X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩනවා

ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පාකිස්තානයේ සිදු කරන මෙහෙයුම් මගීන් පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බවත්, එම ඩ්‍රෝන යානා එල්ල කරන ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම හරහා ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩන බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත බෙන් එමර්සන් චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සහ ත‍්‍රස්ත මර්දන විශේෂ පර්යේෂණ කමිටුවේ ප‍්‍රධානියා බෙන් එමර්සන්ය. පසුගියදා ඔහු ඇතුළු කණ්ඩායමක් ඇමෙරිකානු ඩ්‍රෝන යානා නිසා පාකිස්තානයේ සිදුවන සිවිල් වැසියන් ඝාතනය වීම් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීය.
ඇමෙරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවත්, ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදා සෙබළුන් සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් පාකිස්තාන රජයට නොදන්වා එරට ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී එල්ල කරන ප‍්‍රහාර පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමත් බවත් බෙන් එමර්සන් සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම එළිදැක්වූ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
පාකිස්තාන රජය කළ ඉල්ලීමකට අනුව එම පරීක්ෂණ කණ්ඩායම පාකිස්තානයේ සිවිල් වැසියන් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාරවලින් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරැඹුවේ ඉකුත් ජනවාරියේ සිටය. පරීක්ෂණ කටයුතු සිදුකළේ එමර්සන්ගේ නියෝජිත පිරිසකි.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශය අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා එම සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම් වැඩි කළේ 2009 වසරේ දී ජනපති ඔබාමා බලයට පත් වීමෙන් පසුවය. 
දෙවැනි ධුර කාලය සඳහා යළි තේරී පත් වුණු අවස්ථාවේදී ද ජනපති ඔබාමා කියා සිටියේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් කරන මෙහෙයුම් තව තවත් වැඩි කරන බවය.
බෙන් එමර්සන් සහ ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම එළිදැක්වූ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරවලින් මේ දක්වා සිවිල් වැසියන් 400 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පාකිස්තාන රජය තමන්ට දැනුම් දුන් බවය. කෙසේ නමුත් තමන් කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඩ්‍රෝන යානා ප‍්‍රහාර 25 කින් පමණක් සිවිල් වැසියන් 200 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවය. 
ඉකුත් සතියේ එමර්සන් පෞද්ගලිකව පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණ පාකිස්තාන අගමැති ඇතුළු මැති ඇමැතිවරුන්, ආරක්ෂක සහ බුද්ධි අංශ ප‍්‍රධානීන් හමුවී සාකච්ඡා කළේය. එම හමුව රහසක් ලෙස පැවැති අතර ඒ බව මාධ්‍යවලට හෙළි කළේ පෙරේදා (16) ය. 



අදහස් (0)

ඇමෙරිකාව අමු අමුවේ මානව හිමිකම් කඩනවා

ලාල් Monday, 18 March 2013 03:02 PM

මේවා ගැන කතා කරන්නවත් පෙන්නේවත් නැහැ (දී )

:       0       0

දිසානායක Monday, 18 March 2013 04:44 PM

ඇමරිකාවත් හරියට අර දේවාලයේ කපුවා වගෙයි. (නි)

:       0       0

වසන්ත Monday, 18 March 2013 07:07 PM

නැතුව. ඒ කට්ටියට පෙන්නේ ලංකාව හුවක් කියුවොත් තමයි ලොකුවට පෙන්නේ, ඉන්දියාවේ අපේ හමුදුරුන්ට ගහනවා, කට අරින්න කවුරුත් නැහැ (දී)

:       0       0

හේරත් Tuesday, 19 March 2013 01:35 AM

කපුවා දේවාලේ මලපහ කරනවෝ.(නදී)

:       0       0

බොතේජු Tuesday, 19 March 2013 12:24 PM

අර අපිට විරුද්ධව කෑගහන නෝනා මේවා ගැන දන්නෙ නැතුව ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site