X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඉතාලි විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති

සුබ සාධන සේවා සහ රැකියා කප්පාදු කිරීමට ඉතාලි අගමැති එන්රිකෝ ලෙටාගේ රජය ගත් තීරණයට විරෝධය පළ කරමින්, ඊයේ (20) රෝම අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වුණු අතර පොලිසිය ඊට හරස් වූ අවස්ථාවේදී, විරෝධතා කරුවෝ පොලිසිය සමඟ දරුණු ගැටුම් ඇති කර ගත්හ.

විරෝධතාව පැවැත් වූයේ, ඉතාලි මුදල් අමත්‍යාංශය ඉදිරිපිටය. විරෝධතා රැලියට දහසකට ආසන්න පිරිසක් එක් වී සිටියහ. ඔවුහු රජයට බල කරන්න වූයේ, සුබසාධන සේවා සහ රැකියා කප්පාදු කිරීම් වහා නවත්වන ලෙසටය.

වෙස් මුහුණු පැළැඳි විරෝධතා කරුවන් පිරිසක්, අමත්‍යාංශ ගොඩනැගිල්ලට පහර දීමටත් මෝටර් රථවලට පහර දී ගිනි තැබීමටත් පටන් ගත් අවස්ථාවේදී පොලිසිය කි‍්‍රයාක්මක විය.

පොලිස් නිලධාරීහු විරෝධතා කරුවන්ට කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාර එල්ල කළහ. විරෝධතාකරුවෝ ගල්වලින් සහ කුණු බිත්තරවලින් පොලිස් නිලධාරීන්ට පහර දෙන්න වූහ.

පොලිසිය කියා සිටියේ විරෝධතාකරුවන් 50 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවය.

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ඉතාලි අගමැති එන්රිකෝ ලෙටාගේ රජය, පසුගිය දා තවත් අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ, ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී එරට සන්ධාන රජයෙන්, ඔහුගේ පක්ෂයේ ඇමැතිවරුන් ඉවත් කර ගැනීමට සූදානම් වීම නිසාය.

එම අර්බුදය සම්බන්ධයෙන්, අගමැති එන්රිකෝ ලෙටා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීම සඳහා පැවැත්වුණු ඡන්ද විමසුමෙන් අගමැති ලෙටා ජයග‍්‍රහණය කළේය. ඒ අනුව, හටගත්  අර්බුදය තාවකාලිකව සන්සුන් වූයේ යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

මේ වනවිට, දුෂණ වංචා චෝදනා එල්ල වී සිටින හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කොනීගේ ප‍්‍රජා අයිතිය වසර දෙදකට තහනම් කිරීමට ද රෝම අගනුවර අභියාචනා අධිකරණයක් තීන්දු කර ඇත.

 

විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙමින්

 



අදහස් (0)

ඉතාලි විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති

චමත් ඉතාලිය Monday, 21 October 2013 09:34 AM

දැන් ඉතින් කියන්න 90%ක්ම ඉතාලියේ ඉන්න නුගත් ලාංකිකයෝ තමයි මේවත් කරලා තියෙන්නේ කියලා. (ස)

:       0       0

අන්ටෝන්(ඉතාලිය) Monday, 21 October 2013 09:56 AM

අනිත් රටවල් වල ඉන්නේ ඔලුව පැලෙන්න ඉගෙන ගත්තු බුද්ධිමත්තු. එහෙත් ඒ බුද්ධිමත්තු දන්නේ නැහැ පොත් පත් වල දැනීම පමණක් ප්‍රයෝගික නැහැ කියලා .....පොත් ගුල්ලෝ (ස)

:       0       0

රොෂාන් Monday, 21 October 2013 12:46 PM

මේ අවස්ථාවේදී ඉතාලි රජය වහාම ලංකා රජයේ සහය පැතිය යුතුයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 21 October 2013 08:44 PM

කාටවත් බැරිද ලංකාවෙන් උදව් ඉල්ලලා දෙන්න මෙය මැඩ පවත්වන්න. (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 21 October 2013 10:37 PM

ලංකාවේ උනානම් ඉතින් ඩෝන් තමයි. (නදී)

:       0       0

එදිරිසිංහ Tuesday, 22 October 2013 02:16 AM

බර්ලුස්කෝනිට ඉතාලිය ගොඩ ගන්න පුළුවන්. බර්ලුස්කෝනිට ජයවේවා! (නි)

:       0       0

ද සිල්වා Tuesday, 22 October 2013 05:25 AM

ලංකාවේ මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වගේ පිස්සු නටන්න ගියා නම් අපේ අය අඩුම තරමේ අවම බලය යොදවා හෝ මල්ටි බැරල් ප්‍රහාරයක්වත් එලල් කරාවී (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site