ඉතාලි මහමැතිවරණය අවසන් වී දෙමසකට පසුව අර්බුද මධ්‍යයේ පිහිටුවා ගත් නව සන්ධාන රජයේ මැතිඇමැතිවරු ඊයේ(28) දිවුරුම් දුන්නේය.
නව රජයේ මැතිඇමැතිවරු දිවුරුම්දීමේ උත්සවය පැවැතියේ රෝමයේ පිහිටි ඉතාලි ජනපති මැදුරේදීය. එහිදී අගමැතිවරයා ඇතුළු ඇමැතිවරු 21 දෙනෙක් සිය ධූරයන්හි වැඩ බාර ගත්හ.
![]() |
ජනපති ජෝර්ජියෝ නැපොලිටානෝ (වමේ) හා නව අගමැති එන්රිකෝ ලෙටා(දකුණේ) |
ජනපති ජෝර්ජියෝ නැපොලිටානෝගේ ප‍්‍රදානx ත්වයෙන් පැවැති එම උත්සවයේදී හතළිස් හය හැවිරිදි එන්රිකෝ ලෙටා අගමැති ධූරයේ වැඩ බාර ගත්තේය. ඒ අනුව ඔහු යුරෝපා සංගමයේ රටක අගමැති ධූරය හොබවන වයසින් අඩු තැනැත්තා බවට පත්විය.
මෙහිදී යුරෝපා කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වූ හැටපස් හැවිරිදි එමා බොනිනෝ හට විදේශ කටයුතු ඇමැති ධූරය හිමිවිය. ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති ධූරය හිමි වූයේ ඉතාලි මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරයා වූ ෆැබ්රිසියෝ සකොමානිටය.
නැවත මැතිවරණයකදී අර්බුද මතු නොවන අයුරින් සංකීර්ණ ඉතාලි මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම තම ප‍්‍රධාන අරමුණ බව නව අගමැති එන්රිකෝ ලෙටා සඳහන් කළේය.
ඉකුත් පෙබරවාරි මස පැවැති ඉතාලි මහමැතිවරණයෙන් ජය ගැනීමට මධ්‍ය වාමාංශික පක්ෂයට හැකි වූවද බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි වීමෙන් රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.
මේ උත්සවය පැවැත්වෙන අතරතුර ජනපති මැදුරට නුදුරු ස්ථානයක වෙඩිතැබීමක් සිදු වූ බවත් ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉතාලි නව රජය දිවුරුම් දෙයි