2008 වසරේ ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රහාරයට සම්බන්ධ පාකිස්තාන ජාතික 25 හැවිරිදි මොහොමඞ් අජ්හමාල් අමීර් කසාබ්ගේ මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට එරෙහිව ඉන්දියාවෙන් පළි ගන්නා බව පාකිස්තාන තලේබාන් සටන්කාමීහු අනතුරු අඟවති.
අමීර් කසාබ් එල්ලා මරා දැමුණේ ඉකුත් 21 වැනිදා උදෑසන ඉන්දියාවේ පූනේ නුවර බන්ධනාගාරයකදීය. ඉන්දීය රජය මරණ දඬුවම කි‍්‍රයාත්මක කළේ පාකිස්තාන රජයට ද දැනුම් දීමෙන් පසුවය.
පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත්තේ කසාබ්ගේ මළ සිරුර පාකිස්තානයේ වෙසෙන ඔහුගේ ඥාතීන්ට වහා බාර දෙන ලෙසටය.
කසාබ් වීරයකු බවත් ඔහුට එරෙහිව මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම ගැන ඉන්දීය රජයට පසු තැවීමට සිදුවනු ඇති බවත් තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කසාබ්ට මරණ දඬුවම නියම කළේ ඉකුත් අගෝස්තු මාසයේ දීය. මරණ දඬුවමින් තමා නිදහස් කරන්නැයි කසාබ් ඉන්දීය ජනපති ප්රණාබ් මුණර්ජීගෙන් ඉල්ලීමක් කර තිබුණ ද අසාර්ථක විය.
2008 වසරේ නොවැම්බර් 26 වැනිදා, මුම්බායි නුවරට කඩා වැදී පහර දුන්නෝ පාකිස්තානයේ ලෂ්කාර් ඊ තයිබා සටන්කාමී සංවිධානයේ සාමාජිකයෝය. පාකිස්තාන ජාතිකයකු වන අමීර් කසාබ් ද ඔවුන්ගෙන් කෙනෙකි. ඔහුගේ වයස අවුරුදු 25 කි.
ලෂ්කාර් ඊ තයිබා සටන්කාමීහු පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ද සමඟ සමීප සබඳතා පවත්වති.
සටන්කාමීන් දින දෙකක් තිස්සේ බෝම්බ පුපුරුවමින්, වෙඩි තබමින් සිදු කළ ප්‍රහාරවලින් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරය සඳහා කසාබ් ඇතුළු තවත් සටන්කාමීන් 9 දෙනකු පැමිණිය ද ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන්ට ජීවග්රහයෙන් අල්ලා ගැනීමට හැකිවූයේ කසාබ් පමණි.
මේ අතර පාකිස්තාන රජයේ ඉල්ලීම මත ඉන්දියාවේ පාකිස්තාන තානාපති කාර්යාලයට සහ එහි නිලධාරීන්ට විශේෂ ආරක්ෂාවක් සැපැයීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවෙන් පළිගන්නවැයි තලේබාන් සටන්කාමීහු අනතුරු අඟවති
රුවනි Friday, 23 November 2012 10:18 AM
ලංකාවෙනම් මෙලහකටත් පාර්ලිමේන්තු යන්න තිබුණා (ස)
චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:33 PM
ත්‍රස්තවාදය අනුමත කල නොහැක (ස)
ලංකා Friday, 23 November 2012 04:05 PM
එන පොට හොද නැහැ
මධූ Friday, 23 November 2012 08:14 PM
ඔක්කොටම මූදු යන්න ඕනි වෙලා වගේ (ස)
පෙරේරා Saturday, 24 November 2012 09:55 AM
ලේසි වෙන්නේ නැහැ
සමන් ලංකාතිලක Saturday, 24 November 2012 10:23 AM
මේ රුපයෙන් දැක්වෙන්නේ නම් පකිස්ථාන නෙමෙයි ඉන්දීය පන්ජාබ් ප්‍රාන්තයේ ශික් ජාතිකයින් පුවත්පත් බලන අන්දමක් (ස)
ඇලෙක්ස් Saturday, 24 November 2012 12:38 PM
අම්රිත්සාර් වලට පාකිස්තාන් පත්තර එනවද? මම හිතන්නේ මේ පින්තුරේ එන්න ඕනේ කාසාබ් ගේ මරණ දඬුවම ඉන්දියානු පුවත්පත් වල පලවූ අයුරු කියලයි. (ස)
ලලිත් Saturday, 24 November 2012 02:27 PM
යුද්ධ කරන්න එපා
ශාන් Sunday, 25 November 2012 12:38 PM
ආශ්චර්යමත් රටක්. (නි)
සංජු Sunday, 25 November 2012 02:23 PM
අපිව ගාව ගන්න එපා
අජිත් Sunday, 25 November 2012 07:49 PM
ලංකාවට මොකුත් කරන්න නම් එපා
සම්පත් Monday, 26 November 2012 10:10 AM
ඉන්දියාවට ගහද්දි ලංකාවටත් වදීද දන්නේ නැහැ (දී)