X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ඇමෙරිකාව අන්තර්ජාතික නීති උල්ලංඝනය කරනවා

ඇමෙරිකා රජය නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන, තම රටේ ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බැලීමෙන් අන්තර් ජාතික නීති උල්ලංගනය කරන බවත් ඊට විරෝධය පළ කරමින් ඇමෙරිකාවට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් ඉරාන රජය නිවේදය කරයි. ඉරානය මේ බව පැවැසුවේ මීට දින කිහිපයකට පෙර ඉරාන ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වූ කුඩා ප‍්‍රමාණයේ ඇමෙරිකානු ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් අල්ලා ගැනීමටට සමත් වීමත් සමඟය. අල්ලා ගත් එම යානය බෝයිං සමාගමේ ‘ස්කෑන් ඊගල්’ නමැති කෙටි දුර නිරීක්ෂණ යානායක් බව ද ඉරානය පවසයි. ප‍්‍රමාණයෙන් කුඩා ‘ස්කෑන් ඊගල්’ ඩ්‍රෝන යානයට දුරස්ථ පාලනය යටතේ කිලෝ මීටර් 100 ක දුරක් යා හැකිය. ඉරාන රජය පවසන්නේ එම යානය ගල්ෆ් මුහුදේ රඳවා ඇති ඇමෙරිකානු යුද නැවක සිටි පැමිණෙන්න ඇතැයි කියාය.  යානය පැමිණෙන්න ඇත්තේ ඉරානයේ බෂීර් න්‍යෂ්ටික බලාගාරය ගැන ඔත්තු බැලීමට යැයි ඩ්‍රෝන යානය අල්ලා ගැනීමට සමත් වූ ඉරාන විප්ලවීය හමුදාව පවසයි. කෙසේ නමුත් තම හමුදාව සතු ඩ්‍රෝන යානයක් ඉරාන විප්ලවීය හමුදාව අතට පත් වූ බව ඇමෙරිකා රජය ප‍්‍රකාශ කර නැත. මේ සම්බන්ධයෙන් ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාව ඔවුන් සතුව ඇති ඩ්‍රෝන යානා යළි ගණන් බැලිය යුතු බවත් එවිට එක් යානයක් අතුරුදන් බව ඔවුන් දැනගනු ඇති බවත්ය. මුලදී ප‍්‍රතික්ෂේප කළ ද ඇමෙරිකාව තව දවස් දෙක තුනකින් ඔවුන්ගේ යානයක් අතුරුදන් වූයේ යැයි පවසනු ඇතැයි ද ඉරාන රජය වැඩි දුරටත් කියා සිටී. මීට වසරකට පෙර ඇමෙරිකාව සතු  ‘ආර්කිය 170’ සෙන්ටිනල් වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් තම පාලනයට ගැනීමට ද ඉරානය සමත් විය. එම යානය ආපසු දෙන්නැයි ඇමෙරිකාව ඉරානයෙන් ඉල්ලීමක් කළ ද ඉරාන රජය ඊට විරෝධය පළ කළේය.



අදහස් (0)

ඇමෙරිකාව අන්තර්ජාතික නීති උල්ලංඝනය කරනවා

සුසන්ත - ඉතාලිය Friday, 07 December 2012 02:41 PM

ඇමෙරිකාවට තමන්ගෙ වැඩක් පාඩුවෙ බලාගෙන හිටියනම් මොකද වෙන්නෙ..? අනුන්ගෙ දේවල් හොයන්න යන්නෙ නැතුව. කෙහොම වුණත් ඉරානය දැන් දැන් ශක්තිමක් වේගන එන එකට සුභ පතනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site