X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


ඇමෙරිකා ගුවන් ප‍්‍රහාරවලින් වැසියෝ 16 ක් මරුට

ඇමෙරිකානු ගුවන් හමුදා එල්ල කළ ප‍්‍රහාරයකින් කාන්තාවන් හා ළමයින් ඇතුළු 16 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනපති හමීඞ්                        කර්සායි ඇමෙරිකාවට දෝෂාරෝපනය කර සිටියේ.

පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි කුනාර් ප‍්‍රාන්තයේ වටාපූර් දිස්ත‍්‍රික්කයට පසුගිය සෙනසුරාදා මෙම ප‍්‍රහාරය එල්ල විය.

නේටෝ සංවිධානයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ප‍්‍රහාරයෙන් මියගියේ සතුරු කණ්ඩායම් බවයි.

එහෙත් පළාත් ආණ්ඩුකාර මුල්ක් ජලාලාගේ ප‍්‍රකාශයකට අනුව ජනාධිපති කාර්යාල ප‍්‍රකාශ කළ නිවේදනයකින් කියැවුණේ ළමයින් හා කාන්තාවන් ඇතුළුව සිවිල් වැසියන් ගමන් කරමින් සිටි වාහනයකට මෙම ප‍්‍රහාරය එල්ල වූ බවයි.

ජනපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ මෙම ප‍්‍රහාරය ජාත්‍යන්තරය පිළිගත් සියලූම නීතීන් හා ප‍්‍රතිමාන උල්ලංඝණය කරන බවත් ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවත්ය.

කුනාර් පොලිසියද පැවසුවේ ප‍්‍රහාරයෙන් මියගියේ ට‍්‍රක් රථයක ගමන් කරමින් සිටි ළමුන් හා කාන්තාවන් පිරිසක් බවයි.

නේටෝව යටතේ පවතින ඉන්ටනැෂනල් සෙකියුරිටි ඇසිස්ටන්ස් ෆෝස් (අයි.එස්.ඒ.එෆ්) ආයතනය පැවසුවේ මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බවයි.

එසේම අයි.එස්.ඒ.එෆ්. සංවිධානය ප‍්‍රකාශයක් කරමින් සනාථ කර සිටියේ මීට පෙර එල්ල කළ ප‍්‍රහාරයකින් සතුරු කණ්ඩායමක 10 දෙනෙක් මියගිය බවයි.
එක්සත් ජනපදය හා මිත‍්‍ර කණ්ඩායම් ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආරම්භ කරමින් 2011 දී ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කරන ලදී.

ඇමෙරිකානු හමුදා එල්ල කරන ප‍්‍රහාර වලින් සිවිල් වැසියන් මියයාම වොෂින්ටනයත් කාබුල් නුවරත් අතර පසුගිය අවුරුදු කිහිපය පුරාවටම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකිරීමට ඉවහල් වූ අතර ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු විරෝධී පිරිසද ක‍්‍රමයෙන් වැඩිවන්නට හේතු විය. එමෙන්ම ඔවුහු දිගින් දිගටම ප‍්‍රහාර හෙලා දකිති.
 



අදහස් (0)

ඇමෙරිකා ගුවන් ප‍්‍රහාරවලින් වැසියෝ 16 ක් මරුට

ඇසළ Tuesday, 10 September 2013 02:38 PM

පිල්ලේ ලංකාවට ඇවිල්ල හෙවුවේ කොටි කොඩිය නතුව බෞද්ධ කොඩියක් දල තියන එකයි, ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ පිළිරුව ලග ප්‍රභාකරන්ගේ පිළිරුව හදල නැත්තේ මොකද කියන එක විතරයි. ලැජ්ජයි මේ වගේ ගැහැණුන්න්ව මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා හැටියට තියාගෙන ඉන්නවට. (දී)

:       0       0

සේරම් Tuesday, 10 September 2013 10:59 PM

ලංකාදීපයට ගරු කරමි ,අපිට එසැණ පුවත් දෙන නිසා (නි)

:       0       0

දිලංකා Tuesday, 10 September 2013 10:38 PM

අමෙරිකාවට ජය.(නදී)

:       0       0

චමත් Tuesday, 10 September 2013 10:08 PM

අයියෝ 16 නෙ මැරිලා තියෙන්නේ?(නදී)

:       0       0

සකලසිරි Tuesday, 10 September 2013 09:55 PM

ලොකු පොලිස්කාරය....-"පිල්ලේ නෝනා"- (අ)

:       0       0

කුමාර Tuesday, 10 September 2013 08:19 PM

ඔය ළමයි දුක් වෙන්න එපා.දිට්ඨ දම්ම වේදනිය කර්මය කියල එකක් තියෙනවානේ.(අ)

:       0       0

සේරම් Tuesday, 10 September 2013 06:13 PM

පිල්ලේට උඩගෙඩි දෙන්නේ ඔය විප්ලවවාදීන් කියා හඳුන්වා ගන්න කොටසක්. මින් කෙනෙක්වත් මේ ඇමෙරිකාවේ හෝ බටහිර රටවල කරන අහිංසක මිනිසුන් මැරීමත් මානුෂික අයිතීන් කැඩිමත් ගැන කතා කරන්නේ නැහැ (නි)

:       0       0

විජේ Tuesday, 10 September 2013 05:15 PM

පිල්ලේ නෝනේ, මේ ගැන මොකද කියන්නේ. (නි)

:       0       0

අමිල Tuesday, 10 September 2013 04:36 PM

බුදු පිළිම විනාශ කලාට අල්ලාහ් කෝප වෙලාවත්ද? (ස)

:       0       0

උපාලි Tuesday, 10 September 2013 03:22 PM

ෆස්රුල් ගෆුර්, එකනම් ඇත්ත. කර්සාසි ඉල්ලගෙන කනවාට අපි මොනවා කරන්නද? ඇමෙරිකන් කාරයෝ ලංකර ගත්තනම්, ඒ කිව්වේ "කුම්බලා මාළු කෑව නම්, දුක විඳපන් බලලෝ"! (දී)

:       0       0

ලහිරු Tuesday, 10 September 2013 03:08 PM

ඵස්රුල්ලා වරකා ගහක්වත් දකින්නේ මෙහෙ ඉන්න නිසා තමා. (දී)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 10 September 2013 10:10 AM

ලෝක පොලිස්කාරයා දැන් මොකද කියන්නෙ.සිරියාවට බොරුවට පහරදීලා ආසියාතික රටවල් අතර අර්බුද ඇති කරන්නයි මෙයාලා හදන්නෙ. (ස)

:       0       0

වීර Tuesday, 10 September 2013 02:25 PM

මෙයට ඇමෙරිකාවට කිසිවක් නොකියන්න. ඇමෙරිකාව කල වරදක් නැත.

:       0       0

සඳුන් Tuesday, 10 September 2013 01:47 PM

පිල්ලේ ඇන්ටි , මානව හිමිකම් කඩවීම් ගැන වාර්තා ලියනවනම් ඔන්න ඇෆ්ගන් යන්න. පිටු ගනන් ලියන්න පුළුවන් (දී)

:       0       0

සඳුන් Tuesday, 10 September 2013 01:47 PM

පිල්ලේ ඇන්ටි , මානව හිමිකම් කඩවීම් ගැන වාර්තා ලියනවා නම් ඔන්න ඇෆ්ගන් යන්න. පිටු ගණන් ලියන්න පුළුවන්. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 10 September 2013 12:53 PM

එදා මුන් හොඳයි කියලා නේ කරේ අත දාගත්තේ මෝඩයා? දැන් මොකද කෑ ගහන්නේ? කන්න හොඳට කාලා ඊට පස්සේ කල්පනා කරලා බලන්න "අලි වගේද කොටි කියලා? වරකා කෑවා නම් කොහොල්ලෑ වදිනවා තමා. (ස)

:       0       0

සේරම් පැරිස් Tuesday, 10 September 2013 12:51 PM

කෝ දැන් නවි පිල්ලේ නොනයි, මානව හිමිකම් කාරයෝ ටිකයි. කාටවත් මේවා පෙන්නේ නැද්ද ? ඇසෙන්නේ නැද්ද ? ලංකාවේ මොර දෙන මානව හිමිකම් කාරයොත් සද්ද නැහැ මේවට .අනේ අනිච්චං.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 10 September 2013 12:41 PM

ඇමරිකාවට ඕක සුළු සිද්දියක්. මෙහෙ මොකක් හරි උනොත් තමයි වැඩේ !! අනිත් එක පිල්ලේ නෝනට ඕක ආරංචි වෙන්නෙත් නෑ. (දී)

:       0       0

නන්දා Tuesday, 10 September 2013 10:58 AM

පිල්ලේ නෝනට වැඩ වරදිනවා.(නදී)

:       0       0

කුමාරි Tuesday, 10 September 2013 10:56 AM

ඔන්න පිල්ලේ නෝනා කල් අරින්නේ නැතුව දැන්ම වැඩ පටන්ගන්න.(නදී)

:       0       0

අජිත් චන්දන Tuesday, 10 September 2013 10:47 AM

පිල්ලෙයාන්ට මේවා පෙන්නේ නැතිව ඇති . පෙනුනත් ඕව බලන්න ගිහින් ජොබ් එක නැතිව ගෙදර යන්න වෙයි. ලංකාවට තමයි මෙයා පොර ටෝක් දාන්නේ. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 10 September 2013 10:26 AM

අනේ පිල්ලේ අක්කේ, ඒ පැත්තටත් පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site