ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විරෝධය මැද ඉරානය පෙරේදා (7) ඇෆ්ගන් දේශසීමාවට යාබද ප‍්‍රදේශයක හමුදා අභ්‍යාසයක් ආරම්භ කළේය. ඉරාන විප්ලවීය හමුදා ආඥාපති මොහොමඞ් පක්පූර් එරට ‘ෆාස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ඉරාන/ඇෆ්ගන් දේශසීමාවේ කවාට් පළාතේදී හමුදා අභ්‍යාසය පැවැත්වූ බවය. කවාට් පළාත පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සිට කිලෝමීටර් 60 ක් දුරින් යැයි ‘ෆාස්’ පුවත් සේවය වාර්තා කරයි. හමුදා ආඥාපති මොහොමඞ් පක්පූර් වැඩිදුරටත් කියා සිටියේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් තමන්ට ඊට මුහුණ දීමට ශක්තියක් ඇති බව පෙන්වීම එම හමුදා අභ්‍යාසයේ අරමුණ බවය. හමුදා අභ්‍යාසයේදී නව අවි ආයුධ කිහිපයක් අත්හදා බැලූ බව ද හමුදා ආඥාපතිවරයා පවසයි. ඉරානය මීට දින කිහිපයකට පෙර ඉරානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයක් පැවැත්වීය. දස දින නාවික අභ්‍යාසයක් වූ එයට ඇමෙරිකාවේ සහ ඇමෙරිකාවේ ගැත්තකු වන ඊශ‍්‍රායලයේ දැඩි විරෝධයක් එල්ල විය. ඉරානයේ ‘හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන’ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල දැඩි විරෝධයකට ලක් ව ඇති අතර ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවය. එම චෝදනා සැලකිල්ලට ගෙන මේ වනවිට ඉරානයට දැඩි සම්බාධක පැනවීමක් ද සිදු කර ඇත. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යම් හෙයකින් ඉරානයට පහර දුන්නොත් එවැනි ප‍්‍රහාරයකට තමන්ට මුහුණ දීමට ශක්තියක් ඇතැයි පෙන්වීම ඉරානයේ මෙම හමුදා සහ නාවික අභ්‍යාසවල අරමුණ වෙයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසය පවත්වමින් ඉරානය ලෝකයාට කියා සිටියේ යම් හෙයකින් ඇමෙරිකාව පහර දුන්නොත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන්න තමන්ට ශක්තියක් ඇති බවය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතුවලින් සියයට 30 කට වැඩි ප‍්‍රමාණයක් සිදුවන්නේ එම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයට විරෝධය පළ කරමින් ඉරානයට එරෙහිව තව තවත් සම්බාධක පැනවීමටත්, ඉරානයේ තෙල් ගනුදෙනුවලට බාධක පමුණුවන්නත් ඇමෙරිකාව ඉකුත් සතියේ කටයුතු කළේය. මේ වනවිට ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක රැසක් පනවා ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තෙල් සැපැයුම්වලට බාධා කිරීමට ඉරානයට හැකියාව ඇති නමුත් පැය කීපයක් ඇතුළතදී වසා දැමෙන එම සමුද්‍ර සන්ධිය යළි විවෘත කරන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි. ජනපති ඔබාමා මේ බව කියා සිටියේ ඉකුත් 5 වැනිදා ඇමෙරිකා හමුදාවේ ඉදිරි වැඩපිළිවෙළ ගැන එරට හමුදා ප‍්‍රධානීන් සමඟ පෙන්ටගනයේදී (ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුවේදී) සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගන් දේශසීමාව අසල ඉරානය යුද අභ්‍යාසයක්