ඇමෙරිකාවට පහරදිය හැකි නවීනතම මිසයිල තමන් සතු බව උතුරු කොරියා රජය ඊයේ(9) විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇමෙරිකාවේ හිතවතකු වන දකුණු කොරියාව සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමට ගනු ලැබූ පියවරට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියා ජාතික ආරක්ෂක කොමිසම මෙසේ සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් තමන්ට න්‍යෂ්ටික හෝ මිසයිල ප‍්‍රහාරයක් එල්ල වූවහොත් තමන් ඊට ප‍්‍රතිප‍්‍රහාර දීමට නොපැකිලෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
‘උපක‍්‍රමශීලී රොකට් බලකායක්’ තමන් සතු බව පවසන උතුරු කොරියා රජය එම රොකට්ටුවලට ඇමෙරිකාවේ සහ දකුණු කොරියාවේ ඉලක්ක වෙත පහසුවෙන් ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව ද අවධාරණය කර කියා සිටී.
මීට දින දෙකකට පෙර දකුණු කොරියා මිසයිල ආරක්ෂණ පද්ධතියේ ආවරණ කලාපය තුන්ගුණයකින් වැඩිකිරීමට අදාළ ගිවිසුමකට ඇමෙරිකාව සිය එකඟතාවය පළ කළේය. ඒ උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප‍්‍රහාරයකින් ආරක්ෂාවීම සඳහා බව පවසමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු කොරියා යුද විශ්ලේෂකයන් පවසන්නේ කිලෝමීටර් දහස් ගණනක් එපිටින් පිහිටි ඉලක්කවලට ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල උතුරු කොරියාව සතුව පවතින බවට සාධක නොමැති බවයි. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී උතුරු කොරියා රොකට් වැඩසටහන අසාර්ථකවීමෙන් එරටට මෙවැනි ප‍්‍රහාරක හැකියාවෙන් යුතු මිසයිල නිපදවීමේ හැකියාවක් නොමැති බව පෙන්නුම් කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
ටේපොඩොං 2 නමැති අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල උතුරු කොරියාව සතු බවට මාධ්‍ය වාර්තා පළ වූවද එය මෙතෙක් අත්හදාබලා නොමැති බව වාර්තා වේ.
අසාර්ථක වූ රොකට් වැඩසටහන මිසයිල අත්හදා බැලීමක් බව අමෙරිකාව සඳහන් කළ ද උතුරු කොරියාව පැවසුවේ එය චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට තමන් ගත් උත්සාහයක් බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාවටත් පහරදිය හැකි මිසයිල අපට තිබෙනවා
සුනිල් Wednesday, 10 October 2012 06:28 PM
කමල් මෝඩයි. (නි)
වෙනුර Thursday, 11 October 2012 10:31 PM
කවුරු කොහොම මොනවා කිවුවත් ඇමෙරිකාව තරම් වෙනත් රට වලට අසාධාරණකම් කරන වෙනත් රටක් නැහැ. (නි)
ලසාන් Thursday, 11 October 2012 09:53 PM
රටේ ඉන්න උන්ට කන්න නෑ තාම යන්නෙ කරත්තවල ඒවුනාට මිසයිල නම් තියෙනව (අ)
බමුණුආරච්චි Thursday, 11 October 2012 07:22 PM
කොරියානුවනේ ඔය මිසයිල වල ලියන්න “කොරියා සිට ආදරයෙන්“ කියලා...
බමුණුආරච්චි Thursday, 11 October 2012 07:21 PM
වියට්නාමයට ගහගන්න බැරිවුණ ඇමරිකාවට තව මොන දෙයක්ද? උතුරැ කොරියානුවනේ ඇමරිකාවට ගහමුද?(නු)
ලාල් Thursday, 11 October 2012 05:52 PM
මම ඇමෙරිකාව සමගයි. (නි)
වසන්ත Thursday, 11 October 2012 04:57 PM
සමහර අය ඇමරිකාවට ගහන්න කතා කරන්නේ... නමුත් වීසා දෙනවානම් ඇමරිකාවට බඩ ගාගෙන යයි.. අපේ සමහර මිනිසුන් ඉන්නවා මේ වගේ...!(නු)
බමුණුගම Thursday, 11 October 2012 09:36 AM
උතුරු කොරියාවට මගේ සුබ පැතුම් ලෝකෙම විනාස උනත් කමක් නෑ ඇමරිකාව විනාස වෙලා (ස)
බන්ඩාර Thursday, 11 October 2012 02:58 AM
උතුරු කොරියාව ලඟදිම කනවා , කමල් ඔයාටත් කන්න ඕනි වෙලා වගේ .....(ස)
ෂෙරීෆ් Wednesday, 10 October 2012 09:50 PM
ඇමෙරිකාව ඕවට බය නැහැ. (නි)
ලලිත් Wednesday, 10 October 2012 08:46 PM
ඇමෙරිකාව මට්ටු වෙන්නේ ඉරානයෙන්. (නි)
සහන් Wednesday, 10 October 2012 08:42 PM
ඇමෙරිකාවය ගහන්න හිතන්නේ ඇමෙරිකාවේ බලය ගැන දන්නේ නැතුව වෙන්න ඇති. (නි)
නසාර් Wednesday, 10 October 2012 07:28 PM
ඇමරිකාවට අපි ගිහින් හදමුද ? (ස)
අශෝක Wednesday, 10 October 2012 11:57 AM
මෙයාලට වෙන වැඩ නැද්ද මන්දා (ස)
ශිෆාන් Wednesday, 10 October 2012 04:43 PM
මොකද කියන්නේ කමල් වැඩේට බහිමුද ? (ස)
සමීර Wednesday, 10 October 2012 03:58 PM
කමල් හරි (ස)
නිලන්ත Wednesday, 10 October 2012 02:35 PM
කමල් මමත් ඔබ සමඟ එකඟයි (ස)
ජයී තිසර Wednesday, 10 October 2012 02:25 PM
න්‍යෂ්ටික බලය ලද්දෝ හිනහෙනවා තව සමහරෙක් ඒ බලයට දඟලනවා නොසිතූ දෙයත් සමහර විට සිදුවෙනවා අවි ගැටුමක ලකුණු වැඩිවීගෙන එනවා (ස)
තනූජා Wednesday, 10 October 2012 02:19 PM
මෙයාලා සැරසෙන්නේ ලෝකය විනාශ කරන්න වගේ (ස)
මනෝජ් Wednesday, 10 October 2012 02:16 PM
මෙහෙමත් ලෝකයක් (ස)
ශ්‍රිරාස් Wednesday, 10 October 2012 01:20 PM
කමල් ඔබ හරියටම හරි (ස)
කුමාර Wednesday, 10 October 2012 12:57 PM
පව් කාරයන්ගේ අවසානය වැඩි ඈතක නොවේ (ස)
සෙනෙරත් Wednesday, 10 October 2012 12:39 PM
මේ හැම දෙනාටම තේරෙනවා යුද්ධය විසඳුමක් නොවෙන බව , ඒත් ආයුධ එක් රැස් කරනවා (ස)
කමල් Wednesday, 10 October 2012 12:37 PM
ඇමරිකාවට එක පරමාණු බෝම්බයක් දැම්මනම් ලෝකයේ අන් රටවල් වලට සාමය ලඟාකරගන්න පුළුවන්.(ස)
ක්‍රිෂාන් Wednesday, 10 October 2012 12:11 PM
ඇමරිකාවට ගහන්න කලින් තමන්ගේ රටේ මිනිස්සුන්ට බඩ කට පිරෙන්න කන්න දෙන්න විදියක් කල්පනා කරන්න (ස)