X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ඇමෙරිකාවට පහරදෙන්න සූදානම්

උතුරු කොරියාව සිය ප‍්‍රහාරක අවි යුද්ධයකට සූදානම් අයුරින් ස්ථානගත කර ඇති බවත් ඒ්වා සූදානම් කර ඇත්තේ ඇමෙරිකාවට අයත් හවායි හා ගුවාම් යන දූපත්වලට ප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණින් බවත් උතුරු කොරියා හමුදාව පවසයි.
කොරියා මහජන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියා ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආසියා පැසිෆික් කලාපයේ  ඇමෙරිකා හමුදා කඳවුරු පිහිටි හවායි හා ගුවාම් යන දූපත්වලට පහරදීමට තම හමුදාව සූදානමින් සිටින බවයි.
ඉකුත් දෙසැම්බර් මාසයේදී රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට උතුරු කොරියාව සමත්විය. නමුත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් චෝදනා කරන්නේ එය රොකට්ටුවක් නොව දිගු දුර මිසයිලයක් බවයි.
මේ අතර, ඇතැම් න්‍යෂ්ටික විශේෂඥයන් පවසන්නේ උතුරු කොරියාව ඇමෙරිකාවට ප‍්‍රහාර එල්ල කළ හැකි අන්තර් මහාද්වීපික බැලස්ටික මිසයිලයක් නිපදවා ඇති බවයි.
උතුරු කොරියාව සතු මැදි දුර මිසයිලවලට ඇමෙරිකාවට අයත් හවායි හා ගුවාම් යන දූපත්වලට ළඟාවීමට නොහැකි නමුත් දකුණු කොරියාවට හා ජපානයට ළඟාවීමට හැකියාව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව මෙසේ අනතුරු ඇඟවූයේ දකුණු කොරියාව හා ඇමෙරිකාව අතර පෙරේදා යුද කටයුතු සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අස්සන් තැබීමෙන් පසුවයි. දකුණු කොරියාව යුද්ධයකට මැදි වූවහොත් අතිරේක බලසේනා ලබාදීමට ඇමෙරිකාව එම ගිවිසුමෙන් සිය එකඟතාව පළ කළේය.



අදහස් (0)

ඇමෙරිකාවට පහරදෙන්න සූදානම්

ජනිත් Thursday, 28 March 2013 03:13 PM

මේ අවුරුදු 28 මෝඩ කොලුව නිසා ලොක යුද්දයක් එයිද මන්දා?(නදී)

:       0       0

පද්මිණි Thursday, 28 March 2013 11:09 AM

ලෝක යුද්දයක් වන්න කලින් නවත්වන්න (දී)

:       0       0

ගීත් Thursday, 28 March 2013 11:23 AM

ඇමරිකාව හැම එකකටම හොට දානවා. පොඩි රටකින්ම තමයි හොදට කන්නේ දවසක. (නි)

:       0       0

චන්දිම Thursday, 28 March 2013 11:48 AM

මග හැලෙන්නෙ නැතුව හරියටම ටාගට් එකට ගහන්න පුලුවන් නම් හොඳයි ඉතිං (නි)

:       0       0

අජිත් Thursday, 28 March 2013 12:53 PM

දැම්ම මේ ප්‍රශ්නය විසදා ගන්න (දී)

:       0       0

රනිල් Thursday, 28 March 2013 01:27 PM

අපේ අය නම් කියනවා විතරයි. වැඩ නැහැ. (නි)

:       0       0

සමන් Thursday, 28 March 2013 01:33 PM

මට නම් මතක් වෙන්නේ අර හරකෙක් තරම් පිම්බෙන්න ගිය ගෙම්බගේ කතාව.(නදී)

:       0       0

සස්මික Thursday, 28 March 2013 01:59 PM

උතුරුට අපේ ප්‍රනාමය . දකුණට අපේ විරෝධය.(නදී)

:       0       0

විරාජ් Thursday, 28 March 2013 02:11 PM

ඇත්තටම යුද්ධයක් ඇති වුනොත් දකුනු කොරියාවේ වැඩ කරන අපේ කොල්ලන්ට මොකද වෙන්නේ.(නදී)

:       0       0

රුවන් Thursday, 28 March 2013 02:35 PM

උතුරු කොරියාව දුප්පත් රටක් වුනේ ඔය යුද්ධය නිසයි. ඇමරිකාවට ගහන්න අමාරු වුනත් උතුරු කොරියාව යුධමය ශක්තියෙන් ඉතා ඉහළයි. මේ අයවත් ඇමරිකාවට පාඩමක් ඉගැනුව්වොත් හොදයි.(නදී)

:       0       0

ලසිත් Thursday, 28 March 2013 11:08 AM

මොනවා වෙන්න යනවාද මන්දා (දී)

:       0       0

සම්පත් Thursday, 28 March 2013 04:04 PM

මේක අපිට බලපාන දෙයක්. කොරියා යන අපේ කොල්ලන්ට වෙන්නේ මොකක්ද? ඒක රටේ ආර්තිකයට බලපානවා. අනෙක මේ පොඩි කොල්ලන්ට තීරණ ගන්න දුන්නම ඔහොම තමයි. අදි තක්සේරුවක්. හදවතින් තීරණ නෙගෛන ඔළුවෙන් තීරණ ගන්න.(නදී)

:       0       0

ගාමිණී Thursday, 28 March 2013 04:47 PM

ඔබාමව ටිකක් බය කළොත් ඇති. නින්ද නොයන්න. උතුරු කොරියාවට සුභ පැතුම්.(නදී)

:       0       0

බංඩා Thursday, 28 March 2013 05:09 PM

කොල්ලගේ මොලේ හරිම පොඩියි. ඇමරිකාවට ගහලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. බය වෙන්න එපා උතුරු කොරියාවට ලංකාවක් උදව් කරනවනේ. කොටි පරාද කරපු අපිට ඇමරිකාව කජ්ජක්ද?(නදී)

:       0       0

කසුන් Thursday, 28 March 2013 06:58 PM

අපේ රටේ අභ්‍යන්තර වැඩ වලට ඇගිලි ගහන, යුධ අපරාද චෝදනා නගන ඔය ඇමරිකාවට පාඩමක් උගන්වනවා නම් අපිත් කොන්ද පන තියෙන උතුරු කොරියාවට ජය පතනවා.(නදී)

:       0       0

සහන් දිසානායක Thursday, 28 March 2013 07:05 PM

දෙවන ලෝක යුද්ධෙයෙදි ජපානේ අයත් ඔහොම තමයි හිතුවේ. අන්තිමට එයාලට සිද්ධ වුනේ කොන්දේසි නැතුවම ඇමරිකාවට යටත් වෙන්නයි.(නදී)

:       0       0

ෂෙල්ටන් Thursday, 28 March 2013 10:26 PM

කාටවත් ඇමරිකාව සමග සටන් කර දිනන්න බැහැ. (නි)

:       0       0

ජයවීර Friday, 29 March 2013 03:02 AM

කොරියාවට මගේ සුභ පැතුම්.(නදී)

:       0       0

ලංකා Friday, 29 March 2013 07:21 PM

ශ්‍රී ලංකාවයි, මැද පෙරදිගයි ඇමරිකන් විරෝධී අනෙක් රටවලුයි එකතුවෙලා ඇමරිකාවට ගහලා අභිමානවත් ආස්චර්යක් බිහි කරමු.(නදී)

:       0       0

සිල්වා Wednesday, 27 March 2013 10:15 PM

බොරුවට තර්ජන දදා ඉන්නෙ නැතුව ගහනවා නම් ගහන්නකෝ. (නි)

:       0       0

සුපුන් Wednesday, 27 March 2013 11:03 AM

ලෝකයේ අඩුම වැටුප් ලබන මිනිස්සු ඉන්න රටනේ මේ ලෝකයටම ගහන්න කතා කරන්නේ? (නි)

:       0       0

චූලා Wednesday, 27 March 2013 11:10 AM

මානසික උන්මාදයෙන් සහ බලකාමයෙන් ඔද්දල් වූ විට මෙවැනි භයානක තීරණ ගන්න මිනිස්සු පෙළඹෙනවා. (නි)

:       0       0

දේව් Wednesday, 27 March 2013 11:19 AM

ඉල්ලගෙන කන්න හදනවද මන්දා? (නි)

:       0       0

බොතේජු Wednesday, 27 March 2013 12:23 PM

කොරියාවට අපේ පුර්ණ සහයෝගය.(නදී)

:       0       0

නිල්මිණි Wednesday, 27 March 2013 02:10 PM

ඕක වැරදිලා අනිත් පැත්තට ආවොත් ලංකාව සුන් (ස)

:       0       0

රත්නායක Wednesday, 27 March 2013 04:52 PM

සාවදානව හිටියොත් හොදයි (දී)

:       0       0

දුමිදු Wednesday, 27 March 2013 06:23 PM

මට ඇහුනේ නැහැ නැවත කියන්න (දී)

:       0       0

නයනි Wednesday, 27 March 2013 06:41 PM

කෝනද පණ ඇති රටක්. (නි)

:       0       0

පාල Wednesday, 27 March 2013 11:02 AM

ලෝකයේ තිබෙන දුප්පත්ම රටවල් දහයෙන් එකක් තමයි මේක. (නි)

:       0       0

ශිරෝමි Wednesday, 27 March 2013 10:53 PM

මම උතුරු කොරියාව පැත්තේ (දී)

:       0       0

සුරංග Thursday, 28 March 2013 01:09 AM

ඇත්තටම නොගැහුවත් ගහන්න පුළුවන් කියලා හරි කියන්න එයාලට ශක්තියක් තිබෙන එකම ලොකු දෙයක්. (නි)

:       0       0

ඩයස් Thursday, 28 March 2013 03:19 AM

කොන්ද පණ තිබුණට මදි. මොළයත් තිබිය යුතුයි. (නි)

:       0       0

සමන් Thursday, 28 March 2013 03:56 AM

වෙන්න බැහැ (දී)

:       0       0

මුතුකුඩ Thursday, 28 March 2013 04:40 AM

අද පොඩි එකා ලොකු එකාව ගිලගන්න කාලය පැමිණ ඇති බව ඔබලා නොදන්නෙහිද? (නි)

:       0       0

විමල් Thursday, 28 March 2013 05:11 AM

එකම රටක නෑදෑයෝ දෙකට බෙදී කරන මෙවන් වැඩ වලින් අහිංසක උතුරු කොරියාව අසරණ වෙනවා. (නි)

:       0       0

අජිත් Thursday, 28 March 2013 08:03 AM

අපි වගේ පොඩි රටවල් තමයි ඉතින් තැලෙන්නේ (දී)

:       0       0

රොෂාන් සෞදි Thursday, 28 March 2013 10:20 AM

උතුරු කොරියාවට ජයවේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site