ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදාව විසින් කුලියට ගත් ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ දී බලෙන් ගොඩබස්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස ගොඩබස්වා ඇත්තේ බොයිං 737 වර්ගයේ යානයකි.
ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් ගුවන් කඳවුරේ සිට ඩුබායි වෙත පියාසර කරමින් තිබිය දී යානය මේ ඇබැද්දියට මුහුණ පා ඇත. මේ යානයේ ගුවන් පථය වැටී තිබුණේ ඉරාන ගුවන් සීමාව මතිනි. යානය ගමන් කරමින් සිටිය දී ඉරාන බලධාරීන් මේ යානයට ඉරාන ගුවන් සීමාවට ඉහළින් ගමන් කිරීමට නිසි අවසර පත්‍රයක් නැතැයි පවසමින් ආපසු හරවන ලෙස නියෝග කැර තිබේ. රේඩියෝ සංඥා මගින් යානයේ කාර්ය මණ්ඩලයට මේ බව පවසන විට ගුවන් නියමුවා කියා ඇත්තේ යළි අපසු හරවා බග්‍රම් වෙත යාමට ඉන්ධන ප්‍රමාණවත් නැති බවයි.
එසේ නම් යානය ඉරානයට ගොඩබස්වන ලෙස නියෝග කැර ඇත. යානය ගොඩබස්වන්නේ නැතිනම් ඉරාන ප්‍රහාරක යානා යොදාගෙන බලෙන් ගොඩබස්වන බව ද යානයට දැනුම් දී තිබේ. මේ අනුව යානය ඉරානයේ බන්ඩර් අබ්බාස් ගුවන් තොටුපොළට ගොඩබස්සවන ලදී.
යානය ගොබස්වන අවස්ථාවේ එහි මගීන් 140ක් සිටි අතර ඉන් 100ක් ඇමෙරිකානුවෝය. ඉරානය පවසන්නේ පෙන්ටගනය විසින් යානයට ලබාගෙන ඇති අවසර පත්‍රය නිවැරදි නොවන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා යානය ඉරානයේ දී බලෙන් බස්සවයි
සුගුණවතී Saturday, 06 September 2014 07:34 PM
ඉරානය මොනවා කරගන්නද මන්දා දඟලන්නේ? (නි)
පිටබැද්දර ජයා Saturday, 06 September 2014 11:54 PM
ඉරානයත් ඉල්ලන් කනවා වගෙයි (නදී)
ඉසුරන්දි Sunday, 07 September 2014 07:48 AM
කවුරු උනත් දේස සිමා උල්ලංගනය කරනවානම් වැරදියි.(දී)
ලක්ෂණ Monday, 08 September 2014 03:10 AM
ඉරානය ඉල්ලගෙන කන්න හදන්නේ මේ වගේ රටවල් වලින් තමයි. (නි)
ලකී දොඩන්ගොඩ Monday, 08 September 2014 12:01 PM
ලක්ෂණ ඔබගේ මොලය පරික්ෂා කරවා ගන්න. ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක් අනුන්ගේ දේශ සීමාවට බලෙන් හෝ හොරෙන් ඇතුල් වීම , එනිසා එම යානය ඉරාන ඉල්ලුමට හිස නැමුවා. මේක යුද්ධයක් නෙමේ (නදී)
ශිෆාන් Tuesday, 09 September 2014 11:51 AM
හා හා රණ්ඩු වෙන්න. අපි බලා ඉන්නවා මොකද වෙන්නේ කියලා (නි)
තිලාන් Tuesday, 07 October 2014 07:56 AM
තවත් ඉල්ලන් කෑමක් වගේ (නදී)