ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ සීක් දේවස්ථානයකට පෙරේදා (6) කඩා වැදුණු සුදු ජාතික තරුණයකු එල්ල කළ වෙඩි තැබීමකින් උදෑසන දේවමහෙයට සහභාගී වූ හය දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
ප‍්‍රහාරය එල්ල වූයේ විස්කොන්සින්හි මිලාවෝකී නගරයේ ඕක් ක‍්‍රීක්හි සීක් දේවස්ථානයටය. උදෑසන 10.30 ට දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී තුවක්කුකරු දේවස්ථානයට ඇතුළු වී ඇත්තේ පිටුපස දොරටුවෙනි.
සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමටත් පෙර තුවක්කුකරු රැස්ව සිටි පිරිසට වෙඩි තබන්න පටන් ගත්තේය.
වෙඩි ප‍්‍රහාරය එල්ල වෙද්දී ඒ බව හදිසි ඇමැතුම් ඔස්සේ ඕක් කී‍්‍රක් පොලිස් ස්ථානයට වාර්තා වූ අතර දේවස්ථානයට නුදුරින් සිටි පොලිස් නිලධාරීහු දෙදෙනෙක් පළමුවෙන්ම දේවස්ථානයට පැමිණියහ.
වෙඩි වැදී බිම වැටී සිටි තුවාලකරුවන්ට උදවු කිරීමට එම නිලධාරීන් දෙදෙනා උත්සහ ගත් අවස්ථාවේදී තුවක්කුකරු එක් පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඇත.
එම අවස්ථාවේදී අනෙක් පොලිස් නිලධාරියා වහා කි‍්‍රයාත්මක වී තුවක්කුකරුට වෙඩි තැබූ අතර තුවක්කුකරු එම ස්ථානයේදීම මියගියේය.
වෙඩි වැදුණු පොලිස් නිලධාරියා වසර 20 ක සේවා පළපුරුද්දක් ඇති අයකු බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවෝත් තුවාල ලැබුවෝත් ඇමෙරිකාවේ විස්කොන්සින්හි ජීවත් වන සීක්වරුය. වෙඩි ප‍්‍රහාරය ගැන මේ වනවිටත් පුළුල් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි. වෙඩික්කරු කවුරුදැයි හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසන නමුත් ඔහුගේ විස්තර මාධ්‍ය වෙත හෙළි කර නැත.
ඇමෙරිකාවේ ජීවත් වන සීක්වරුන් මුස්ලිම් ජාතිකයන් යැයි ඇතැම් ඇමෙරිකානුවන් අතර වැරදි වැටහීමක් ඇත.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකානුවන් තවමත් එරට ජීවත් වන මුස්ලිම් වැසියන් දෙස බලන්නේ වපර ඇසකිනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාවේ සීක් දෙවොලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට