X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඉන්දීය නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙයි

ඉන්දීය නව අමාත්‍ය මණ්ඩලය අගමැති මන්මෝහන් සිං මහතා විසින් ඊයේ(28) ප‍්‍රකාශයට පත් කෙරිණි. ජනපති නිවහන වන රාෂ්ට‍්‍ර භවන්හිදී ඇමැති මණ්ඩලය දිවුරුදීමෙන් පසුව අගමැති සිං සඳහන් කළේ 2014 මහමැතිවරණය වන තුරු නව ඇමැති මණ්ඩලය කටයුතු කරනු ඇති බවයි. මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍යවරුන් අටදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොස් දෙනෙකු ද දිවුරම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ නව විදේශ ඇමැතිවරයා ලෙස සල්මන් කුර්ෂිඞ්(59) මහතා පත් කරනු ලැබ සිටියි. හිටපු විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණා සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුවට කුර්ෂිඞ් මහතා නම් කිරීමට අගමැති මන් මොහන් සිං මහතා පියවර ගත්තේය. පනස්නම වැනි වියේ පසුවන ඒ මහතා නීති සහ අධිකරණ, සුළු ජනකොටස් පිළිබඳ ඇමැතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළේය. නීතීඥයකු මෙන්ම ලේඛකයකු වන කුර්ෂිඞ් මහතා ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ ද සාමාජිකයෙකි. ඔහු ෆුර්කාබාද් ආසනය නියෝජනය කරමින් ලෝක් සභාවට පළමු වරට තේරී පත්ව ඇත්තේ 2009 මහමැතිවරණයේදීය. 1981 දී දේශපාලන දිවිය ආරම්භ කළ කුර්ෂිඞ් ඉන්දීය හිටපු අගමැති ඉන්දිරා ගාන්ධි රජයේ අග‍්‍රාමාත්‍ය කාර්යාල විශේෂ රාජකාරි බාර නිලධාරියකු ලෙස ද කටයුතු කර ඇත. මේ අතර ඉන්දීය රජයේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරමින් තවත් ඇමැතිවරු අට දෙනෙක් අලූතින් පත් කරනු ලැබ සිටිති. අශ්වානි කුමාර්(නීති), රහ්මන් ඛාන්(සුළු ජනකොටස්), අජේ මකේන්(නිවාස), දිනේෂා පටිල්(පතල්), පල්ලම් රාජු(මානව සම්පත් සංවර්ධන), හරිෂ් රාවට්(ජල සම්පත්), චන්ද්‍රේෂ් කුමාරි(සංස්කෘතික), පවන් කුමාර් බන්සාල්(දුම්රිය) ඔවුහු ය. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ති‍්‍රණමූල් පක්ෂය කොංග‍්‍රස් පක්ෂ රජය සමඟ පැවැති සන්ධානයෙන් ඉවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ දුම්රිය ඇමැති ධූරයට පවන් කුමාර් බන්සාල් පත් කෙරිණි. පසුගිය කාලසීමාවේදී ගල් අඟුරු පතල්වලට ටෙන්ඩර් කැඳවීමේදී සිදු විණැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ රජයට දිගින්දිගටම චෝදනා එල්ල වන්නට විය. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වූ අගමැති මන් මෝහන් සිං සහ ජනපති ප‍්‍රනාබ් මුඛර්ජි නව ඇමැතිවරුන් සමඟ



අදහස් (0)

ඉන්දීය නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙයි

ලංකා Tuesday, 30 October 2012 11:34 AM

මදි මදි ඔහොම කොහොමද රටක් ගෙනියන්නේ. ලංකාවෙන් ඉගෙන ගන්න ආශ්චර්‍යමත් ඇමති මණ්ඩලයක් හදන විදිය (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 31 October 2012 09:31 PM

ඉන්දියාව ලංකාව පාලනය කරන කාලයක මෙවැනි ඇමති මණ්ඩලයක් දකින්න පුලුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site