උතුරු දිග ඉතාලියට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයකින් පුද්ගලයන් හයදෙනකු ජීවිතක්ෂයට පත්ව 50 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට ආපදා කළමනාකරන අංශ සඳහන් කරයි. වසර තුනකට පසුව ඉතාලියට බලපෑ ප්රබලතම භූ කම්පනය ලෙස සැලකෙන මෙම භූකම්පනයෙහි අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ බොලොග්නා නගරයට සැතපුම් 22ක් වයඹදිගින් පිහිටි ස්ථානයක බව විද්‍යාඥයෝ පවසති. භූ කම්පනය හටගත් අවස්ථාවේදී ශාන්ත අගුස්ටීනෝ ප්‍රදේශයේ පිහිටි පිඟන් භාණ්ඩ කම්හලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ. මීට අමතරව ෆෙරාරා ප්‍රදේශයේ දේවස්ථානවල පිහිටි ඝණ්ටාර කුලූණු සහ මධ්‍යතන යුගයට අයත් ඉපැරැණි ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. 2009 වසරේ ඉතාලියට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 6.3ක් සටහන් කළ භූකම්පනයෙන් පුද්ගලයන් 300ක් ජීවිතක්ෂයට පත් වූහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉතාලියේ ප්‍රබල භූකම්පනයක්