 October 2013 12:26 PM

ඔය නියෝජිතයෝ කොයි රටෙත් කරන්නේ ඕකම තමයි, පන්නලා දාන්නම තමයි වටින්නේ මේ මුළු ලෝකයෙන්ම. (ස)

:       0       0

ඇසළ Wednesday, 02 October 2013 01:49 PM

නියම කොන්ද පන තියන, නැමෙන්නේ නැති විරෝධාර රාජ්‍ය නායකයෝ කියන්නේ මේ වගේ අයටයි. මුළු ලෝකෙටම හොද ආදර්ශයක්.(නදී)

:       0       0

රේමා Wednesday, 02 October 2013 02:08 PM

කොන්ද පණ තියෙන නායකයෙක්. ඔබ වගේ අය හැම රටකම ඉන්නවා නම් ඇමෙරිකාව අපට ලොකු නෑ. අමරිකාවට කඩේ යන අය ඉන්නකම් ලෝකය හදන්න බෑ. (ස)

:       0       0

ලොකුගේ Wednesday, 02 October 2013 05:11 PM

හොද කොන්දක් ඇති නිළධාරියෙක්. අපි ගරු කළ යුතුයි (නි)

:       0       0

මාගරී Wednesday, 02 October 2013 05:43 PM

පසුගිය ජිනීවා මානව හිමිකම් රැස්වීමේදී දකුණු ඇමෙරිකානු රටවල් අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.දැන් අපේ රටේ දුත පිරිසක් යවලා මේ රටවල් සමග සම්බන්ධතා ඇති කර ගත යුතුයි. (නි)

:       0       0

සුනිල් අබේරත්න Wednesday, 02 October 2013 06:56 PM

අපේ අය වගේමයි, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා. ලෝක පොලිස්කාරයො අපේ රටවලට අවශ්‍ය නැහැ තමා (නි)

:       0       0

රත්න Wednesday, 02 October 2013 07:24 PM

දැන්වත් මේ බෙදුම් වාදීන්ට හා තානාපතිලට හැදිලා තියෙන බෙදුම්වාදී අමාරුවට රජයක් හැටියට ස්ථිර ප්‍රතිකාරයක් කළ යුතුව ඇත. (නි)

:       0       0

රෝහණ කෝනාර Wednesday, 02 October 2013 11:14 PM

ජාත්‍යන්තර සබදතා මෙහෙයුම සම්බන්ධයෙන් පිළිගත් වියානා සම්මුතිය අනුව කිසියම් රටකට පත්කර ඇති තානාපති නිළධාරීන් පිළිගත නොහැකි බව එම රටට ප්‍රකාශ කළ හැකියි. එයින් අදහස් වන්නේ නැහැ අදාල රට සමග සම්පුර්ණයෙන්ම තානාපති සබදතා අත්හරින බවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site