X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


ඉන්දීය ධීවර බෝට්ටුවකට ඇමෙරිකා නාවික හමුදාවෙන් වෙඩි ප‍්‍රහාරයක්

සතුරු යාත‍්‍රාවකැයි වරදවා වටහා ගෙන ඇමෙරිකානු නාවික හමුදාව ඉන්දීය ධීවර බෝට්ටුවකට පෙරේදා (16) එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ඉන්දීය ධීවරයකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙක් තුවාල ලැබූහ. ඉන්දීය බෝට්ටුවට එම වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබල් අලී වරායට ඔබ්බෙන් මුහුදේදීය. ප‍්‍රහාරයට ලක් වෙද්දී ඉන්දීය ධීවර යාත‍්‍රාව ඇමෙරිකා නාවික හමුදාවට අයත් යූ.එස්.එස් රබානොක් නමැති ඉන්ධන පිරවුම් නෞකාවට කිට්ටු වී ඇත. ධීවර බෝට්ටුව නැවට කිට්ටු වෙද්දී ඇමෙරිකා නාවික හමුදා නිලධාරීන් ඊට අනතුරු ඇඟවීම් කර ඇති නමුත් ධීවර බෝට්ටුව ගමන් මඟ වෙනස් නොකර නැව දෙසට පැමිණ ඇත. එම අවස්ථාවේදී සතුරන් නැවට පහර දීමට පැමිණැයි අනුමාන කරමින් මැෂින් තුවක්කුවලින් වෙඩි තැබූ බවත් පසුව පරීක්ෂා කර බලද්දී පහර දී ඇත්තේ ධීවර බෝට්ටුවකට බවත් එහි සිටියේ ඉන්දීය ජාතිකයන් යැයි දැනගත් බවත් ඇමෙරිකා නාවික හමුදාව පවසයි. යූ.එස්.එස් රබානොක් වැනි ඉන්ධන ප‍්‍රවාහන නැව්වලට පමණක් නොව යුද නැව්වලට පවා කුඩා බෝට්ටුවලින් පැමිණ මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාවේ සතුරෝ පසුබට නොවෙති. මීට පෙර 2000 වසරේ දී ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් කුඩා බෝට්ටුවකින් පැමිණ යූඑස්එස් කෝල් නමැති යුද නැවට එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් ඇමෙරිකා නාවික හමුදා සෙබළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉරාන නාවික හමුදාව ද අනතුරු අඟවා ඇත්තේ මධ්‍යධරණී මුහුදට පැමිණෙන ඇමෙරිකානු නැව්වලට කුඩා බෝට්ටු භාවිත කරමින් පහර දෙන බවය. ඉන්දීය ධීවර යාත‍්‍රාවට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණ පවත්වන බව ඇමෙරිකාව මෙන්ම ඉන්දියාව ද පවසා ඇත.  



අදහස් (0)

ඉන්දීය ධීවර බෝට්ටුවකට ඇමෙරිකා නාවික හමුදාවෙන් වෙඩි ප‍්‍රහාරයක්

මධු Wednesday, 18 July 2012 01:12 PM

මෙයාල මොකටද එහෙ ගියේ ?

:       0       0

විරු Wednesday, 18 July 2012 10:31 PM

එක අතකින් හොද වැඩේ. දැන් අර ජයලලිත මොකද කියන්නේ? මෙන්න මරනවෝ කියල කෑ ගහනවානම් ඇහුනේ නෑ! නැත්නම් කියයි ලංකාවේ නාවික හමුදාව තමයි වෙඩි තිබ්බේ කියල කොහොමද මේ අය මුහුදු කොටින්ට මුහුණ දුන්නොත්! කෑලිවත් හොයා ගන්න බැරි වෙයි.

:       0       0

උපාලි Wednesday, 18 July 2012 11:30 PM

දැන් ජයලලිතයි, කරණානිධියි මේකට කරන්නේ මොකක්ද බලමු.

:       0       0

රොහාන් Thursday, 19 July 2012 12:03 AM

අනේ මන්දා, ඇමරිකන් කාරයින්ට තිබුණේ හින්දි වලින් අනතුරු හගවන්නනේ.මේ අයට වෙන මොලෝ දෙයක් තේරෙන එකක්යෑ.

:       0       0

ඩබ්.ඩබ්.ඩබ්. Thursday, 19 July 2012 01:06 AM

කොල්ලනේ යන්න ඒපා. ඔන්න ඇමරිකන් කරය වෙඩි තියනවා . ඔචිචර බය තිබුනොත් ඇති

:       0       0

වර්ණ Thursday, 19 July 2012 06:53 AM

ධීවරයන්ට වෙඩි තියපු ඉතාලි සොල්දාදුවෝ දෙන්න තාම හිරේ බලමු ඇමරිකන් කාරයින්ව ගෙනල්ල හිර කරයිද කියල ? නැත්නම් ඇමරිකාවට නකුට වනයිද කියල

:       0       0

ලොක්ක Thursday, 19 July 2012 10:34 AM

රොහාන්-ඉන්දියාවේ හැමෝම හින්දි අපි දන්නා තරම් වත් දන්නේ නෑ. දෙමළෙන් හරි මල්බෙරි වලින් හරි කිවුවා නම් හරි. ඔන්න දැන් අපිට පාට් දාන ජයලලිතයි, කරණානිධියි පුද්ගලිකව ගිහින් ඔබාමට දෙකක් ඇනල එයි.

:       0       0

ද සිල්වා Thursday, 19 July 2012 01:31 PM

ජයලලිතගේ කරුණානිධිගෙ කටේ පිට්ටුද? කතා කරන්නෙ නැත්තෙ.. ඇමරිකාව කොච්චර කට ගැහුවත් කළාමැදිරිඑළියටත් බයයි..!!

:       0       0

නිශාන්ත Thursday, 19 July 2012 07:07 PM

ජයලලිතා නිදිද?

:       0       0

ප්‍රබා Friday, 20 July 2012 03:51 AM

ඒ අය මක්ක කියන්නද එක කලේ අපේ හමුදාව යෑ . ඇමෙරිකාව ඒ කට්ටියගේ සුරපුරය නේ . ඉතින් ඕක අපි අමතක කරලා දාමු කියයි

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site