ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනපති මන්දිරය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) තලේබාන් සටන්කාමීන් රොකට් ප්‍රහාර තුනක් එල්ල කළ අතර, එම ප්‍රහාරවලින් සිවිල් වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිව් දෙනෙක් තුවාල ලැබූහ. ජනපති මන්දිරය ඉලක්ක කර ගනිමින් එල්ල කළත්, එම රොකට් ප්‍රහාරවලින් මන්දිරයට කිසිදු හානියක් සිදු නොවිණි. රොකට් ප්‍රහාර එල්ල වී ඇත්තේ ජනපති මන්දිරය අසල පිහිටි ගොඩනැගිලි වලටය. ප්‍රහාරය එල්ල වෙද්දී ජනපති හමීඞ් කර්සායි මන්දිරයේ නොසිටි බව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කර 11 වැනි වසර ඊයේ (13) ට යෙදී තිබුණි. ත්රස්තවාදයට එරෙහි සටන අරඹමින් එවකට ඇමෙරිකාවේ ජනපතිධුරය හෙබවූ ජෝර්ජ් බුෂ්ගේ අණ පරිදි ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරද්දී එරට පැවැතියේ තලේබාන් පාලනයකි. ඇෆ්ගන් ජනපති මන්දිරය පිහිටා ඇත්තේ කාබුල් අගනුවර අධි ආරක්ෂක කලාපයකය. ඇෆ්ගන් ආරක්ෂක අමත්‍යාංශය ඇතුළු රජයේ අමත්‍යාංශ රැුසක් සහ බුද්ධි අංශ මූලස්ථානය ද පිහිටා ඇත්තේ එම ආරක්ෂක කලාපයේය. තලේබාන් මෙන්ම අල් කයිඩා සටන්කාමීන් ද අවස්ථා ගණනාවකදී එම ආරක්ෂක කලාපයට ඇතුළු වී, ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කළ ද ආරක්ෂක අංශ මැදිහත් වී ඒවා වැළැක්වීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගන් ජනපති මැදුරට රොකට් ප්‍රහාර
මධූ Wednesday, 14 November 2012 01:22 PM
ඊලඟ වතාවෙත් උත්සාහ කරන්න (ස)
ජයලාල් Wednesday, 14 November 2012 06:18 PM
මූලධර්මවාදී, අන්තවාදීන් විනාශ කිරීමට සියල්ලන් තම සහයෝගය දියයුතුයි. (නි)
ෂෙරීෆ් Wednesday, 14 November 2012 09:32 PM
රොකට් ප්‍රහාරයක් කියනකොට මට මතක් වුණේ භාමියන් බුදු පිලිම ටික ගැන (ස)
ජීව Thursday, 15 November 2012 01:49 AM
රුසියාවට සමකරන්න නම්, තව අවුරුදු හතක්වත් යුද්ධය කරන්න වෙනවා. (නි)
දයා-සවුදි Thursday, 15 November 2012 02:21 PM
දිට්ට ධම්ම වේදනීය කර්මය පසුපස එනවාවද්ද? (නි)
වෙනුර Thursday, 15 November 2012 02:56 PM
බාමියන් බුදු පිළිම වලට කළ අපරාධයට වන්දි ගෙවන්න පටන් ගත්තාවද්ද? (නි)
පල්ලේ ජනිත් Thursday, 15 November 2012 03:34 PM
කල කම් පලදේ........ බුදුපිළිම විනාශ කල පවු වලට තාමත් පල දීලා ඉවර නැහැ. සාධු සාධු (නු)
ආශ් Thursday, 15 November 2012 04:36 PM
හරියට මියන්මාරයට භූමිකම්පාව ආවා වගේ තියෙන්න ඇති. (නි)